නවීන් දිසානායක මහතා රාජ්‍ය කලමනාකරණ හා ප්‍රතිසංස්කරණ ඇමැති ධුරයෙන් හා නුවරඑළිය ආසන සංවිධායක කමින් ඉවත් වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.
ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතාගේ බෑනාය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති ගාමිණී දිසානායක මහතාගේ වැඩිමල් පුත්‍රයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ආදරේ හොඳ අය මෛත්‍රීට එකතු වෙනවා. හොරු ටික මහින්ද ළග ඉදීවි. (ස)
හොරුටික දැන් ඉතිරි වේවි රජය ඉල්ලගෙන කෑවේ බලයෙන් මත් උනාම කරන කියන දේ අමතක වෙනවා. (ස)
නවීන් මහතාට සුභ පැතුම්. තීරණය හොදයි (ස)
තනතුරු සැප සම්පත් ජනතාව වෙනුවෙන් කැපකීරීම් කරන මේ වගේ අය ලෝකෙ මොන රටකවත් නැහැ. (ස)
අන්තිමට ඉතුරු වෙන දෙතුන් දෙනා, කම්බ හොරු ,,,,, යන්න ආශාව තිබුනත් දිට්ට ධම්ම වේදනීය කර්මය අද ෆයිල් විදියට තමන් පසුපස එන නිසා හොරු ටික අසරණ වෙලා , මේක තමයි රටේ ජනතාවට කවුද හොරු කියලා හදුනා ගන්න හොදම අවස්ථාව ,,,,,,, (ස)
හොද පුවතක් ලංකාදීපයට ස්තුත්යි!!! (ස)
දැන් අර තවත් යන්නේනා කියල තහවුරු කල අය, මොනවද කියන්නේ. (ස)
දැන් අර තවත් යන්නේනා කියල තහවුරු කල අය, ඔට්ටු ඇල්ලු අය එහෙම "තුෂ්නීම්භුතවෙලා" ඇති නේද. (ස)
ජනවාරි 8 දාට කලින් අනිවාර්යෙන්ම බැසිල් රාජපක්ෂ විපක්ෂයට නොගියත් ස්වාධින වෙනවා, එකට හේතුව පාලක තුමා හරියට මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැහැ ,,, වැඩේ ගන්නකම් විතරයි ඊට පස්සේ සලකන්නේ බල්ලන්ට වගේ ,,,,,,,,,,(ස)
මෙතුමාටත් දෙවියන්ගේම පිහිටයි,. (ස)
ඔහොම යන් ඔහොම යන් මෛත්‍රී මහත්තයට ජය වේවා..! (ස)
මහින්දට මොකද වෙන්නේ අස්සන ගහපු වෙලාව රාහු කාලය ලබල තියෙන්න ඇති දැන් කොහොමත් රාජපක්සලට දිගටම රාහුකලේ තමයි. (ස)
ජයවේවා.(හේ)
එගොඩ යන්නෝ මෙගොඩ යන්නෝ තව කවුරුද එන්නේ.(හේ)
හොද හොද සෙල්ලම් එළිවන ජමෙටලු ඔය එන්නේ.(හේ)
ඉතාම හොද තීරණයක් රට හදන්න මෛත්‍රී පිලට සහය දීම මවුබිම වෙනුවෙන් ගත්තු හරි තීරණයක් රට හරිමගට ගතහැක්කේ බුද්දීමත්ව වැඩකිරීමෙන් පමණයි !! (ස)
ඔව් ඉතින් කොහේ ගියත් ගෙදර එන්න ඕනනේ. (හේ)
ජය ශ්‍රී (ස)
තව කි දෙනෙක් මේ වගේ එයිද?(හේ)
මුන් කොහොමත් යූඑන්පී කාරයෝනේ. (ස)
මේ විදියට ගියොත් ජනවාරි 8 වෙනිද වෙනකොට ආණ්ඩුවට බහුතර බලයත් නැතිවෙලා තියෙයි.(හේ)
අමුතු වෙනසක් වෙන්නේ නැහැ (නි)
ඔහොම යමුකෝ! (නි)
හිතවත් නවීන්,මම ඔබගේ ආදරණීය පියාණන් ළඟින් ආශ්‍රය කළ කෙනෙක්. ඔහු ඉතා කලාතුරකින් ලොවට බිහිවෙන පුද්ගලයින්ගෙන් කෙනෙක්. ඔහු අපට අහිමිවීමේ පාඩුව මකන්න කෙනෙක් දැන් ඉදිරියට එමින් සිටින්නේ. මෙය ඔබ නිසි අවස්ථාවේ තේරුම්ගෙන තනතුරු ඉවතලා එළියට ආ මේ ගමනින් අප ඔබ තුළින් ඔබගේ පියාගේ වීර චරිතය නැවත දකිනවා. (නි)
යහපත් තීරණයක්. විජයග්‍රාහී මාවතේ තවත් අඩිතාලමක්. (නි)
ඔන්න තවත් දතක් ගැළෙව්වා. (නි)
ලැජ්ජා නැතුව මෙපමණ කල් හිටියනේ? (නි)
මගේ හදවතට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න අමාරුයි.රට වෙනුවෙන් අපි. (නි)
විධායක ජනාධිපති කියන එකෙන්ම තේරෙන්නේ නැද්ද තිබෙන භයානකකම. (නි)
තව කවුරුත් යන්නේ නැහැ කිව්ව අය දැන් කෝ? (නි)
හිතවත් ඇමතිතුමනි, සුබ පැතුම්! (නි)
මොකටද ආපහු බාරගන්නේ? (නි)
රුචිරාණෙනි අහන්න,එක පාර මා මරන්න (නි)
මෙහෙම ගියොත් නම් මහින්ද මහත්තයාට අමාරුවෙයි වගේ (නි)
ජයවේවා! (නි)......
