කඩා වැටී ඇති ගොවි ආර්ථිකය නංවන්නැයි කියමින් නුවරඑළිය ගොවි ශක්ති පදනම සහ ගොවීහු පන් දහසක් පමණ නුවරඑළිය නගරයේ අධිෂ්ඨාන පූජාවක් පවත්වති.
මහින්ද රාජපක්ෂ ජනපතිට යැවීම සඳහා නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතාට සංදේශයක් භාර දීමට ද නියමිතය.
කඩා වැටී ඇති ගොවි ආර්ථිකය නංවන්නැයි කියමින් නුවරඑළිය ගොවි ශක්ති පදනම සහ ගොවීහු පන් දහසක් පමණ නුවරඑළිය නගරයේ අධිෂ්ඨාන පූජාවක් පවත්වති.
මහින්ද රාජපක්ෂ ජනපතිට යැවීම සඳහා නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතාට සංදේශයක් භාර දීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙකුට නො ගැලපෙන දෙයක් තවත් කෙනෙකු විසින් කී විට, ඔහුගේ මොළය තිබෙන ඉසවුව හොයන උකුණු මොළයක් තරම්වත් මොළේ නැති මිනිස්සු ඉන්නවානේ කියල මට හිතුනා. (අ)
ආණ්ඩුවට කඩේ ගියොත් බනිනවා. විපක්ෂයට කඩේ ගියොත් එත් බනිනවා. ඇයි ශ්‍රී ලාංන්කිකයනේ ඔබලාට මැදහත් සිතින් සිතන්න බැරි? (නදී)
නුවර එළියේ ගොවීන් තරම් කටුක පරිසරයක දුක් විඳින ගොවීන් ලංකාවේ කොහේවත් නැහැ. ඒ අයට සාධාරණයක් වෙනවා නම් හොඳයි. (ස)
අවුරුද්දට සැරයක් වෙළකට බැහැල රටට පේන්න මීහරක් දැක්කුවට ගොවීන්ගේ ප්‍රශ්න විසදෙන්නේ නැහ කියල මේවා වලින් පේනවා. (අ)
ගොවි ආර්ථිකය පමණක් නොවේ සමස්ත ආර්ථිකයම කඩා වැටිලා තියෙන්නේ. දැන් අපි නැවතත් ගෝත්‍රික යුගයට තල්ලු කරලා තියෙන්නේ. ගෙදරක කිසිම විදුලි උපකරණයක් පාවිච්චි කරන්න බැහැ. දරා ගන්න බැරි විදුලි බිලක්. තුන් වේල කාල ,අැඳලා හිටිය මිනිස්සුන්ට දෙවේලක්වත් කන්න විදියක් නැහැ. ළමයින්ට කිරි පැකට් එකක් අරන් දෙන්න කොච්චර අමාරුද. පාසල් වල ගුරුවරු නැහැ. ටියුෂන් ගාස්තු ගෙවා ගන්න විදියක් නැහැ. දැන් ඉතින් තවත් මේ ආශ්චර්ය ඉදිරියට පැවතුන හොත් අපටත් වෙන්නේ සිය දිවි නසාගන්න තමා. (ස)
දිසානායක - තුන්වේල හොඳට කාපු මිනිහෙක් ඔහොම කතා කියන්නේ නැහැ. ගෙවල්වල තියෙන විදුලි උපකරණ සෝබනේට පාවිච්චි කරන අයට විදුලි බිලේ ගැන වැඩි බව දැනෙනවා ඇති. ඒ උනාට දිසානායක කුඹුරේ ඉන්න ගොවියාගේ, කම්හලේ ඉන්න කම්කරුවාගේ ඉඳලා රට වැසි සියල්ලෝම මොබයිල් ෆෝන් පාවිච්චිකරන බවත්, ඒවාට ලොකු බිල් ගෙවන බවත් දන්නවද..? ඒ වගේම සුප මාකට් තියෙන හැම ගමකම නගරයකම සාමාන්‍ය කඩවල් වැහෙන තත්වයට එන්නේ මිනිස්සුන්ට මුදල් නැති නිසාද.? ගොවියෝ කෑ ගහන්නේ ගොවි ආරිථිකය නංවන්න කියලයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බදු වැඩි මිලට ගන්න කියන එකයි. පිටරටින් පාරිභෝගික දේවල් ගෙන්න එපා කියලයි. රජය එහෙම කලොත් දිසානායකලා මොකද කියන්නේ..? බඩුමිල ඉහල ගිහින් කියලයි. රුපියලේ අගය අඩු වැඩිවීම අනුව වෙනස් වන ආර්ථිකය මේ තත්වයෙන් හෝ තබාගෙන යාම ගැන අපි මුදල් අමාත්‍යංශයට ස්තුති කල යුතුයි. කුහක නොවී තත්වය තේරුම් ගෙන ලියන්න. (අ)
ගොවීන්ට දැන් ඉස්සරට වඩා හොඳයි. කීදෙනාද විරුද්ධව කෑ ගහන්නේ. වැඩි දෙනෙක් රජයේ ආර්ථික කළමනාකාරීත්ව පිළිඅරගෙන තියෙන්නේ.උෟව චන්දෙදි බලා ගතහැකි කවුද හරි කියල. (ස)
