මහනුවර මහ රෝහලේ 73 සහ 74 ස්නායු ශල්‍ය වාට්ටු දෙක තරු පහේ හෝටලයක් වැනිය.
ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්.ඩී.ලෙස්ලි සිරිවර්ධන මහතාගේ උත්සහයෙන් එය සංචාරක හෝටලයක් තරම් පිරිසිදුය, ප්‍රසන්නය.
එහි වැසිකිළි, කැසිකිළි ආදියේ සිට වාට්ටුවේ ඇඳන්, ලොකර් මෙන්ම කෑම මේසය දක්වා ඇත්තේ විශ්ෂ්ට නිමාවකි. වරත් දුටුවිට තව කිහිපවරක් බලන්නට හිතේ.
මෙම වාට්ටු වල පොළව හා බිත්තිද සුපිරි පිඟන් ගල් අතුරා ඔප දමා නිරන්තරව පිරිසිදු කැරෙයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලීත මහීපාල සහ මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්.කේ.රත්නායක මහත්වරුන්ද මෙම තත්ත්වය ඉහලින් අගය කළහ.
සිනමා නළු සනත් ගුණතිලක මහතා මෙම වාට්ටුවට පැමිණි අවස්ථාවක ලොග් පොතේ මෙසේ ලියා ඇත ‘‘ජීවිතයේ ප්‍රථම වරට රෝහලේ වාට්ටුවක් දකිනු වෙනුවට නැරඹුවෙමි. මේ තැන ඒ තරම්ම සුන්දරය‘‘
රෝගීන්ගේ මානසික සුවය හා තැන්පත්බව, මෙන්ම වෛද්‍ය , හෙද හා අනිකුත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට වඩා හොද මානසික තත්ත්වයකින් යුතුව කටයුතු කිරීමට සුදුසු උසස් පරිසරයක් ගොඩනඟා තිබීම ගැන වාට්ටු භාර වෛද්‍ය තුමන්ට බෙහෙවින් ස්තූතිවන්ත වන අතර, මෙම වාට්ටු දෙක මේ අයුරින් විශිෂ්ට ලෙස පවත්වා ගැනීමට සහාය දෙන වෛද්‍ය, හෙද, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයද අගය කරන බව වාට්ටු භාර හෙද සොහොයුරිය එම්.එම්.එච්.රංජනී මාරසිංහ මහත්මිය කියන්නීය.
ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්.ඩී.ලෙස්ලි සිරිවර්ධන මහතා පැවැසුවේ ගතානුගතික රෝහල් සම්ප්‍රදායෙන් බැහැරව, රෝගීන්ටද, කාර්ය මණ්ඩලයට මෙන්ම මෙම වාට්ටුවට යන එන්නන්ටද, මෙම වාට්ටු පරිශ්‍රය වඩා සුපිරිසිදු, සොඳුරු බවක් බවට පත් කිරීම සදහා තමන් දැරූ උත්සහයට රෝහලේ අනෙකුත් වෛද්‍ය,හෙද හා කණ්ෂ්ඨ කාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය එක සිතින්ම අගය කරන බවයි.
ස්නායු රෝගින්ගේ ඉක්මන් සුවයට වඩා හොඳ පිටුවහලක් වන යහපත්, සුවදායක, පරිසරයක් ගොඩ නැගීම සඳහා තම හිතවතුන්, සුවපත් රෝගින්, පරිත්‍යාගශිලින් විසින් පිරිනැමුණ රුපියල් කෝටියකට ආසන්න මුදලක් මේ සදහා වැය වූ බව වෛද්‍යවරයා කියයි.
