කෙලෙස් නසා රහත්වීම දක්වා වන අවස්ථා බුදු දහමට ආවේනික රූප මගින් මුර්තියට නගා ප්‍රදර්ශනය කිරිමට තිස්සමහාරාමයේ උඩුවිල ගංගාරාම විහාරාධිපති ගෝනදෙණියේ කරුණාසාර හිමියෝ සැරැසෙති.
අඩි 900 ක් දිග පවුරු පහක් මත අඩි 28 ක් උසට මේ නිර්මාණ කැරගෙන යයි.ක්ලේශ ,සංසාර සහස්ස,බැදීම්,විමුත්කි හා අරහත් යනුවෙන් මේ පවුරු නම් කැර තිබේ. වැඩ අවසන් කිරීමට වසර හතරක් ගත වෙනු ඇතැයිද වියදම රුපියල් කෝටි 15 ක් වෙතියිද කියති. තාරක රුද්‍රිගු ප්‍රධාන මුර්ති ශිල්පියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද බුද්ධාගම රැකිලා තියෙන්නේ පන්සල් ටික නිසා .බුද්ධාගම පිළිපදින මිනිස්සු හරිම හොයාගන්න ආමරුයි. පිළිම නෙලිමත් එක්තරා පින්කමක්. ඔබවහන්සේට බුදු සරණයි. හොද වැඩක් කරනකොට වැඩි දෙනෙක් බනින එක තමා කරන්නේ.(නදී)
හොද වැඩකට අඩු ගනනේ සාදු කියන්නවත් පුරුදු වෙන්න දරුවනේ පව් සිද්ද කරගන්නේ නැතුව.(නදී)
අනේ මෙහෙම මෝඩ රටක්, රට දවස ගානේ ආත්මිකව විනාශයට යද්දී පිළිම හද හදා සල්ලි නාස්ති කරනවා, බෞද්ධයන්ට මොලයක් නැද්ද ?(නදී)
මෙයා ඊයේ අටපට්ටම බලල වගේ.(නදී)
කෝටි පහලොවක් එක තැනක වියදම් කරලා ඒ තුළින් සංසාරය ගැන අවබෝධ කරගන්නේ කීයෙන් කී දෙනාද? ඒ කෝටි පහලොවෙන් අසරණ අහිංසක දුප්පත් බෞද්ධ පවුල් වල නංගිලා මල්ලිලා 100000 කට ඉගෙනගන්න උදව් උපකාර කළා නම් මොනතරම් ආගමික වැදගත්කමක් ඒකෙන් ලැබෙනවද? බෞදධාගමත් තවත් වැඩිපුර කාලයක් පවතීවි.(නදී)
රුපියල් ශත අතරෙ අතරමං වෙලා හිටපු මිනිසුන්ගෙ හිත්වලට, නවීන තාක්‍ෂණයත් එකතු උනාම, කරකවල අතඇරිය වගේ මිනිසුන්ගෙ හිත් නන්නත්තාරවෙලා. දූෂණයවෙලා. මෙහෙම දේවල් දකිනකොටවත් සිත් සන්සුන් වේවා!(නදී)
කෝටි 15 ගියාට කමක් නැහැ එක්කෙනෙක්වත් නිර්වාණයට යනවනම් මේක දැකලා.(නදී)
මේ වගේ උතුම් දේකට වචනයකින් හරි උදවු කරන්නේ නැතිව සල්ලි හොයා ගත්ත විදිය යි මෙච්චර වියදම් කරන්නේ යන ප්‍රශ්න ගොඩක් හුගක් අයට. මේ වගේ දෙයක් ගැනවත් ශ්‍රද්දවෙන් හිතන්න. මෝඩ කොමෙන්ට්ස් දන්නා එපා.(අ)
සමහරු අදහස් දක්වන්නේ එයාලගෙන් කෝටි 15ක් ඉල්ලුවා වගේ. මේවගේ වැඩට කියක් හරි දීල සතුටු වෙන එක තමා මනුස්සකම. නැතිනම් කටවහගෙන ඉන්න ඕන කරන මිනිහෙකුටවත් කරගන්න දීල.(නදී)
ඒ කාලෙත් මේ වගේ අදහස් දාපු අය හිටියා නම් අපිට අද ගල් කනුවත් බලන්න නැතිව යයි (නි)