සුපර්මාර්කට් තියෙන තැන් වල කඩ වැහෙන්නේ ඒ කඩවල තියෙන බඩු වලට වඩා හොඳ තත්වයේ බඩු ඒ මිලටම සුපර්මාර්කට් එකෙන් මිනිස්සුන්ට ගන්න පුළුවන් නිසා.දුරකථන අද නැතුව බැරි උපාංගයක් වෙලා. එ්ක මිනිස්සුන්ගේ රැකියා පහසු කරලා. රටට දරා ගන්න බැරි විදියේ ණය අරගෙන අනවශ්‍ය මහා ව්‍යපෘති කලාම රටට වෙන සෙතක් නැහැ. ඊට වැඩ අඩු වියදමෙන් රටේ තියෙන ගමනාගමන ප්‍රශ්න,යටිතල පහසුකම් නංවන ක්‍රම උගත් මිනිස්සු ආණ්ඩුවට පෙන්වල තියෙද්දිත් රටේ සල්ලි නාස්ති කරන්නේ දේශපාලනය මඩිය තර කරන්න යොදා ගන්න සීමිත පිරිසක් විසින්. (ස)
ගිහාන් ඔය නිකන් ආණ්ඩුවට කඩේ යන්නේ නැති ව රටේ සිද්දවෙන දේවල් ගැන මීට වැඩිය තර්කානුකුලව හිතන්න (අ)
ලොයිඩ් මන් හිතන්නේ ගිහාන් වාඩිවෙන්නේ මොලේ උඩ...(අ)
ලොයිඩ් - මගේ මොළේ තියෙන්නේ ඔයාගේ මොළේ තියෙන තැනට වඩා ගොඩාක් උඩින් බව මතක් කර දෙන්නම්. වෙනත් විදිහකින් කියනවානම් මගේ මොළේ කොඳු ඇට පෙළට ඉහළිනුත් ඔයාගේ මොළේ කොඳු ඇට පෙලේ පහළිනුත් තියෙනවා. (දී)
මම ගොවි පවුලක පුතෙක්. මං රස්සාවට යනතුරුම මහපොළව සමග හැප්පුණු මහපොළවට ආදරය කරන ගොවියෙක්. ඒ නිසාම ගොවියන්ගේ ප්‍රශ්න හොඳින් දන්නවා. ඒ වගේම අපේ ගමේ මිනිස්සු එදා වගේම අදත් තුන්වේල වෙනසක් නැතුව කනවා. "රටට දරාගන්න බැරි ණය ගන්නවා...." කියන කතා කවුරුත් කියන්නං වාලේ කියන ඒවා බව මා කියන්නේ ඒ ගැන පිරිසිදුව දන්නා නිසා අවබෝධයෙන්. රටේ ගමනාගමනය සඳහා කිසිකලෙක නොවූ ලෙසින් මහා මාර්ග ඉදි උනේ නිකන් නොවෙයි. කිසිවෙකුට හිතාගන්නවත් බැරි අයුරින් අනාගත පරපුර වෙනුවෙන් දුරදර්ශිව කරන වැඩපිළිවෙල ගැන දන්නා උගත් දෙමාපියන් සහ උගත් දරුවන් කිසිකලෙක නොවූ අයුරින් තම අනාගතය කරා යන්නේ සතුටින්. මේවා නොදන්නා ඕලමොට්ටලයෝ, දේශපාලන වේදිකාවල කරන ක්‍රෝධ කතා අහලා කකුළු ගමනක යෙදෙනකොට ඒක ගැන කනගාටුවක් ඇතිවෙනවා. හිතට එකඟව කතාකරන්නේ කීප දෙනයි. (අ)
ගිහාන් ඔයාගේ මොලේ තියෙන්නේ කොයි පැත්තේද ? (නදී)
මම මේ කියන්නේ රටට ආදරය කරන අයට උදාහරණයක් පමණයි. "චීනයේ ලෝක ඔලිම්පික් ක්‍රීඩාව පැවැත්වුවා, එම ක්‍රීඩාංගනය සදහා එහි වැඩකටයුතු කිරීමට ප්‍රංශසයේ ඉතා ඉහලම ඉදිකිරීම් සුදුසුකම් ඇති ඉංජිනේරුවන් ඇතුලත් උනා. නමුත් චීන රජයෙන් එක නීතියක් පැනෙව්වා කිසිම යන්ත්‍ර සුත්‍රයක් ගෙන්න බැහැ කියලා. ඒ සදහා අවශ්‍ය සියලුම ශ්‍රමිකයන් චීනෙන් ලබාදෙන බවත් කිව්වා. සාකච්ඡා වට කිහිපයකින් ඔවුන්ට සිදුවුණා චීන බලධරයන්ගේ කීමට එකග වෙන්න. සියල්ල අවශ්‍ය දිනයට නිමකළා. චීනය කිව්වේ,ඔවුන් ඔවුන්ගේ යන්ත්‍ර සුත්‍ර ගෙනවිත් මෙහෙ වැඩ කරලා ඉවර වෙලා එක්කෝ ඒවා ගෙනියයි නැත්නම් මෙහෙ විකුණයි. අපේ රටට ලැබෙන දෙයක් නැහැ. මේ වැඩෙන් අපේ රටේ මිනිසුන් කි දාහක් මේ වැඩ වලට යොදවා අදායම් ලැබුවද, අන්න ඒ කයි රටට අවශ්‍ය!" නමුත් අපේ රටේ මෙහෙම දෙයක් කරයිද? රටෙන් වියදම් කරපු මුදල් රටටම ලැබුනා (නදී)