මෙම තත්ත්වය රැක ගැනීම මෙන්ම ඉදිරියේදී මෙම වාට්ටු දෙක පවිත්‍රව තබා ගැනීම හා නඩත්තු කටයුතු සදහා කිසිවකු හා යම් ආයතනයක දායකත්වය අත්‍යවශ්‍ය බවද වෛද්‍ය සිරිවර්ධන අවධාරණය කරයි.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමාලි, නිකන් සවුත්තු කතා කියන්න එපා, ඒ මහත්තයාගේ උත්සාහයට ගරු කරන්න! කීයක් ගියත් එ්ක හොයාගත්ත එකම ලොකු දෙයක් නෙමෙයිද? (ස)
මේ වෛද්‍ය තුමාට ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුයි. (හේ)
හොඳ වැඩක් , හැම දෙනාම මෙහෙම වැඩ කළොත් අපේ රටත් ලෝකෙම ලස්සනම රට කරන්න පුළුවන් .(බ)
මෙහි පැමිණෙන රෝගීන් පින් කරන්න ඕනේ. මේ වගේ කාර්යය මණ්ඩලයක් ලැබීම ගැන.(හේ)
මේ වෛද්‍යතුමා රෝහලට වාසනාවක්! (නි)
කවුරු හරි මේ දේ පටන් ගත්තනේ.දැන් ඉස්සරහට මේ වගේ රෝහල් බිහිවෙයි.(හේ)
ගිලනුන්ට උපස්ථාන කිරීම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා හා සමානයි කියලයි උන්වහන්සේ දේශනා කෙළේ. මේ සඳහා දායකත්වය දැක්වු සියලු දෙනාට තෙරුවන් සරණි!!! මේ උතුම් ක්‍රියාවේ ආනිසංස උපදින භවයක් භවයක් පාසා ලැබේවි.(දිල්)
නුවර කෙනෙක් හැටියට අතිශයින් සතුටු වෙමි. මෙයට මුලිකත්වය දුන් සිරිවර්ධන වෛද්‍ය විශේෂඥ මහතාටත් අනෙකුත් අයටත් පින්සිදු වෙනවා. මෙතුමන් නොයෙකුත් අයගේ ආධාර ලබාගෙන මිස රජයේ මුදල් ඉල්ලා කරදර නොකර මෙම සියලුදේ කළ බව අසා තිබෙනවා. (නි)
මේ ගැන අපි අගය කරමු. ලංකාවේ වැඩි කොටසක් බුද්ධාගම අදහන අයයි. ඒ වගේම හැම ආගමකම රූප තියන්න ගියොත් තවත් ගොඩනැගිල්ලක් හදන්න වෙයි. රෝහලකට යන්නේ බෙහෙත් අරගෙන සුව වෙන්නයි. ආගම බේද සොයන්න නොවෙයි. (ස)
අපේ රට යන මේ ආස්චර්‍ය ගමනට වෛද්‍යවරුන්ගෙනුත් නොදෙවෙනි සහයක් ලබලා දෙනවා. (නදී)
දැක්කම අසා හිතෙනවා , කරාපිටියේ ඩොක්ටර් නිශාන්ත ගුණසේකරටත් මේවගේ දෙයක් කරන්න ලැබෙන්න කියලා යෝජනා කරනවා (දිල්)
පින් අත්වේවා ඔබට.! (ර)
අපිටත් යන්න පුළුවන් විදිහේ එකක්ද (දී)
අගය කරමි. නමුත් රාජ්‍ය ආයතනයක එක ආගමක් පිළිබිඹු කිරීම සුදුසු නැත. (ර)
මේ රෝහලට එන රෝගීන්ට ප්‍රතිකාර නොලබා සුව වෙන්න පුළුවන් ක්‍රමයක්.(හේ)
නුවර මේ වගේ වාට්ටු තව තියෙනවා. ආඩම්බර වෙනවා හදවතින් පළාතේ කෙනෙක් විදිහට. මගේ අම්මාගේ වකුගඩු රෝගය සුව කලේ මෙහි ඉන්න දෙවිවරු. ඔබලාට තෙරුවන් සරණයි! (ර)
