(ගයාන් සූරියආරච්චි සහ රංජිත් රාජපක්ෂ)

ජාතික රාජ්‍ය සභාවේ සංවර්ධන අධිකාරිය පනත උල්ලංඝනය කර රජයට අයත් ඉඩමක් සදහා ඉදි කිරීමේ සැලසුමක් අනුමත කල බව කියන නුවරඑළිය ප්‍රාෙද්ශීය සභාවේ සභාපතිවරයා අද (7)  අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකරමින් 2021 වසරේදී එම සැලසුම අනුමත කර තිබූ අතර ඒ සදහා අයැදුම්කළ පුද්ගලයාට වාසියක් වන පරිදි කටයුතු කිරීම මගින් දූෂණය නැමැති වරද යටතේ අත්අඩංගුවවට ගත් බව එම කොමිෂන් සභාව කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.