පසුගිය සැප්තැම්බර් 13 වැනිදා සිට වසා දමා ඇති ආයුර්වේද ඖෂධ සංස්ථාව සහ කර්මාන්ත ශාලාව වහාම විවෘත කිරීමට නියෝග කරන ලෙසට ඉල්ලා එම සංස්ථාවේ වෘත්තීය සමිති කිහිපයක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.
ජාතික සේවක සංගමයේ විධායක නිලධාරීන්ගේ සංගමය හා එම සංස්ථාවේ ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ගොනුකළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු නමදෙනෙක් නම් කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සහ කර්මාන්ත ශාලවේ සේවකයෝ 342 පමණ සේවය කරති. මෙම ඖෂධ සංස්ථාවේ අයහපත් කළමනාකරණය සහ දූෂණ ක‍්‍රියා රාශියක් සිදුවී ඇතැයි පෙත්සම්කරුවෝ කියා සිටිති. ඊට සංස්ථාවේ කළමනාකාරීත්වය වගකිව යුතු බවද ඔවුහු කියා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයේ අයම මට්ටු කරන්නේ නැතුව විපක්ෂයේ ඉදල ආණ්ඩුවට අාපු අයත් මට්ටු කළොත් හොඳයි නේද (බ)
කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන තවත් එක් යහපාලන වැඩක් තමයි මේ සංස්ථාවට කරන අපරාධයෙනුත් අපිට පෙනීයන්නේ. (නි)