විනීතා එම් ගමගේ
නුවරඑළිය නගරයේ පොදු වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ඒකකය පියවර ගෙන ඇත.
දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිවන මෙම වැසිකිලි පද්ධතිය ලෝක බැංකු ආධාර ඇතිව ඉදිවන බවත් මේ සඳහා රුපියල් ලක්ෂ 150 ක වියදමක් දැරීමට නියමිතය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ඉදිකෙරෙන පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍යංශ නියෝජිත පිරිසක් එම ව්‍යාපෘතියේ කළ නිරික්ෂණ චාරිකාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යංශ ලේකම් ඩී ජී එම් වී හපුආරච්චි මහතා මේ බව අනාවරණය කළේය.
ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2500 ක් වැය කිරීමට නියමිත අතර එම ව්‍යාපෘතිය කඩිනම් කිරීමට මෙම නිරික්ෂණ චාරිකාව යොදා ගත් බවත් ලේකම්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැසිකිළියට යන්නත් ලෝක බැංකු ආධාර ඕනෑවුුණා. අපොයි අපිට ගිය කලක්...
එහෙ මිනිසුන්ට දැන් ආහාර කෘත්‍යයට වඩා ඉහළින් ශරීර කෘත්‍යය හිතේ හැටියට කරන්න පුළුවනි. කොච්චර දෙයක්ද?
කොළඹ නගර සභාවේ ලක්ෂ 75 වැසිකිලියට වැඩිය හොද ඇති. වීවීඅයිපි ස්ටෑන්ඩර්ඩ් එකට හදයි වගේ.
හොඳ ප්‍රමිතියෙන් පවත්වාගෙන යනවා නම්, හිඟන්නන්ට කුඩු කාරයින්ට නිවාස පහසුකම් දීමක් නොවෙනවා නම්, අවට ගඳ ගස්සන තැනක් නොවෙනවා නම්, සාධාරණ ගාස්තුවකට වැසිකිලි, කැසිකිලි, ස්නානය වැනි පහසුකම් දිය හැකි නම් මේ මුදල් නාස්තියක් නොවෙයි.
නුවරඑළියේ ටවුමේ කිසිම පහසුකමක් නෑ. දවසකට පිටින් නුවරඑළිය බලන්න සෑහෙන්ඩ සෙනග එනවා ඒත් තියෙන්නේ වැසිකිළි දෙක තුනක් විතරයි. වික්ටෝරියා උද්‍යානය ඉස්සරහා තිබෙන වැසිකිලිය වහලා. ටවුමේ හැම තැනම ජරාව. කිසිම පිරිසිඳු කමක් නැති නගරයක් වෙලා
අනේ මන්දා මෙහෙම රටක්.
අපේ රටේ නගරවල අවශ්‍ය වැසිකිලි නැතිකම අඩුපාඩුවක් තමයි. ඒත් මේ සඳහා ලෝක බැංකු ආධාර අවශ්‍ය නැහැ. හැම වැසිකිලියකටම ලෝක බැංකු ආධාර ගන්න ගියොත් වෙන වැඩක් නැති වෙයි. කරන අය ගසා කෑවාට ඒවා ගෙවන්න වෙන්නේ අපිට. කොහොම වුනත් ලක්ෂ 150 නෙමේ 1500 වියදම් කරලා හැදුවත් ටික දවසක් යනකොට ඕක ඇපයක් වගේ වේවි. අපරාදේ සල්ලි වේවි. ඒ තරමට අපේ මිනිස්සු අශිලාචාරයි. කතාව නම් ලෝකෙම අල්ලන්න. අවුරුදු 2500 ක ඉතිහාසයක් ගැන. ඒත් හදල දෙන දෙයක් පාවිච්චි කරන්නවත් , නඩත්තු කරගන්නවත් , හරියට වැසිකිලි, කැසිකිලි යන්නවත් දන්නේ නැති නොදියුණු ජාතියක්.