නිර්මාණශිලි අදහසකින් වැදගත් නිර්මාණයක්.(හේ)
සුබ පැතුම්! (නි)
රෝගී සත්කාරයත් මේ වගේම උසස් නම් (අත් වැරදීම් අවම හා රෝගී ප්‍රතිකාර වල ප්‍රතිපල උපරිම) ඔබ තුමාට හා ඔබ රෝහලේ හා ඒකකයේ සහාය වූ සැමට ජාතියේම ප්‍රණාමය අනිවාර්යයෙන්ම හිමි විය යුතුයි. ඔබ තුමා අන් සියලුම වෛද්‍යවරුන්ට ආදර්ශයක්..(හේ)
මම මිට වසර 20 පමණ පෙර මෙම රෝහලේම අක්ෂි වාට්ටුව මේ අකරයෙන්ම දැක්ක. මට මතක හැටියට අක්ෂි වෛද්‍ය සීමන් මහතා. නීතියක් තිබුනා දිනකට ලෙඩ්ඩු බලන්න පුලුවන් එක පුද්ගලයකුට පමණි. දිනක් ලංකාවේ ප්‍රකට දේශපාලනඥයෙකුත් හරවල යැව්වා. ඔහු නීතියට ගරුකර එතැනින් ඉවත් විය. (බ)
වෙනස් දෙයක්.අගයන්න ඕනේ සියළුම කාර්ය මණ්ඩලය.(හේ)
ඇත්තෙන්ම ලංකාවේ රෝහල් බොහොමයක් දශක කීපයකට තිබුනට වඩා දැන් ඉතාම හොඳ තත්වයෙන් ගොඩනගා නිම කර තිබෙනවා. නමුත් ඒවා විනාශ කරන්නේ ඒවා පාවිච්චි කරන අයමයි. වැසිකිලි වල හැම තැනම මුත්‍රා කරලා, බුලත්කෙල ගහලා, ටැප් කඩලා, තමන්ගේ දේ පොළ විනාශ කර ගන්නේ තමුන්මයි. (නදී)
හිමින් හිමින් මුළු රෝහලේම වාට්ටු ඔය වගේ කරන්න.(හේ)
ලංකාවේ තියෙන මිහිපිට අපායවල් තමා ඉස්පිරිතාල කියන්නේ. ඉතින් මෙවන් සුන්දර දසුනක් දකින්න අපේ ඇස් පින්කළ එකම මදිද. පිරිසිදුකම පටන්ගන්න ඕන ගෙදරින්. සමහර කාන්තාවෝ ඉන්නවා මුළු දවසම රැ ඇඳුමෙන්. හැම කෙනෙක්ම පුරුදු වෙන්න ඕන නියම දේ නියම තැන තියන්න. කුණු දාන්න භාජන ලංකාවේ සෑම තැනකම තියන්න ඕන. ආශ්චාර්ය රටේ නායකයන්ට විතරක් කල හැකි දෙයක් නෙමේ. එය පටන්ගත යුත්තේ ජනතාව. සුබම සුබ දසුනක්. (නදී)
මෙම කාර්යයට මුලික වූ දොස්තර මහතා ඇතුළු සැමදෙනම ඉතාමත් ඉහලින් අගයමු.(හේ)
පාදඩ දේශපාලනය මෙරටින් තුරන් කර මහත්මා දේශපාලනයක් ස්ථාපිත කර සුදුස්සා ඉබේම නිසි තැනට පත් වන විට මුළු ලංකාවම මෙතරම් සුන්දර වෙයි. මෙම වාට්ටුව පිළිසකර කරන්නට මුලික වුන සියල්ලට නුවර කෙනෙක් හැටියට මම පින් දෙමි. (නදී)
ඇත්තටම ගොඩක් සතුටුයි (නි)
රටක ජනාධිපති වීමට සුදුසු පුද්ගලයෙක් (නදී)
මේ වගේ හැමෝටම හිතෙනවා නම් මොනවද කරන්න බැරි (නදී)
