IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නුවරඑළි උප නගරාධිපතිට වරෙන්තු

බාල වයස්කාර පිරිමි දරුවන් අපයෝජනය කළැයි සැකපිට නුවරඑළිය නියෝජ්‍ය නගරාධිපති තිස්ස සෙනවිරත්න අත්අඩංගුවට ගන්නා ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද නියෝග කළේය.

සැකකරු පොලිසිය මග හැර සිටිතියි පැමිණිල්ල ඉදිරිපත් කළ ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට දැන්වීය.

වෛද්‍ය පරීක්ෂණ සඳහා කොළඹ රැගෙන ගොස් සිටි දරුවෝ මව්පියනට භාර දෙනු ලැබීය.

ලබන 26 වැනිදා ඔවුන් උසාවියට ඉදිරිපත් කරන ලෙස දෙමාපියනට නියෝග කැරිණි.



අදහස් (0)

නුවරඑළි උප නගරාධිපතිට වරෙන්තු

චන්දි Monday, 19 August 2013 04:38 PM

තිරිසන් මිනිසුන්ගෙන්.., දැන් පිරිමි දරුවෙක් වත් බෙර ගන්න බැරිද ඇයි!!! හත් වලාමේ මුන්ට දැඩි දඩුවම් දෙන්නේ නැත්තේ !!!!මොනවද මේ අපි අහන්නේ දකින්නේ නීතියක් කියල දෙයක් ලංකාවේ දැන් නැද්ද ...?(අ)

:       0       0

සරත් අතඩුව Monday, 19 August 2013 04:41 PM

මොන අපරාදයක්ද මේ ළමා අපචාර වලට සම්බන්ද වෙන්නේ ආණ්ඩුවේ ප්‍රාදෙශීය දේශපාලනඥයින්නේ මෙයට ආණ්ඩුව නිශ්ශබ්ද නිතිය නැද්ද (අ)

:       0       0

චන්ද්‍රදාස Monday, 19 August 2013 05:18 PM

මේ පළාත් සබා ඡන්දෙ ඉවර වුණහම මෙයට විරුද්ධව පියවර ගනීවි. මහජනයා ටිකක් ඉවසනවද? ඡන්දෙන් පස්සේ සේරම ප්‍රශ්න ඉවරයි. (නි)

:       0       0

සංජීව Monday, 19 August 2013 05:48 PM

අපේ මිනිස්සු තවත් උඩ දාගෙන ගිහින් මේ වගේ අයට ඡන්දෙ දෙනවනේ. දේශපාලුවෝ නෙමෙයි වැරදි මිනිස්සුයි වැරදි. (නි)

:       0       0

දර්ශන් Monday, 19 August 2013 06:23 PM

හිතන්න ඇති පිරිමි ළමුන් නිසා ප්‍රශ්නයක් නැහැ කියලා. (නි)

:       0       0

ජයසූරිය Monday, 19 August 2013 07:07 PM

පිරිහීම ටිකෙන් ටික වැඩිවෙනවා. රෙද්ද අස්සේ නයි දාගත්තම කනවෝ කනවෝ කියන්නේ ඕකට තමයි (නි)

:       0       0

රෝහණ Tuesday, 20 August 2013 10:18 AM

සංජිව ඔබ හරි. නමුත් චන්ද්‍රදාස මහත්තයෝ, කොහොමද එහෙම වෙන්නේ? ඒ අයමනේ ආපහු අපි පත් කර ගන්නේ. ඒ ඇවිල්ලත් කරන්නේ ඔය ටිකම තමයි. නායකයාගේ දුර්වලකම නිසා කියා කියා හිටිය නිසා තමයි අපේ රටට මෙහෙම වුනේ. ලොක්කෝ හිතන්නේ ලංකාවේ ඉන්නන අපි මොනවා කළත් මෙහෙම අයව පිළිගන්නවා කියලා. එහෙම නේද? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 20 August 2013 10:19 AM

හිරගෙදරදී අපි එයාව මගුල් පොකුණින් නාවලා ගනිමු (නි)

:       0       0

මහී Monday, 19 August 2013 08:23 PM

මෙයාව ගස් බදින්නනේ වටින්නේ කරලා තියෙන වැඩෙ හැටියට (නි)

:       0       0

රොෂාන් Monday, 19 August 2013 09:15 PM

තව ටික දවසකින් ඇතුලට ගිහින් එලියට ඒවි අහිංසක මිනිහෙක් විදිහට (නි)

:       0       0

මධුශාන් Monday, 19 August 2013 10:34 PM

චන්දි, ගැහැණු ළමයින්ට වඩා පිරිමි ළමයි මේ විදියට නරුමයින්ට බිලිවෙන්නේ අද ඊයේ ඉඳලා නෙමේ. වෙනසකට තියෙන්නේ ගැහැණු ළමයෙක්ට කරදරයක් වුණු වෙලාවක වගේ සිද්ධිය වැඩිය එලි නොවෙන එක විතරයි. සමහර විට ගැහැණු ළමුන්ට වඩා මේ විදියට විනාශ වෙන්නේ වැඩියෙන්ම පිරිමි ළමයින්. ඒ නිසා දෙමවුපියොත් තමුන්ගේ දුවලා ගැන ඇහැ ගහගෙන ඉන්න තරමටම පුතාලා ගැනත් සෝදිසියෙන් ඉන්න ඕනෑ. ඒ වගේම මේ වගේ අසමජ්ජාති වැඩ කරන නරුමයින්ට උපරිම දඬුවම් දෙන්න වගකිවයුත්තෝ කටයුතු කරන්නත් ඕනෑ. නැත්නම් ඉදිරියටත් මේ විදියට අහිංසක අසරණ ළමයි අමාරුවේ වැටෙන එක වළක්වාගන්න බැරි වේවි. (නි)

:       0       0

අර්ෂා Tuesday, 20 August 2013 01:24 PM

අපේ අය උද්ගෝෂණ එහෙම කරන්නේ නැද්ද? (නි)

:       0       0

UPALI Tuesday, 20 August 2013 01:10 AM

චන්දි, සරත්, ඔබ අහන ප්‍රශ්නය අපි රටේම ඉන්න, යුක්තිය බලාපොරොත්තුවන සියලුම පුරවැසියෝ අහනවා. නමුත් පිළිතුරු නැහැ. දේශපාලන අනුග්‍රහය තිබෙන තාක් කල් නීතියට පිටින් යන්න බලපත්‍රයක් තිබෙන බව මොවුන් දන්නවා. අපි ඉතින් බලාගෙන ඉඳිමු. (නදී)

:       0       0

පරාක්‍රම Monday, 19 August 2013 03:58 PM

මේන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්.ජයවේවා (අ)

:       0       0

උපුල් බණ්ඩාර Monday, 19 August 2013 03:59 PM

මේවට මට හිනා (අ)

:       0       0

ගජබා Tuesday, 20 August 2013 01:46 AM

අපේ සේනාව කොහෙද දන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site