අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර රථවාහන පොලීසියේ සේවය කළ කල්‍යාණ රණසිංහ මහතා නමින් එහි වීදියක් නම් කැර ඇත.
වසරකට පමණ පෙර ඔහු හදිසි අනතුරකින් මියගියේය.සැබවින් ම ඔහු එපමණට ම යහපත් මනුෂ්‍ය යෙකි. හදිසියේ ඔහුගේ බිරිඳ ධම්මිකා කන්නන්ගර මහත්මිය සහ දුව දිමුතු රණසිංහ ඇමතූ නගරාධිපති බිල් ඩී බ්ලැසියෝ ඔවුනට දන්වා සිටියේ ඔහු වෙනුවෙන් පාරක් නම්කරන්නට නගරසභාව තීරණය කර තිබෙන බවයි.
එම පාර ‘කල්‍යාණ රණසිංහ වේ ‘ යනුවෙන් මෙම මාර්ගය විවෘත කැරිණි.ඇමෙරිකාවේ ජීවත්වූ ශ්‍රී ලාංකිකයකු වෙනුවෙන් නම් කැරෙන පළමු පාර මෙයයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහළම සේයාරුවේ අගය කළයුතු විශේෂත්වය බලන්න. ජාතින් කීයක් නම් නියෝජනය වනවාද? (නි)
මෝඩ කතා කියන්න එපා. එයාල පාරක් නම් කරන්නේ එයාලගේ රටේ සේවය කල කෙනෙක් වෙනුවෙන්. නෙතුව අපේ රටේ සේවය කරන කෙනෙක් වෙනුවෙන් නෙමෙයි. අපේ රටේ ඉදගෙන එයාලගේ රට වෙනුවෙන් ඔත්තු බලන අයටත් එයාල පාරවල් හදල දෙයි (බ)
නිහතමානී ආඩම්බරය කොපමණදැයි කියා නිමකළ නොහැකියි. මම ගරු කරන්නේ ශ්‍රී ලාංකිකයෙකුට එම වරම ලැබුණු නිසාම නොවේ. ගරු කළයුත්තාට ගරුකළ නිසාමය. (නි)
නාමය නොදිරයි කුණු කය දිරයි (නි)
මියගිය කල්යන රනසිංහ මගේ වැඩිමහල් සහෝදරයාය ඔහු වෙනුවෙන් නිව්යෝර්ක් නගරයේ පාරක් ප්‍රථමවරට ශ්‍රී ලාංකිකයකු වන ඔහු වෙනුවෙන් නම් කර නිව්යෝර්ක් නගරදිපතිවරයා සහ ඇමරිකන් ජනතාව කරන ලද උපහාරයට අප සියලු සහෝදර සහෝදරියන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ අතිමහත් ප්‍රණාමය පුද කරමු. ඔහු අප කුඩා කල අපගේ පියාගේ වියෝවිමෙන් පසු අධ්‍යාපනයට මග පෙන්වමින් ඊට අවශ්‍ය සියලු පහසුකම් සපයමින් මවට සහය වෙමින් අප සමාජයේ ප්‍රයෝජනවත් පිරිසක් කිරීමට ඉමහත් උත්සහයක් ගනු ලැබීය. අපගේ සහෝදරයට සසර වසන තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවන්නට පතමු. එසේම ඔහුට අජරාමර නිවන් සුවය ප්‍රර්ථනා කරමු. (අ)
මගේ යාලුවෙක්ගේ මාමා කෙනෙක් ඒ. ඇත්තටම සතුටුයි ඇමරිකාවේ මේ ක්‍රියාව ගැන.. (නි)
හොඳ වැඩක් (නි)
සිංහල ඔබට වගේම ලාංකීය සියලු අපිටත් මේක සතුටගෙන දෙනවා. ඇමරිකාවේදී ලාංකික කවූරුත් එකයි. සිංහල දෙමළ මුස්ලිම් කියා ඔවුන් වෙනසක් නැහැ (නි)
සුබපැතුම්! ගොඩක් සතුටුයි (නි)
ලංකාවේ කීර්තිනාමය එතෙරට ගෙනගිය ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)
සතුටුයි අපිට! (නි)
