
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ව්‍යසනකාරී අවස්ථාවේ කිසිම දේශපාලන උවමනාවක් වෙනුවෙන් මිනිසුන්ගේ මනෝභාවයන් වෙනස් නොකරන ලෙස ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රීනී නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙන්ම කොත්මලේ විපතට පත් ජනතාව පිළිබඳව සිහි කරමින් ඇය මෙහිදී හැඬුම්බරව කතා කළාය.
"මහ පොළොවට බරක් නැති මහ පොළොව සමග අති විශාල කාර්යභාරයක් කළ අපේ අහිංසක මිනිස්සු විශාල ප්‍රමාණයක් මේ ස්වභාවික ව්‍යසනය නිසා ජීවිත පරිත්‍යාග කර තිබෙනවා.නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත සහ නුවරඑළිය ආසනයේ අති විශාල පිරිසක් අවතැන් වී සිටිනවා.රජයක් ලෙස ඔවුන් සියලු දෙනා බලාගන්න ගන්න අප සූදානම්.කොත්මලේ නැගෙනහිර කලාපය ඉතිහාසයේ දැවැන්තම ව්‍යසනයකට මුහුණ දී සිටිනවා.ඔවුන්ගේ ජීවිත ඉතාමත් අඩියට වැටිලා.අප සියලු දෙනා එකතු වී ඔවුන් නගා සිටුවිය යුතුයි.ඇතැම් අය කොත්මලේ මිනිස්සුන්ගේ ව්‍යාකූල මානසිකත්වය තව තව ව්‍යාකූල කරනවා. ඒක කරන්න එපා.යනුවෙන්ද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන මොනවා කරන්න බැරි වුණත් හොටු පෙරාගෙන අඬලා රඟපාන්න නම් දක්ෂයි. කතානායක ඇඬුවා, හිච්චි අබේ ඇඬුවා, අනුර කොච්චරවත් කෙඳිරි ගානවා. ඕවාට ජනතාව අන්දන්න බෑ හලෝ. වැඩ කරලා පෙන්වන්න...
කෞෂි, අඩන්නේ විපක්ෂයේ අය, රජය වැඩ කරනවා, හම්පඩ චැනල් බලන අයට නම් පේන්නේ ඇදේට තමයි, වෙන කවදාවත් නැති විදියට මේ ව්‍යසනය කළමනාකරණය වෙනවා... හොරාකාපු අයට නම් ඇඩෙනවා.
අඩන්න එපා... තියෙන දේපලවලින් පුළුවන් භාගයක් දෙන්න...ඊට පස්සේ කැමැතිනම් අඩන්න.
වැඩ කටයුතු කරනවා හැබැයි හිරුට හොරෙන් වගේම දෙරනට නොදැනෙන්න.
නුවරඑළිය අපජාල හා වර්ෂා ජලය ගාලා යාමට විදිමත් පද්ධතියක් හදන්න. විදෙස් රටවල් වල ඉන්ජිනේරුවන්ගේ සහාය ගන්න.
විපක්ෂය සහ ද්‍රෝහී බලවේග කවදාවත් හිතුවේ නැහැ. මේ රජය මේ විපත්ති වලට මුහුණ දුන් ජනතාවට මේතරම් සහන ලබාදේවි කියලා.. රජය හැකි උපරිම සහන ලබාදෙනවා... මේක රාජපක්ෂ ජඩයින් හපයක් කරපු රටක්.. මේ තරමින් හෝ මෙසේ ජනතාව වෙනුවෙන් බැලීමට හැකියාවක් නැතුව මෙහෙම කිරීම ප්රාතිහාර්යක්... දැන් තියෙන්නේ හොරු නැති ආණ්ඩුවක්...
දූෂිත හොර පව්ලක්, වටේටම හිටපු පට්ට හොරු මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්ති කරලා විනාශම කරපු රටක්. ජනතාවාදී අදූෂිත නායකයා අපේ රට ගොඩනගන බව අපිට පැහැදිලියි. අපි සැමදා මාළිමාව සමගයි...
ඇත්තටම මෙයාලා අඩන්න විතරයි දන්නේ...