අදකාලේ ජීවත්වෙන අය සල්ලි කිව්වොත් මැරෙයි. කියක් ගියත් කමක්නැහැ මේක ලොකු පුන්‍යකර්මයක්. මමත් මට පුළුවන් තරමින් සහයෝගය දෙනවා. සුබපතනවා බුදුසරණයි ! (ස)
මේවයේ අදහස් දන අය බෞද්ධයෝද කියා හිතෙනවා. (නි)
කෝටි 15.(නදී)
සංසාරෙන් කෝටි 15 වියදන් කරලා ඕව කරන්න ඕනද අපේ හාමුදුරුවනේ.(නදී)
ඇත්තටම බුදු දහම අනුව නිවන් යන්න මොනවද කල යුත්තේ නිවන් යන්නේ කොහොමද නිවන ලබාදෙන්නේ කවුද? බුදු දහම ගැන හොඳින් දන්න කෙනෙක්ගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි.(නදී)
ආදාර එහෙම හොදට එකතු කලාද?(නදී)
නන්දා මාලිනි මහත්මියගේ ගීතයක් මතක් උනා මේක කියවද්දී.... (නදී)
හාමුදුරුවනේ.... පුද්ගලික දනයෙන්ද කරන්නේ.... සමා වෙන්න එහෙම ම ඇහුවට.... කෝටි 15 කිවම මට බඩ පපුව දාල ගියා... ඉස්සර රජ කාලේ නම් මිනිස් ශ්‍රමය පමනයිනේ. අද කාලේ කෝටි 15 කිව්වම මන් උඩ ගියා. විශේෂයෙන්ම අනිත්‍ය, අල්පෙච්ඡතාවේ මුල් කරගත් ආගමක් උනහම.(නදී)
අති විශිෂ්ටයි..(නදී)
මුදල් වියදම් කරලා සංසාරෙන් එතෙර වෙන්න පුළුවන් නම් අම්මපා මාත් කරනවා ඒ වැඩේ.(නදී)
බුද්ධාගම තව කාලයක් පවතින්න කරපු මහගු වැඩක්. ඒත් අද කාලේ සසර මගින් එතෙර වෙන්න උත්සාහ කරන අය නම් නැතිතරම් (නි)
දුටුගැමුණු රජතුමාත් ඔය වියදම් ගැන හිතලා වැඩ කලා නම් අපිට වදින්න වෙන්නේ කදුවලට තමයි. සල්ලි වලට ගන්න බැරි දෙයක් මෙතුලින් දෙන්න බලපොරොත්තු වෙන්නේ. ඒක තේරුන් ගන්න (නි)
අනාගතයේ මේ පිළිම විතරයි ඉතුරු වෙන්නේ මොකද කිව්වොත් පන්සලට එන බෞද්ධයෝ දැක්කා නම්.(නදී)
මේ වගේ දේවල් පෙනුමට නම් ඉතා අලංකාරයි. (නි)
ඉගෙන ගන්න ළමුන්ගේ අවශ්‍යතාවයට යෙදෙව්වොත් පින්. මේ වැඩ තමුන්ගේ නම ගහ ගන්න කරනවද?(නදී)
අහෝ බුදුදහමට ගිය කල.(නදී)
වැඩේ නම් හොදයි
නිවන් යන්න යන එකයි අලියා පිට යන එකයි අතර සම්බන්ධයක් තියෙනවද? දන්නේ නැති හින්දයි ඇහුවේ (නි)
ආදාර එකතුකලේ සල්පිල් තියලද ටිකට් ගහලද...(නදී)
හැමදේටම මුදල් දෙස බලන්න එපා. මේකෙන් ආගමික ප්‍රබෝදයක් ඇතිවෙයි.මුදල් මුදල් කියලා හිටියා නම් ලෝක ප්‍රසිද්ද නිර්මාණ බිහි වෙයිද.... (නි)
අපේ ගම ගොඩක් දුප්පත්. නමුත් කෝටි ගානක් වියදම් කරලා ලස්සනට පන්සල හදලා තියෙනවා. මේ සියලුම මුදල් දුන්නේ එක මහත්තයෙක්. පිට රටවල ඉන්න ඊර්ෂ්‍යාකාරයෝ මේවට විරුද්ධව එක එක දේවල් ලියනවා. (නි)
