අද පැවැත්වෙන 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන හාරසිය විසි තුනක ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අද උදෑසන 7 ට ආරම්භ විය.
තේ වතු ආශ්‍රිත ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වතු කම්කරුවන් අද උදෑසනම ඡන්දම ධ්‍යස්ථාන කරා පැමිණෙන අයුරු අපට දැකගන්නට ලැබුණි.
නුවර එළිය දිස්ත්‍රික්කයේ ලියා පදිංචි ඡන්දදායක සංඛ්‍යාව පන්ලක්‍ෂ තිස්හතර දහස් එකසියපනහකි. ඒ සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ දාහතරක් සහ ස්වාධීන කණ්ඩායම් නමයකට අයත් අපේක්‍ෂකයන් දෙසීය පනස් තුන් දෙනෙකු තරඟ වදිති. එයින් පාර්ලිමේන්තුවට ජයග්‍රහණය කරනු ලබන මන්ත්‍රීවරුන් අට දෙනෙකු තෝරා පත්කර ගනිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඡන්ද ටිකත් ගනියි නේද ? (නදී)