ඒකට ලංකාවේ? බලන්න අපි මොනතරම් පිට අයට සළකලා තියෙනවාද කියලා. ඒ වුණාට අපිට ඔවුන් කොණහනවා යුද්ධය අවසන් කළාට. (නි)
මේකත් බටහිර කුමන්ත්‍රණයක් කියලා කියන්න කවුරුවත් නැද්ද දන්නෙ නැහැ (නි)
නාමෙ නොදිරනා, කුණුකය දිරනා.... (නි)
අහන්නත් සතුටුයි. ආඩම්බරයි. (නි)
ඉතින් බලන්න මේ රටට පලු යන්න සමහරු බනිනවා. රටට සේවයක් කර මියගිය ලංකාවේ කෙනා වෙනුවෙන් පාරකුත් නම් කරන්න යනවා. (ර)
මානව හිමිකම් එකේදීත් ඔය හොඳ හිත ඇත්නම් කොච්චර හොඳද? (නි)
එහෙ ඇමෙරිකාව මියගිය පොලිස් නිලධාරියෙකුට ඔහුගේ නමින් පාරක් නම්කොට උපහාර දක්වනවා. මෙහෙ සිරි ලංකාද්වීපයේ රටක යුධබිය නැතිකළ නායකයකු නමින් ඇති පාසල් වල නම් වලට පවා සමහරු එක එක කතා කියනවා (නි)
ලංකාවේ ජනාධිපතිට සින්දුවක් කීවානම් ටක්ගාල නම දාගන්න පුළුවන් (බ)
ඔය මොනවාද මෙහෙනේ වැඩ තියෙන්නේ. පාරවල් ඉස්කෝල පිට්ටනි ගුවන් තොටුපල වරායවල් තව මොනවාද නැත්තේ. (අ)
ලංකාවේ ඉතිහාසගත වැදගතුන්ගේ නම් පාරවල් වලින් අයින් කරල ප්‍රශස්ති ගීයක් ගයන අයට පාරවල් නින්ද ගම් වගේ දෙනවා. (අ)
සුබපැතුම් ගොඩක් සතුටුයි .ජීවිතයකට වටිනාකමක් දෙන එක .මිය ගියත් අගය කරන එක .(හේ)
වැඩේ නම් හොඳ තමයි.(හේ)
කොච්චරනම් ආඩම්බරද. (ර)
සුබපැතුම් ගොඩක් සතුටුයි .(හේ)
මේක නම් ඇත්තටම සන්තෝෂයට කාරණයක්. කොයිතරම් නම් නිහතමානීද? (නි)
නියමයි.(හේ)
මේ ගැන ආඩම්බර විය යුතුයි.(හේ)
බලන්න කොතරම් අගෙයිද මේ ක්‍රියාව.(හේ)
හරිම සතුටුයි (නි)
මෙය ලෝකයේ දියුණු මිනිසුන් අනුගමනය කරන සිරිතක්.අපිත් ඕල්කොට් මැතිතුමාව වසරක් පාසා සිහිකරනවා. (නි)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා කියන්නේ නැද්ද? (නි)
මේක තමා සමාජ ක්‍රමයේ වෙනස. අපිටත් අවශ්‍ය වන්නේ මෙවැනි සමාජ ක්‍රමයක්. දියුණුයි කියලා කියන්නේ මුදල් නොවෙයි, සමාජ ක්‍රමයේ වෙනසයි. පිටරවලට බැන බැන ඉන්න අය මේ වගේ වැඩ වලින්වත් යමක් ඉගෙනගන්නවා නම් වඩාත් හොඳයි. පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වාගෙන ඔවුන්ගේ අත්දැකීම් වලින් මේ වගේ සමාජ ක්‍රමයක් ඇති කරන්නට කටයුතු කළහැකි බව මතක් කරමි. (නි)
සිංහල අපට හරිම සතුටුයි (නදී)
කෙනෙක් මියගිය පසු අනෙකුත් උදවිය ඔහුට උපහාර පිණිස ඔහු නමින් සමරු ගොඩනැගිලි හෝ මාවත් නම් කරන එකයි, තම තමන්ගේ නමින් ගොඩනැගිලි විවෘත කරන එකයි අතර වෙනසක් තිබෙනවා සුරියාරච්චි මහත්තයා (නි)
ලංකාවේ නම් එක එක්කෙනාගේ නම් වලට පාරවල් නම්කළ කාලය අවසානයි (නි)