විවෘර්ත කරන්න දෙසපාලකෙයෙක්ට කතා කරන්න. (ස)
මේ වගේ සුන්දර රටක මෙහෙවූ වූ පාපකාරී අදහස් තියෙන මිනිස්සුත් ඉපදුනානේ? කෝටි 15ක් කිවුව ගමන් හිතේ තිබුණු කැත ගතිය අදහසක් කරලා මෙහි පල කරලා. ඒ අතර බවලත් උදවියත් ඉන්න එක ගැන දුකයි. එදා මහා දාගැබ් කරවූ රජවරුත් අනේ කහවනු නේද කියලා හිතුවා නම් අපිත් ඉතිහාසයක් නැති නිකම්ම නිකන් ජාතියක් බොලවූ.අපිට අපේ කියල දෙයක් ඉතුරු වුන නිසා තමයි ස්වර්ණමය ඉතිහාසයක් ඉතුරුවෙලා තියෙන්නේ.රටේ දැවෙන ප්‍රශ්න තියෙනවා තමයි.ඒත් මේ මිනිහා දුවන වේගෙට පිපාසයට දිය දෝතක් දෙන්න කෙනෙක් ඉඳීවිද ? අන්න ඒකට දිය දෝතක් තමයි මේ.යම් මතු දිනයක මෙහි වැඩ කටයුතු නිම වුනු දිනෙක ඔය හැල්මේ දුවන මිනිස්සු මොහොතකට නතර වෙලා සිත සනසාගෙන යනු ඇත.එදාට කෝටි 15කින් ගන්න බැරි වුනු හිතේ සැනසීම අනිවාර්යෙන් ලැබෙනු ඇත. මේ කිසිවක් අප යනකොට අරගෙන යන්නේ නැහැ.කල දෙයක් ඉතුරුවකට තියේවි මතු ප්‍රයෝජනය උදෙසා.මේ සියල්ලක්ම ඉක්මනින්ම සාර්ථකත්වයට පත්වේවා! (නි)
අපේ මිනිස්සු ගැන අපිටම කල කිරෙනවා. මොන හොද දේ කලත් හොයන්නේ අඩුපාඩු. අනුන් කරන දේවල් වලට අකුල් හෙලන්න එපා. එමෙවට සතයක්වත් නොදෙන පව් කාරයෝ. දුප්පත් අහිංසක මිනිස්සු බොහොම ශ්‍රද්ධාවෙන් මේවා කරන්නේ. මේවට සාධු කියන්නවත් පිනක් නැති පව් කාරයෝ. මේ කටයුතු සපල වේවා. (දී)
මොහමඩ් නිවන් දකින කියන එක බොහොම සුන්දර දෙයක්.එය ලබා ගන්නේ මේ දැන් එක තමා ඇත්ත.(අ)
සේන/රූපා/නන්දන අනේ ඔහෙලා වගේ මෝඩයෝ ටිකක්. සල්ලි වියදම් කරලා සංසාරෙන් එතෙරවන්නවත්, විශේෂයෙන්ම අනිත්‍ය, අල්පෙච්ඡතාවේ මුල් කරගත් ආගමක් උනා කියලා අනාගත පරපුරට දෙන දායාද වලට මුදල් වියදම් කල යුතුයි. එදා අනේපිඬු සිටු තුමා රන් කහවනු 84 කෝටියක් වැය කල ධර්මය සදහා කැප උනේ මුදල් වියදම් කරලා නිවන් යන්න නෙමේ. ඒකට පින තියෙන්න ඕනා. නිවන් යන්න පුළුවන් එය පතාගෙන ආපු අයට මිසක් මේ මුදල් පසුපස කාමුක/තන්හා පස්සේ යන අයට නෙවි. මෙවැනි උදාර වැඩ සදහා සිතින් හෝ ඔබලා සතුටු නම් එයත් මහඟු පිනකි.(නදී)
ආදාර වලට ටිකට් ගැහුවද සල්පිල් තිබ්බද.(නදී)
මමත් බෞද්ධයෙක් ..බෞද්ධ ප්‍රබෝදයක් ඇති වෙනවනම් මම සතුටුයි. එත් මට මොකක්දෝ අනර්ථ ගතියක් මේ දර්ශනයෙන් පෙනෙනවා. අනේ මන්දා මම වැරදිද කියලා. ඒත් සුභ පතනවා. බුදු සරණයි.(නදී)