වරකාපොළ කජුගම දී අද (23) අලුයම බසයක් හා පිටි පැටවූ කන්ටේනරයක්, මෝටර් රථයක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් 35 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මියගිය අය කවුරුන්දැයි හඳුනාගෙන නැතැයි පොලිසිය කියයි. කොළඹ සිට අනුරාධපුර බලා ධාවන කළ මගී බස් රථය ඉදිරියෙන් ආ කන්ටේනරයේ ගැටී තිබුණි. අනතුරින් පසු බසය මාර්ගය අසල නවතා තිබූ තට්ටු ලොරියක හේත්ත් වී අනතර වී තිබුණි. බසයට පිටුපසින් ආ ත්‍රිරෝද රියක්ද බසයේ ගැටීමෙන් එහි ආ දෙදෙනකු ද තිවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරන්ට නින්ද යාම නිසා සිදු වන අනතුරු ගැන කට්ටිය මොකද කියන්නේ? එ්කත් ආණ්ඩුවේ වැරැද්දද? දඩ ගහල පුළුවන්ද? (බ)
කොළඹ - නුවර පාරේ බස් රථ ගමන් කරන්නේ හරිම අපරික්ෂාකාරීව (නි)
නුවර පාර තරම් ජරාම පාරක් තවත් නැහැ. රියදුරන්ගේ මානසික ආතතිය වැඩිවීමක් මිස අඩුවීමක් නැහැ. නුවරට යනකොට බාගෙට මැරිලා. මම නම් ගෙදර වාහනේ නෙමෙයි යන්නේ කොළඹ - නුවර නගරාන්තර සීග්‍රග්‍රාමි දුම්රියේ. එ්ක ඇඟටත් හොඳයි හිතටත් හොඳයි (නි)
දඩ ගහන්න කලින් පාරවල් පුළුල් කරන්න ඕනෑ (නි)
100% එකඟ වෙනවා සරත්. එක්ක අපිත් ඊයේ නුවර ගියා. පැය ගානක් පාරේ. හැම එකටම දඩ ගහලා ප්‍රශ්න විසඳන්න බැහැ. (නි)
දවසින් දවසම මේවා වැඩිවෙනවා විතරයි (නි)
වාහන ගෙනවිත් රටේ පිරෙව්වාට, අලුතින් පාරවල් හැදුවාට, අලුතින් නීතිරීති හැදුවාට හරියන්නේ නැහැ. නීතිගරුක, විනීත රියදුරන් බිහි කරන්නට ක්‍රමවේදයක් හදන්න ඕනෑ. (නි)
අවුරුදු දෙකහමාරක් නිකන් කාලය ගතවුණා. නුවර කොළඹ අධිවේගී පාරට මොකද වුණේ? ඔය පමාව නොතිබුනා නම් මේ අනතුර වැළකී යාමට තිබුනා නේද? (නි)
ඔය තියෙන පාරේ යන විදිහට යනවා නම් හොඳටම ඇති. ඉස්සර කරගෙන යන්න නම් පාරේ ඉඩ මදි. මිනිසුන්ට පදික වේදිකාවක් තමයි ගොඩක් පාරවල් වල නැත්තේ. (නි)
විවේචන දාපු ගොඩක් අයට මේ රට ගැන අවබෝධයක් නැති පාටයි. ලංකාවේ අංක 1 පාරට අධිවේග මාර්ගයක් තිබිය යුතුයි. මෙවන් පාරවල් 1965 වගේ කාලවල කළා නම් අපේ රටේ අයගේ සිතුම් පැතුම් මීට වඩා වෙනස් වෙන්න තිබුනා. දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා කොතරම් පහසුවක් දැනෙනවද? ඒත් මේ ආණ්ඩුව එය ඉදිරියට ගෙනියන්න කිසිම දෙයක් කරනවා පෙනෙන්න නැහැ (නි)
සමන් එක්ක මම සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා. ඔය වාහන ලිස්ට් එකට යතුරුපැදිත් එකතුකළා නම් හොඳයි (නි)
