අගලවත්ත දාපිලිගොඩ නාන තොටුපොළක දිය නෑමට ගිය නිවුන් සොයුරියන් දෙදෙනෙකු (23) දියේ ගිළී මිය ගිය බව පොලිසිය කියයි.
එලෙස මිය ගියේ කොළඹ සරසවියේ ඉගෙනුම ලබන 23 හැවිරිදි චලුනි නිත්‍යා පෙරේරා, හා පියුමි නිත්‍යා පෙරේරා ය.
රෝහලට ගෙන යන අවස්ථාව වන විටත් ඔවුන්මිය ගොස් සිටි බව රෝහල් ආරංචි කියයි.
මීහරකකු කුළප්පුවී ඔවුන්ට අනින්නට යද්දී දියේ ගිළී ඇතැයි ගම්වාසීහු කියති.
මතුගම මූලස්ථාන පොළිස් පරීක්ෂක චන්ද්‍ර පද්මලාල් හා පොලිස් පරීක්ෂක සිසිර සේනානායක මහත්වරු පරීක්ෂණ පවත්වති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු. (නදී)