මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (3) විවෘත කළේය. ඒ වෙනුවෙන් අද කඩවත පුවක්වැටියේදී මුල්ගල් තැබිණි. චීනයේ ශ්‍රී ලංකා තානාපති එජාප මහ ලේකම් කබීර් හෂීම් හා මහාමාර්ග ඇමැති එරාන් වික්‍රමරත්න යන මහත්වරුද එහි වූහ.
කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ මුල් අදියර කඩවත සිට මීරිගම දක්වාද, දෙවැනි අදියර මීරිගම සිට කුරුණෑගල දක්වාද තුන්වැනි අදියර කුරුණෑගල සිට මහනුවර දක්වාද ඉදි කෙරේ.
කඩවත, ගම්පහ, බලබෝව හා මීරිගම පිවිසුම් මාර්ග ඉදිකෙරේ.
කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය මුලින්ම යෝජනා කෙරුණේ 2002 දී එක්සත් ජාතික පක්ෂ රජයෙනි. මුළු දුර කිලෝමීටර් 98කි. මුල් පියවරේ දුර කිලෝමීටර් 37කි. කොළඹ සිට මහනුවර දක්වා යාමට දැනට පැය තුන හමාරක් ගතවන ගමන මිනිත්තු 50කින් යා හැකි බව නිලධරයෝ කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර දෙයක්ද රට සංවර්ධනය වෙනවා නම් (නි)
ජයවේවා! රටේ දියුණුව අපේ පැතුමයි (නි)