අතිවිශිෂ්ටයි වෙදැඳුරාණෙනි, ඔබට සහ ඔබ වැනි වෛද්‍යවරුන්ට දීර්ගායුෂ ලැබේවා! ඔබගේ කාර්ය මණ්ඩලයටත් දීර්ගායුෂ ලැබේවා! (නි)
ඇත්තටම හොද අදහසක් ක්‍රියාත්මක කරලා.හොද නිර්මාණයක්.(හේ)
නාස්තිය නැතිකර අනිත් රෝහල් ටිකත් මේ වගේ හදමු.(හේ)
අපිට භූගෝලීය ප්‍රශ්නයක් නැහැ.රට තුළ හොඳ දෙයක් කළොත් ඔවුන්ට උපරිම ස්තුති ප්‍රශංසා කරන්නෙමු. (නි)
ඔබ ඉතා පින්වත් පුද්ගලයෙක් බව අපට වැටහේ ........... ඔබට සුභ ප්‍රර්ථනා කරමි, (ස)
අනෙත් වාට්ටුත් මේ වගේ උනානම් (නදී)
මේ වගේ අය තවත් ලංකාවට බිහිවෙන්න ඕනෑ. හොඳ වැඩක්. ජය වේවා! මේ වගේ වැඩ මාධ්‍යයෙන් පෙන්වන්න ඕනෑ අපේ දේශපාලුවන්ට පෙනෙන්නත් එක්ක. (නි)
අනිත් වට්ටුත් මේවගේ වුනානම්!(හේ)
ඇත්තටම අදහගන්නත් බැ. අනිත් රෝහල් දැක්කම මේක හොටෙල් එකක් වගේ. දොස්තර මහතා ඇතුළු සියලු දෙනාටම ඉහලින් අගය කරමි. (ස)
ලොයිඩ් එක්ක මාත් එකඟයි. (නි)
ඔබ තුමාට මේ පිනම ඇති නිවන් දකින්නට . නුවර අපි ඔබ තුමාට ණය ගැතියි.(හේ)
නුවර කෙනෙක් නිසාත් මගෙත් රෝහල නිසාත් ගොඩක් ආඩම්බරයි. (ස)
ඇත්තටම ඉතා හොඳ දෙයක් වගේම කාලෝචිතව සිදුවිය යුතුදෙයක්. මෙවන් තැන් රැකගැනීම අපේ යුතුකමක්. මෙයට දායකත්වය දුන් සැමට ස්තුතියි (නි)
මෙතරම් පිරිසිදු, දැකුම්කළු වාට්ටුවක් දැක ගැනීමට ලැබීමත් ශ්‍රී ලංකාවේ අප සැමට ආඩම්බරයට කරුණක්. ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්.ඩී.ලෙස්ලි සිරිවර්ධන මහතාටත්, අනෙකුත් නිලධාරීන්ටත්, දායක වු සැමටත් පිං අත් වේවා.(දිල්)
මේ රෝහල නඩත්තුවටම කොපමණ මුදලක් යනවා ඇතිද?(හේ)
ඇත්තටම ලස්සනයි.(හේ)
මාරු මෙහෙම මිනිස්සු තමයි රටට ඕනේ.(හේ)
සුබ පැතුම් වත්මන් වෛද්‍යතුමනි, හොඳ දේවල් වලට ශක්තිය ලැබේවා!1993 පමණ දොස්තර සුනිල් පෙරේරා මහතා විසින් පටන්ගෙන දිනෙන් දින දියුණුවට පත්වීම ගැන, එදා වාට්ටුව පැමිණි අපිටත් සතුටුවිය හැකිය (නි)
අතිවිශිෂ්ට නිර්මාණයක්. මේ ආදර්ශය දේශපාලුවන්ට නොව අනෙකුත් දොස්තරලාටයි. මෙය ආදර්ශයට ගෙන අනෙක් වාට්ටු ටික හදන්න මේ රෝහලේ අනෙකුත් දොස්තරලාට ධෛර්යය ලැබේවා! (නි)
අවංකව වැඩක් කළොත් මේක තමා ප්‍රතිපලේ..(හේ)
මම මෙතනට ගියා. දොස්තර මහත්මයා හරිම ප්‍රසන්න පුද්ගලයෙක්. තමන්ගේ සේවක මණ්ඩලය පුහුණු කිරීම තුළින් රෝගීන්ට හොඳ සේවයක් වගේම කාරුණික සේවයක් ලබාදෙන්න උපරිම උත්සාහ ගන්නා පුද්ගලයෙක්. (නි)