පාර මැදින් බෙදුවා නම් මුහුණට මුහුණ ගැටෙන එක නැතිවෙනවා. ඒ කෙටිකාලීන විසඳුම. මංතීරු දෙක බැගින් පාර ලොකු කරගෙන එනවා නේද? රියදුරන්ගේ නොසැළකිල්ල. ඉවසීමක් නැතිකම. පාරට වාහනය ගත්ත ගමන් නලාව ගහගත්ත ගමන්. මෙලෝ සිහියක් නැතුව පාරපුරාම යනවා. කිව්වා වගේ කොන්ද පන නැති ආණ්ඩුවක්. මිනිස් ජීවිත බිලිගන්න දීලා නීති හකුලාගන්නවා. (නි)
25000 දඩය වහ බලාත්මක කරනු! රජය කොන්ද පණ ඇතුව වැඩ කළයුතුයි (නි)
සාර්ක් රටවල් අතුරින් රථ වාහන අනතුරු සහ එමඟින් මියයන සංඛ්‍යාව අතින් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ කුමන රටද? කියන්න කණගාටුයි! ශ්‍රී ලංකාව... එය 17.4%ක ප්රතිශතයකි. වර්තමානයේ මේ ප්‍රතිශතය තවත් ඉහළ අගයක් ස්පර්ශ කිරීමේ සම්භාවිතාව වැඩි විය හැක. (නි)
අනේ මම නම් කියන්නේ තව හය්යෙන් යමු. හප්පමු. නීති හදන අයට විරුද්ධව උද්ඝෝෂණය කරමු. නීති එළිදක්වන්න ඉඩ නොදෙමු. දූපත් මානසිකත්වයෙන්ම ජීවත්වෙමු. මිනිසුනේ, දැන්වත් ඇස් ඇරලා බලා නීති වලට අවනතවෙලා පරෙස්සමෙන් රිය පදවමු. තමන්ගේ එකෙක් මැරෙනකම්ම අපේ මිනිසුන්ට මේවා නිකන් ප්රවෘත්ති විතරයි. (නි)
රුපියල් 1,00,000ක් ගහලත් මදි මේ රියදුරන්ට (නි)
පාර පළල් කිරීමට විශාල වියදමක් යනවා නම් බර වාහන ඉස්සර කිරීමට කිලෝමීටර් තුන හතරකට වරක් හෝ තීරු දෙකක් වෙන් කිරීම (සෙමින් යන වාහන වලට වම් පස තීරුව වෙන්කර) තුළින් වාහන තදබදය අඩු වෙනවා පමණක් නොව රියදුරන්ගේ අසහනය අඩුකරවන්න පුළුවන්. (නි)
ලංකාවේ බොහෝ රියදුරන් තවම සුදුසු බර කරත්ත පැදවීමට පමණි (නි)
මේ ආණ්ඩුව කවුරුහරි ඇමති කෙනෙකුට රිය අනතුරක් වෙනකම් බලාගෙන ඉන්නවා ඇති දඩ මුදල් වැඩි කරන්න. සාමාන්‍ය ජනතාව රිය අනතුරු වලට භාජනය වුණාට ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැ. (නි)
මොන දඩ දැම්මත්, රටේ තිබෙන වාහන වලට සමානව මාර්ග සකස් වී නොමැත. මිනිසුන් මොනවා කිව්වත් තනි මං තීරුවල බස් රථ වලට යාමට එම මංතීරු පුළුල් නැත. ඔය ස්ථානයේ නිතර වාහන අනතුරු සිදුවේ (නි)
සරත්ගේ කීමට මම එකඟවෙමි. මන්දයත් මුහුණට මුහුණ අනතුරු අඩුවේවි. (නි)
හැමදාම මේ වගේ අනතුරක් වුණාම විතරයි හැමෝටම නීති වල අවශ්‍යතාව මතක් වෙන්නේ. මේ නීති දාලා විතරක් මදි, ඒවා හරියට ක්‍රියාත්මක කරන්න ඕනෑ, එ්කට වාහන එලවන අපිත් සහයෝගය දෙන්න ඕනෑ වගේම පොලිසියත් කෙලින් වැඩ කරන්න ඕනෑ (නි)
මේ ප්‍රතිචාර ඉහළ වගකිවයුත්තන්ට පෙන්වන්න හැකි නම්... (නි)
