බාල වයස්කාර පිරිමි දරුවන් අපයෝජනය කළැයි සැකපිට නුවරඑළිය නියෝජ්‍ය නගරාධිපති තිස්ස සෙනවිරත්න අත්අඩංගුවට ගන්නා ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද නියෝග කළේය.
සැකකරු පොලිසිය මග හැර සිටිතියි පැමිණිල්ල ඉදිරිපත් කළ ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට දැන්වීය.
වෛද්‍ය පරීක්ෂණ සඳහා කොළඹ රැගෙන ගොස් සිටි දරුවෝ මව්පියනට භාර දෙනු ලැබීය.
ලබන 26 වැනිදා ඔවුන් උසාවියට ඉදිරිපත් කරන ලෙස දෙමාපියනට නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසන් මිනිසුන්ගෙන්.., දැන් පිරිමි දරුවෙක් වත් බෙර ගන්න බැරිද ඇයි!!! හත් වලාමේ මුන්ට දැඩි දඩුවම් දෙන්නේ නැත්තේ !!!!මොනවද මේ අපි අහන්නේ දකින්නේ නීතියක් කියල දෙයක් ලංකාවේ දැන් නැද්ද ...?(අ)
මොන අපරාදයක්ද මේ ළමා අපචාර වලට සම්බන්ද වෙන්නේ ආණ්ඩුවේ ප්‍රාදෙශීය දේශපාලනඥයින්නේ මෙයට ආණ්ඩුව නිශ්ශබ්ද නිතිය නැද්ද (අ)
මේ පළාත් සබා ඡන්දෙ ඉවර වුණහම මෙයට විරුද්ධව පියවර ගනීවි. මහජනයා ටිකක් ඉවසනවද? ඡන්දෙන් පස්සේ සේරම ප්‍රශ්න ඉවරයි. (නි)
අපේ මිනිස්සු තවත් උඩ දාගෙන ගිහින් මේ වගේ අයට ඡන්දෙ දෙනවනේ. දේශපාලුවෝ නෙමෙයි වැරදි මිනිස්සුයි වැරදි. (නි)
හිතන්න ඇති පිරිමි ළමුන් නිසා ප්‍රශ්නයක් නැහැ කියලා. (නි)
පිරිහීම ටිකෙන් ටික වැඩිවෙනවා. රෙද්ද අස්සේ නයි දාගත්තම කනවෝ කනවෝ කියන්නේ ඕකට තමයි (නි)
සංජිව ඔබ හරි. නමුත් චන්ද්‍රදාස මහත්තයෝ, කොහොමද එහෙම වෙන්නේ? ඒ අයමනේ ආපහු අපි පත් කර ගන්නේ. ඒ ඇවිල්ලත් කරන්නේ ඔය ටිකම තමයි. නායකයාගේ දුර්වලකම නිසා කියා කියා හිටිය නිසා තමයි අපේ රටට මෙහෙම වුනේ. ලොක්කෝ හිතන්නේ ලංකාවේ ඉන්නන අපි මොනවා කළත් මෙහෙම අයව පිළිගන්නවා කියලා. එහෙම නේද? (නි)
හිරගෙදරදී අපි එයාව මගුල් පොකුණින් නාවලා ගනිමු (නි)
මෙයාව ගස් බදින්නනේ වටින්නේ කරලා තියෙන වැඩෙ හැටියට (නි)
තව ටික දවසකින් ඇතුලට ගිහින් එලියට ඒවි අහිංසක මිනිහෙක් විදිහට (නි)
චන්දි, ගැහැණු ළමයින්ට වඩා පිරිමි ළමයි මේ විදියට නරුමයින්ට බිලිවෙන්නේ අද ඊයේ ඉඳලා නෙමේ. වෙනසකට තියෙන්නේ ගැහැණු ළමයෙක්ට කරදරයක් වුණු වෙලාවක වගේ සිද්ධිය වැඩිය එලි නොවෙන එක විතරයි. සමහර විට ගැහැණු ළමුන්ට වඩා මේ විදියට විනාශ වෙන්නේ වැඩියෙන්ම පිරිමි ළමයින්. ඒ නිසා දෙමවුපියොත් තමුන්ගේ දුවලා ගැන ඇහැ ගහගෙන ඉන්න තරමටම පුතාලා ගැනත් සෝදිසියෙන් ඉන්න ඕනෑ. ඒ වගේම මේ වගේ අසමජ්ජාති වැඩ කරන නරුමයින්ට උපරිම දඬුවම් දෙන්න වගකිවයුත්තෝ කටයුතු කරන්නත් ඕනෑ. නැත්නම් ඉදිරියටත් මේ විදියට අහිංසක අසරණ ළමයි අමාරුවේ වැටෙන එක වළක්වාගන්න බැරි වේවි. (නි)
අපේ අය උද්ගෝෂණ එහෙම කරන්නේ නැද්ද? (නි)
චන්දි, සරත්, ඔබ අහන ප්‍රශ්නය අපි රටේම ඉන්න, යුක්තිය බලාපොරොත්තුවන සියලුම පුරවැසියෝ අහනවා. නමුත් පිළිතුරු නැහැ. දේශපාලන අනුග්‍රහය තිබෙන තාක් කල් නීතියට පිටින් යන්න බලපත්‍රයක් තිබෙන බව මොවුන් දන්නවා. අපි ඉතින් බලාගෙන ඉඳිමු. (නදී)
මේන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්.ජයවේවා (අ)
මේවට මට හිනා (අ)
අපේ සේනාව කොහෙද දන්නේ නැහැ (නි)