නුවර මෙම රෝහල අන් අයට මහත් ආදර්ශයක් වනු ඇත .සැමට තෙරුවන් සරණ ලැබේවා . (හේ)
අළුත් නිර්මාණ දකින, මෙවැනි මිනිසුන් පස්සට ඇද නොදමා තව තවත් ඔවුනට ශක්තිය ලබාදෙන්න.මෙම මහඟු කාර්යයට උරදුන් ඔබසැමට අපගේ ස්තුතිය.! (නි)
අති විශිෂ්ඨයි. (ස)
ඔබතුමා හා ඔබගේ කාර්ය මණ්ඩලය ඉතාමත් වටිනා ආදර්ශයක් ලංකාවේ සියලු රෝහල් පද්ධතියට ලබාදීලා තියෙනවා. මේ සඳහා දායක වෙච්ච සියලු දෙනාම ඉතාම ඉහළින් අගය කරමි. (ර)
ටිකිරි, ඔයා හරි. කොච්චර හොඳට හැදුවත් අපේ මිනිසුන් ඒවා පාවිච්චි කරන විදිය දන්නේ නැහැ. ඒවගේ අයට දඩ ගහලා මේවා නඩත්තු කරන්න පාවිච්චි කරන්න ඕනෑ. (නි)
පිරිසිදුයි ලස්සනයි, හැම රෝහලක්ම මේ ආකාරයෙන් තිබුනොත් මොන තරම් වටිනවද? ලෙඩෙක්ට පළවෙනියෙන්ම තිබිය යුත්තේ මානසික සුවයයි. මෙවන් රෝහලකින් එය ඉබේම ලැබෙනවා.(හේ)
ලස්සන හදවතක් තියෙන,සතුටින් ජීවත් වෙන උතුමෙක් මෙවැනි අය 1000ක් හිටියොත් අපේ රටත් ජපානයට වඩා ලස්සනයි (හේ)
පොදු තැනක් නිසා සියලු ආගම් වලට තැනක් දුන්නනම් තවත් වැඩේ ලස්සනයි .(හේ)
මගේ තාත්තා අද ජිවතුන් අතර ඉන්නේ 73/74 කියන ඩොක්ටර් නිසා (බ)
අනිත් රෝහල් වලටත් හොද වැදගත් ආදර්ශයක්.(හේ)
අනෙකුත් වෛද්‍යවරුන්ට හොඳ ආදර්ශයක් (නි)
මුදලට වඩා මනුස්සකම උතුම් සිතු මිනිසෙක්. (ර)
අනෙකුත් සියලුම රෝහල් මෙය පුර්වාදර්ශයක් ලෙසට සලකා එම ස්ථානත් හැකි පමණින් පිරිසිදුව තබාගැනීමට උත්සුකවේවා. ඇතුලත පමණක් නොව පිටතත් රෝහල් පරිශ්‍රය පිරිසිදුව පවත්වාගෙන යාම ඉතාම වැදගත් වැඩක්.(හේ)
මනුස්සකම උතුම්. (ර)
පිරිසිදුකම ලස්සන පිළිවෙල දැක්කම හිතට දැනෙන සතුට කොයිතරම් ද?වෛද්‍යතුමනි ඔබතුමා අනිත් අයටත් දෙන්නේ යම් පණිවිඩයක් ටිකිරි ඔයා කියන දේ ඇත්ත.පිරිසිදුකම පිළිවෙල ගැන හැමදෙනාම හිතනවානම් අපේ දිවයින තවත් සුන්දර වේවි (බ)
ඇත්තටම අගය කළ යුතු කරුණක්.මගේ තාත්තා ස්නායු ආබාධයක් හේතුවෙන් මෙම වාට්ටුවේ රැඳී සිටියා බොහෝ කාලයක්. ජීවිතය බේරෙයි කියල හිතුවෙ නෑ. නමුත් නුවර රෝහලෙන් ලැබුණු සහයෝගයත් වෛද්‍යතුමාගේ කැපවීමත් නිසා අද හොඳ සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. ඒ දවස්වලත් මේ වාට්ටුව බොහොම පිළිවෙලකට පිරිසිදුව තිබුණ වාට්ටුවක් මහනුවර කාර්ය මණ්ඩලයට බොහොම පින් මේ ක්‍රියාවට (බ)