දඩ වැඩි කරන්න කලින් ප්‍රමිතියට පාරවල් ටික හදන්න. මම හිතන්නේ මෙතන අදහස් දාලා තියෙන අය නුවර පාරේ වාහනයක් එලවලා නැතුව ඇති. අනතුරක් වුණ ගමන් වාහන එළවන කෙනාගේ වරද තමා පෙනෙන්නේ. රියදුරන්ට වැරදි කරන්න වෙන්නේ පාරවල් හරියාකාරව නිසි ප්‍රමිතියට හදලා නැති හින්දා. නුවර පාරේ ඉස්සරහින් බර වාහනයක් ගියොත් ඉවරයි. පෝලිමේ පස්සෙන්ම යන්න තමා වෙන්නේ. (නි)
දඩ වැඩිකරන්න කලින් වාහන වලට සරිලන විදියට පාරවල් හදන්න ඕනෑ. සරත්ගේ කතාව හරි. අපේ රටේ පාරවල් වල වාහනයක් එලවලා බලන්න ඕනෑ තියන අමාරුව කොහොමද කියලා. නිකන් මතුපිටින් විතරක් බලන අයට නම් හිතෙන්නේ දඩ වැඩිකළාම ඔක්කොම හරි කියලා (නි)
නීතියට ගරුකරමින් මාර්ග නීති පිළිපදිමින් වාහන පදවනවා නම් මෙහෙම දේවල් වෙන්නෙ නැහැ (නි)
නුවර පාර තරම් රියදුරන් පීඩාවිඳින තවත් පාරක් ලංකාවේ නැතිතරම්. ලංකාවේ වැඩිම වාහන ප්‍රමාණයක් යන කොළඹ නුවර පාර තවම එක පැත්තකට තනි මං තීරුවක් වන පාරක්. හැකි ඉක්මනින් මෙම පාර පළල්කර එක පැත්තකට අවම වශයෙන් මංතීරු දෙකක් වත් දමන්න. දුර ගමන් රියදුරන් අවම වශනේ පැය 4ක්වත් එක දිකට සුක්කානමේ ඉන්නකොට ඔවුන්ගේ අවධානය නිතැතින්ම ගිලිහෙනවා. (නි)
තමුන් පැනවූ නීතියක් ක්‍රියාත්මක කරගන්නට කොන්ද පන නැති ආණ්ඩුවක්. 25000 දඩ නීතිය වහාම ක්‍රියාත්මක කළයුතුය. මිනීමරු බස්, ලොරි, ත්‍රීවීල් රියදුරන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළයුතුය. (නි)
සමන්, දඩ ගැසූ පමණින් මෙහෙම අනතුරු වළකිනවා කියලා හිතනවා නම් මෝඩකමක්. අනතුරු වලට බලපාන සාධක ගොඩක් තියෙන්න පුළුවන්. රියදුරන්ගේ වරද වගේම පාරවල් වල අඩුපාඩු, පාරවල් අවශ්‍යතරම් පුළුල් නොවීම, මානසික හේතු සහ වාහනවල කාර්මික දෝෂයන්, කාලගුණික සාධක වෙන්නත් පුළුවන්. (නි)
සමන් එක්ක මම සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා. ඔය වාහන ලිස්ට් එකට යතුරුපැදිත් එකතුකළා නම් හොඳයි. (නි)
ආණ්ඩුවට පාණ්ඩුව හැදිලා තියෙන්නේ, නීතිය හරියට ක්‍රියාත්මක කරගන්නවත් දැන් පණ නැහැ. (නි)
වහාම දඩ වැඩිකිරීම සහ නීති දැඩිකිරීම අත්‍යවශ්‍යයි (නි)
වාහන, අධිවේගී මාර්ග අනෙකුත් බොහෝ දේ වගේ බටහිරින් අපිට ලැබුණු සංකල්ප. ඒවා අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ වගේ දේවල් හැමදාම වෙන්නේ. අපිට ගැළපෙන්නේ අපේ සංකල්ප. (නි)
මුලින්ම මොවුන්ගේ විනය හදන්න ඕනෑ (නි)
දඩ වැඩි කළා කියලා අනතුරු නැතිවෙනවා නම් මත්කුඩු ලෝකේ කෙහෙත් නැතිවේවි. (නි)
බස් රථ රියදුරන්ට පුදුම හදිස්සියක්නේ තියෙන්නේ (නි)
නුවර පාර කියන්නේ එපාකරපු එකක්. මඟ දෙපස මාර්ගය අවහිර වෙන්න ඇති කැඩුණු වාහන සියල්ල ඉවත්කරන්න (නි)