මහනුවර පාර අද්දර වේවැල් කර්මාන්තයේ යෙදෙන එම ගම්මානයේ පිරිස් වේවැල් කර්මාන්තයට කණකොකා හඩලන බව කියති. දේශපාලන බලපුළුවන්කාරයින්ගේ බලය නිසා දශක ගණනාවක් පැරණි වේවැල් කර්මාන්තය අතහැර බොහෝ පිරිස් මහා මාර්ග දෙපාර්තමේන්තුවේ අත් උදව් කරුවන් සේ රැකියා කරන බව වසර තිස් පහක් පුරාවට වේවැල් කර්මාන්තයේ යෙදෙන සෝමපාල කරුණානායක මහතා පවසයි. වේවැල් කර්මාන්ත සමිතියේ හිටපු සභාපතිවරයෙක් වූ සෝමපාල මහතා එසැණ සමග මෙසේ පැවසිය.
අපිට රජයෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඉස්සරනම් ජාතික ශිල්ප සභාවෙන් සුළුවෙන් හෝ උදව් කළා. මෙයට පෙර මෙම ග්‍රාමයේ වේවැල් නිපැයුම් කඩ 100ක් විතර තිබුණා. අද වෙනකොට තියෙන්නේ කඩ 50ක් විතරයි. මේ කර්මාන්තයේ දහසකට වැඩි පිරිසක් සේවය කළා. ගොඩක් අය දැන් මේ කර්මාන්තය අතහැරලා පාරේ වැඩට යනවා. මේ වේවැල් භාණ්ඩ වල මිල වැඩියි කියලා බොහෝ අය කියනවා. අසරණ අපි මොකද කරන්නේ? වේවැල් ප්‍රවාහනයට බලපත්‍රයක් ඉල්ලුවාම රජයෙන් අපිට ඒක දෙන්නේ නැහැ. ඒවා දෙන්නේ දේශපාලන හෙන්චයියන්ට. මනම්පිටියෙන් ගේන අඩි හයක හින් වේවැලක් අපි ගන්නේ රුපියල් හයට. මොනරාගල බිබිල මාතර දෙනියාය වැනි නගරවලින් ගෙනෙන අඩි 15ක ලොකු වේවැලක් අපිට දෙන්නේ රුපියල් 150ත් 200ත් අතර මිලකට. දේශපාලන හෙන්චයියන් රුපියලකට එකයි පනහකට ගන්න වේවැලක් වෙළෙන්ඳන්ට දෙන්නේ රුපියල් හතරකට. වෙළෙන්ඳා අපිට දෙන්නේ රුපියල් හයකට. අපිට වේවැල් ප්‍රවාහනයට බලපත්‍ර දෙනවා නම් මේ භාණ්ඩවල මිල ගොඩක් අඩුවෙයි. අපි රජයෙන් කරුණු තුනක් ඉල්ලනවා හොඳ වෙළදපොලක් හදලා දෙන්න, වේවැල් ප්‍රවාහනයට බලපත්‍රයක් දෙන්න, වේවැල් පැල නොමිලේ ලබා දීලා ඒවා වගා කරන්න ඉඩ පහසුකම් සලසලා දෙන්න කියන ඉල්ලීම් තුන තමයි අපි ඉල්ලන්නේ. පැවති හැම රජයකටම අපි අපේ දුක කිව්වා. හැබැයි යහපාලන රජයට කියන්න හැදුවා විතරයි ආණ්ඩුව විසිරෙව්වා. ඉදිරියේදී පත්වෙන නව රජය හෝ අපේ දුක අහයි කියලා අපි හිතනවා. මම කියන්නේ දශක ගණනාවක් පැරණි මේ වේවැල් කර්මාන්තය වැළලිලා යන්න ඉඩ දෙන්න එපා. ඒක ජාතික අපරාධයක්.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව යහපාලන රජය, කරුණාකර මේ අසරණ පුද්ගලයින්ට පිහිට වෙන්න (නි)
මහන්සිවෙන මිනිහාට තැනක් නැහැ. අතරමැදියට තමයි ඔක්කොම (නි)
රජය, විපක්ෂය සහ රාජ්‍ය නිලධාරීන් මේවාට වගකිව යුතුමයි (නි)
ඇයි මැදපෙරදිග විතරක්? ඇමරිකාවෙත් ගොඩක් අය ළඟ වේවැලක් බොහෝවිට තිබෙනවා (නි)
අපිට මේවා ලොකු නැති වුණාට පිටරටවල මෙම වේවැල් නිෂ්පාදන ඉතා ඉහළ අගයකට විකුණන්න පුළුවන්. විශේෂයෙන් මැද පෙරදිග. අපේ දේශපාලකයො තමයි මේවට වගකියන්න ඕනෑ (නි)
සමහර වේව්ල් නිෂ්පාදන ගෙදර අරන් යනකොට මගදී කැඩෙනවා. ඒ නිසා නැවත මිළදී ගන්නේ නැහැ. ඒ ගැනත් බලන්න (නදී)
රටේ සැම නිෂ්පදනයකටම වෙලා තියෙන්නේ ඔය දේමයි. එ්කට අනිවාර්යෙන්ම වග කියන්න ඕන දේශපාලනයමයි. රටේ පරිපාලනය තුලට දේශපාලනය මුල් බැහැල ඉවරයි. අවසාන ප්‍රතිපලය තමයි "දේශපාලන අතර මැදියන්" බිහි වීම. ජනතා මුලික අවශ්‍යතාවය වන අාහාර ද්‍රව්‍ය වලට වෙලා තියෙන්නෙත් ඕකමයි. ඕක තේරුම් ගත්තු පක්ෂ- පාට වලින් තොර පාලකයෙක් බිහි උනුදාට ජනතාව ජය ලබයි. තාම නම් පේනතෙක් මානෙකවත් නැහැ (නදී)
ඇත්තටම දුක හිතෙනවා මේවා දකිනකොට. ඒ වගේම මේ කර්මාන්තයෙන් දිවිගෙවන්න පුරුදුවුණ අය මොනවා කරන්නද? (නි)
දනුක කියන්න අපිට. අපි මැද පෙරදිගට අවස්තාවක් දෙනවා නම් අපි උදව් කරන්ඩ කැමතියි (නදී)
වේවැල් කර්මාන්ත පවත්වාගෙන යාමට රජයේ සහයෝගය බලාපොරොත්තුවෙනවා වගේම වේවැල් භාණ්ඩ නිෂපාදකයිනුත් මතක තබා ගත යුතු කරුණක් තමයි පාරිභෝගිකයින්ට විශ්වාසය දිනා ගන්න විදියට ගුණාත්මක උසස් තත්වයේ භාණ්ඩ නිෂ්පාදනය කරලා විකුණන්ට. භාණ්ඩ හොඳ නැතිනම් වරක් ආපු පාරිභෝගිකයෙක් නැවත වරක් එන්නේ නැහැ (නදී)