මෙවන් වෛද්‍යවරුන් ඉතා ඉහළින් අගයකරමි (නි)
ගොඩක් හොඳ වැඩක්. ඒත් අපේ මිනිස්සු මේවා ආරක්ෂා කරගනීද කියලා නම් විශ්වාස නැහැ (නි)
හරිම ලස්සනයි (නි)
ඔන්න ජාතියට වගේම ලෝකයටම ආදර්ශවත් සේවයක්, වටිනාකමක්, ආඩම්බරයක් එක්කළ මිනිසුන් පිරිසක්. (නි)
ඔබතුමන්ලා සියලු දෙනාටම බොහෝ පින් සිදු වේවා. (ර)
සිත ඇත්නම් පත කුඩාද ? ආයෙත් වචන දෙකක් නැහැ. වාට්ටුවට ඇතුළු වෙන කොටම රෝගීන්ගේ ලෙඩවලින් භාගයක්ම සුව වෙනවා ඒකාන්තයි.(අ)
මෙවන් දිරිය ලක් පුතුන් සැමටම ආදර්ශයක්ම වේවා. (ර)
ඉතාම හොද වැඩක්. කරුණාකර කරාපිටියේ ළමා වාට්ටුවට යන්න (2 words ) තනිකරම අපායකි . මීයන් ලගින ළදරු ඒකකයක් එහි ඇත(අ)
හෙද වෙදකමත් මේ විදිහට වෙන්න ඕනා. එතකොටයි මේකේ මහගු පලය ලැබෙන්නේ. විශේෂයෙන්ම යටත් පිරිසෙයින් අස්ති රෝග (කැඩුම් බිදුන්) වාට්ටුත් මේ වගේ වෙන්න ඕනේ. (නදී)
අගය කළයුතු දෙයක්.බෞද්ධ රටක බෞද්ධ ආගම සංකේතවත් වන අයුරින් පැවැත්මේ වරදක් මම දකින්නේ නැත. බුදුදහම තරම් මනස සුවපත් කරන්න පුලුවන් දහමක්ද නැත. (නි)
රාජ්‍ය සේවය අපේ රටේ තවම බලවත් එකට හොඳ සාක්ෂියක් මේ වාට්ටුව ආයතනක ආයතන ප්‍රධානිය හොඳ නම් ආයතනය හොදින් ක්‍රියාත්මක වෙනවා. වෛද්‍ය තුමනි ඔබ තුමා මේ දේ දිගටම කරගෙන යන්න ලබන ආත්මේ ඔබ තුමාට මේවට ප්‍රති උත්තර හම්බවෙනවා. (ර)
මේවා නඩත්තු කිරීමට අරමුදලක් හදන්න. අපිත් පුළුවන් විදියට උදව් කරන්න ලෑස්තී. (අ)
ප්‍රධාන රෝහල්වල අධ්‍යක්ෂ වරුන්ගේ සහයෝගය සහ වාට්ටුවල ප්‍රධාන වෛද්‍යවරුන්ගේ උවමනාව සහ සෙසු කාර්ය මණ්ඩල වල සහයෝගය තිබේ නම් බොහෝ රෝහල් වල මෙම තත්ත්වය ඇතිකළ හැක. මෙවැනි කාර්යයන් අවංක චේතනාවෙන් කරන්නේනම් ඒ සඳහා බොහෝ දානපතියන්, සුවය ලැබූ සමහර රෝගීන්, වෙනත් සංවිධාන ඉතාම කැමැත්තෙන් දායක වෙනවා. (බ)
නියමයි. (ර)
