කොළඹ නවම් මාවතේ රුපියල් කෝටියේ කොල්ලය සම්බන්ධයෙන් පොලිසියේ සිව් දෙනකු ඇතුළු අට දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් ලබන පස් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
වැල්ලවත්තේ ව්‍යාපාරික කනපතිපිල්ලේ දේවනාශන් පෞද්ගලික බැංකුවකින් මාරු කර ගත් රට සල්ලි පොලිස් වෙසින් පැමිණි මෙම කල්ලිය විසින් කොල්ල කන ලදැයි පැමිණිල්ලෙන් කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් වරදිකරුවෝනම් අත් දෙකම කපන්න (අ)
රටේ වෙන මංකොල්ල දිහා බලනකොට පොලිසිය ගැන අපට කිසිම විස්වාසයක් නැහැ.(නදී)
අත් දෙක විතරක් නෙවෙයි කුමාර උන්ගේ සියළුම අවයව කපා දැමිය යුතුයි.(නදී)
කුමාර ඔබ අදහස් කරන්නේ දැඩි දඬුවම් දිය යුතු බව මිසක අත් කපන්න නෙමෙයි නේද? ඒ මොකද එහෙම දඬුවමක් අපේ දණ්ඩ නීති සංග්‍රහයේ නැහැ. අනික ඔබ ඔහොම කියනකොට ශරියාවයි අරකයි මේකයි ගේන්න ඕන කියල සමහරු පොරකනවා. පහුගිය ටිකේ ඒ අය දාල තිබුන අදහස් ලංකාවේ අයගේ නොව අරාබියේ අයගේ බව පෙනුන නිසයි මං එහෙම කිව්වේ. (නදී)