කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් පෙරහර අද වීදි සංචාරය කළේය. මහින්ද රාජපක්ෂ ජනපති හා රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා සධාතුක කරඬුව, කැලණියේ කණ්ඩුල හස්තියා මත තැබීමෙන් පසු පෙරහර විදී සංචාරය කිරීම ඇරැඹීයේය.
ශ්‍රී ලංකාවට ආවේණික වූ නැටුම් ගැයුම් වැයුම් වලින් සහ අලි ඇතුන් 72 දෙනකුගෙන් සමන්විත වූ මෙම පෙරහාර සෙනසුරාදාත් පැවැත්වේ.
ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඥාණිස්සර කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පෙරහර සංවිධානය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැති තුමාගේ අනුශාසකත්වය ඇතිව ,1979 වසරේදී ආරම්භ කල ගංගාරාමයේ නවම් මහ පෙරහැර පොඩි හාමුදුරුවන්ගේ නොපසු බට උත්සාහය නිසා ඉතාමත් අලංකාර ලෙස පැවැත්වීම දෙස් විදෙස් බෞද්ධයින්ගේ පැසසුමට ලක්වී ඇත. මහනුවර දළදා පෙරහැර ට සමගාමීව දෙවෙනි ස්ථානය ලැබෙන්නේ ගංගාරාම නවම් මහ පෙරහැරට බව කිව්වොත් නිවැරදිය. (නදී)
සාදු!සාදු!සාදූ!...ජනාධිපතිතුමාටත්,විපකෂ නායකතුමාටත්, ලක්වැසි සැමටත් තෙරුවන් සරණ ලැබේවා! ලක් දෙරණ මෙත් සිසිලෙන් බැබලේවා.(නදී)
මෙයින් පෙනෙන එක දෙයක් තියනවා ඕනම රටක, රටට කරදරයක් වෙන විට රට එකමුතු වෙනවා කෙටියෙන් කියනවා නම් රට එක්සත් වෙනවා. (නදී)
ඉහළ මාලයේ පළමු පින්තුරයෙන් පෙන්වනවා දේශපාලනයේදී විතරක් නොවෙයි ආගම් ඇදහීමෙදීත් සදා කාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නැහැ කියලා. දෙවෙනි පින්තුරයෙන් පෙන්වනවා කොටන් අදින අලින්ට වඩා මේ අලින්ට කොයි පක්ෂ උනත් ආදරෙයි කියලා. තුන්වෙනි පින්තුරයෙන් පෙන්වනවා අපේ ප්‍රභූවරු ආගමට දහමට ඉතා ලදී පිරිසක් බව. අවසාන පින්තුරයෙන් පෙන්වන්නේ සුදු වස්ත්‍රයට බොහෝ දේ කරන්න පුළුවන් කියා.(නදී)
මේ සමගිය තමයි මේ මොහොතේ වැඩි දියුණු විය යුත්තේ.(නදී)
ඇත් පන්තියනම් හරිම ලස්සනයි , ඒත් ඇත් ගොව්වා නම් වයසට ගිහින් වගේ.(නදී)
ජනාධිපති තුමනි .රනිල් මහතාව ඔයාගේ පක්ෂයට ගන්ඩ බැරිද (අ)
සිරසෙන් කරන ලද විස්තර විචාරය සම්පත් සහ මහාචාර්ය තුමා කල , ඉතාම අගය කල යුතු දෙයක් , මින් පෙර කවදාවත් එවැනි විචාරයක් පෙරහරක් ගැන අහල නැහැ . විශිෂ්ටයි ! (නදී)
ගංගාරාම නායක හාමුදුරුවෝ රටේ දරුවන් ගැන පුදුම සෙනහසක් තියෙන බව පිටරට ඉදන් බලන අපිට තේරෙනවා. (නදී)