මා මෙම ලිපිය සම්බන්ධයෙන් මගේ අදහස් දක්වන්නේ කැනඩාවේ සිටය .මා පසුගිය දිනක ටොරොන්ටෝවේ මහා රෝහලේ ප්‍රතිකාර ලබන අප හිතවතියකගේ සුවදුක් බැලීමට කැනඩාවේ වෛද්‍ය සේවයේ නියැලී මගේ දියණිය සමග ගියා . එම රෝහල් ගොඩනැගිල්ලට පිවිසෙන විට අප යන්නේ ටොරෙන්ටෝවේ තරු පහේ හෝටලයකටද යන්නත් යටත් පිරිසෙන් අපේ රටේ පුද්ගලික රෝහල්වලවත් අනාගතයේ මෙම පහසුකම් සැලසේද යන්න සිතා එම රෝහලේ පස්වන මහලේ ප්‍රතිකාර ලබන අප හිතවතියව බලන්න ගිය විටද රෝගීන්ට සලසා ඇති පහසුකම් දැක එම හැගීමම මට ඇතිවුණා..මෙම සත් ක්‍රියාවට දායකවූ දානපතින්ටත් කාර්යමණ්ඩලයටත් සියලුම රට වැසියන් වෙනුවෙන් මගේ ප්‍රණාමය පුදමි.(අ)
අති විශිෂ්ටයි. අනෙකුත් වෛද්‍යවරුන්ට හා කාර්්‍යමණඩලයට හොඳ ආශිර්වාදයක්. (ර)
අති විශිෂ්ටයි අනිකුත් වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩල වලට හොද ආදර්ශයක් (බ)
ඉතාමත් ශේෂ්ට ක්‍රියාවක්, (ර)
අපේ රටේ නාස්තිකාර දේශපාලනය නැත්නම්, මැති ඇමතිලට දෙන දීමනා නැතුව මාසික පඩිය රු,25000ක් කළානම් මුළු ලංකාවම මෙහෙම කරන්න තිබුනා (නි)
ලංකාවේ හැම රෝහලක්ම හොඳට හදල තියෙන්නේ, අපේ මිනිස්සු තමයි විනාශ කරන්නේ (බ)
ඕනෑ කම සහ කැපවීම තියනවානම් කරන්න බැරි මොනවද? (හේ)
මේ ක්‍රමය හොද වැඩක්.(හේ)
වෛද්‍යතුමනි, ඔබ ඇතුළු රෝහල් සේවක සේවිකාවන් අනෙකුත් රෝහල් වලට උතුම් ආදර්ශයක්ම වේවා! (නි)
මේ වගේ රෝහල් තව දෙක තුනක් හැදුවානම් ඇත්තටම ලස්සනයි.රෝගීන්ගේ මානසික සුවයත් ලැබෙනවා.(හේ)
හරිම ලස්සනයි (නි)
අහිංසාවාදී දර්ශනයක් ලොවට කියාදුන් උතුමකුගේ පින්තුර සහ පිළිම වහන්සේ ගේ දර්ශන හිබුනම කොතරම් සුන්දරද , බෙනට් මහතා මේ ස්ථානය කලාගාරයක් නොවේ (නදී)
මෙම සත් කාර්යයට මුලිකත්වය දුන්, උපකාර කළ, සියලු දෙනාටම පින් ලැබෙන්න ඕනි. මේ දේවල් ඉදිරියටත් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.(හේ)
වෛද්‍යතුමාට සහ කාර්ය මණ්ඩල පිරිසට පින්. ඔබතුමන්ලාගේ දෙමාපිය ගුරුවරුන්ටත් පින්! (නි)
මෙම සත් කාර්යයට මුලිකත්වය දුන්නාවූද උපකාර කලා වූද සියලු දෙන නිදුක් වේවා නිරෝගී වේවා සියලු දෙව් රැකවරණය සැලසේවා...! මේ ගෞතම බුදුසසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝද වීමට මෙම පුණ්‍ය කර්මය හේතු උපකාර වේවා.........!....සාදු....!සාදු......!සාදු.....! තෙරුවන්සරණයි ....! (ස)
ඔබ තුමාට මේ පිනම ඇති නිවන් දකින්නට . අපි ඔබ තුමාට ණය ගැතියි. අවවාදයට වැඩිය ආදර්ශය ක්‍රියාවෙන්ම පෙන්වාදුන් ඔබට සහ ඔබගේ පවුල් වල අයටත් නිදුක් නිරෝගී සුව අත්වේවා. (ස)
ඔබ තුමාට බොහෝ පින් හි්ත ඇත්නම් කළ නොහැක්කක් නැත. සියලු නිලධාරින්ට මෙවන් පහන් සිත් ඇතිවේවා !! (හේ)
උගත් බුද්ධිමත්කම කියන්නේ මෙන්න මේකටයි.මේ රටේ දේශපාලනයට නියම සුදුස්සෝ ඇත්තේ වෙනත් වෘත්තීය අංශවල බවයි මගේ හැඟීම. මොවුන් ඉදිරියට ගෙන ඒමට හැකිනම්.... (නි)
ඇත්තට මේ වගේ දෙයක් රෝහල් කාර්ය මණ්ඩලයට පමණක් තනිවම කිරීම සහ පවත්වාගෙන යාම අපහසුය, සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාවත් රෝහල් පිරිසිදුව හා අලංකාරව පවත්වා ගැනීමට උනන්දු විය යුතුයි. සමහර රෝහල් වලට ගියාම දකින්නට ලැබෙන දෙයක් තමයි තැන තැන බුලත් කෙළ ගැසීම එවැනි දේ නැතිව මෙවැනි තැන් ආරක්ෂා කැර ගැනීම අපේ යුතුකමක් (දිල්)
අනුන්ට බැන බැන ඉන්නවට වඩා, ඒ හැමෝටම ඉගෙන ගන්නට මෙවැනි දෙයක් කිරීම මොන තරම් යහපත්ද, (දිල්)
නිර්මාණශිලි අදහසක්.අගය කළ යුතුයි.(හේ)
හැම රෝහලක්ම මේ වගේ තියනවා නම් මිනිස්සු පිටරට රෝහල් වලට යන්නේ නෑ. (හේ)
සුන්දර දසුනක්.මේ වගේ හැම රෝහලකම තිබ්බානම් හොදයි.(හේ)
කරුණා,රෝගීයෙකුගේ සුවය සඳහා මානසික සුවය අත්‍යවශ්‍ය කරුණක්.එයට ආගමික පිටුවහල වැදගත්. (දිල්)
හැම රෝහලකම අයට මෙහෙම හිතන්න පුලුවන් නම්.... (නි)
ඇත්තටම හිතා ගන්න බෑ. ඒ තරමටම පුදුමයි. වෛද්‍යවරුන්ගේත් කාර්යය මණ්ඩලයත් ලොකු කැපවීමක්. මේ වගේ මිනිස්සු තමයි රටට ඕන. (හේ)
අවවාදයට වැඩිය ආදර්ශය ක්‍රියාවෙන්ම පෙන්වාදුන් ඔබට සහ ඔබගේ පවුල් වල අයටත් නිදුක් නිරෝගී සුව අත්වේවා! (නි)
මේ තරම්ම නැතත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ 76 සහ 77 වාට්ටුත් මේ හා සමාන තත්ත්වයක තියෙනවා. අනිත් වාට්ටුවලට සාපේක්ෂව ඇඳන් සහ නාන කාමර සුපිරි තත්වයකින් සහ වාට්ටුවට පුස්තකාලයක්ද සතුයි.(හේ)
ඔබතුමා දෙවි කෙනෙක් වගේ උතුම් මනුස්සයෙක් ගොඩාක් පින්. (අ)
බොහෝ සංවර්ධිත රටවල රෝහල් ඔය වගේ තමයි.රෝහලක නවතින්න සිදුවුනාම දැනෙන මානසික පීඩනය අවම වීම ලොකු සහනයක්.(හේ)
ඔබට හා ඔබේ කාර්ය මණ්ඩලයට මෙය දකින හැමෝම කරන ආශීර්වාදය පමණක් ඇති. වෙන පින් දහම් කිරීමට උවමනා නැත "එකට එකතු උන දෙවිවරු ගොන්නක්" (ස)
අනෙක් වාට්ටු වලටත් මෙහෙම උත්තමයෝ පහළ වෙනවා නම් කොයිතරම් හොඳද? (නි)