පොඩ්ඩක් ඔහොම ඉන්න බලාගෙන 3න් 2කෙ බලයට මොකද වෙන්නේ කියලා.....(හේ)
ෆයිල් තියෙන හොරු ඉතුරු වෙන්න අනිත් අය ඔක්කොම යයි වගේ. (හේ)
මේක අලුත් පුවතක් නෙවේ.(හේ)
40 - 01 තව 39 අවමවශයෙන් එනවා.(හේ)
ජනපති- පයිල් බල බලා ඉන්න තමා වෙන්නේ. ඇයි ඔහෙලා මට එහෙම කරන්නේ. (අ)
මෙයාලට ඇමතිකම් දුන්නේ බැඳලා තියා ගන්නනේ. මොවුන් ඇමතිකම් දාලා යන නිසා දැන් ජනාධිපතිතුමාට පුළුවන් ඇමති මණ්ඩලය අඩුකරන්න. (හේ)
මේ වගේ තව පිරිසක් ඉදිරියට එන්න ඉන්නේ.(හේ)
ඔබට ජයෙන් ජයම වේවා.(හේ)
යනබව නම් මාස දෙකකට කලින්ම ආරංචි වුණා.(හේ)
අපිට ලොකු සතුටක් ඔබේ අප්පච්චිට ලොකු ගෞරවයක් රටට ශක්තියක් (අ)
ඇමතිලා කළකිරුනාට සිංහලයා කළකිරුනෙ නැහැ (නි)
රත්නායක, ඒක හරියට හීනයක් වගේ (නි)
ඔක්කොම යයි වගේ (නි)
අදහස් පලවෙන්නේ නැත්තේ ඇයි. (ස)
මේ වගේ පැත්ත මාරුකරන අයව අරගෙන යන්න හදන ගමන ගැන අපිට විශ්වාස නැහැ. (නි)
ෆයිල් එක එහෙම "ක්ලියර්" කරගෙන වෙන්න ඇති මේ යන්නේ ! (නි)
හෙළවී හෙළවී ඔන්න මෙන්න ගැළවෙන්න තිබුණු දතක් ගැලවිලා (නි)
ධම්මගේ කතාවට මමත් එකඟයි (නි)
ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙකු විපක්‍ෂයට එක් වන්නේ නම් ඒ සඳහා ලබා දෙන මුදල අවම වශයෙන් රුපියල් කෝටි පහක් සමඟ කොළඹින් නිවසක් දක්වා ඉහල දමා ඇතැයි වාර්තා වෙයි.(අ)
මෙයා ඉතින් කොහොමත් නහයෙන් අඬ අඬානේ හිටියේ (නි)
අප්පච්චිගේ නමටත් වස ලැජ්ජාවක් මහත්තයෝ. ටිකක් ඉන්නකෝ. සෙල්ලම එළිවෙන ජාමෙටලුනේ. (නි)
සත්‍ය ජයගනිවී.හැමදාම බොරුව ගෙනියන්ඩ බැ පවුල් බලයට කන කොකා හdaයි . (ස)
සුබ පැතුම්! (නි)
පරාජය කරන්න බැහැ කියපු මිනීමරු ප්‍රභාකරන්ගේ මර්මස්ථාන එකෙන් එක බිඳවැටුනා වගේ වැඩක්... (නි)
මෙතුමා තමන්ගේ පියාවත් පවා දුන්න කෙනෙක්නෙ. ඉතින් තවත් මොනවද?(ස)
මේ වගේ අය යන එක හොඳයි. (ත)
තව කවුරුත් යන්නේ නෑ කියා කියපු අය කෝ? (ත)
එතකොට අසවලා ආප්ප කාලා ගියා නම් මෙතුමා ඉඳිආප්ප කාලාද මේ එළියට බැස්සේ ? (නි)
දැන් ඔව්වට හුල්ලලා වැඩක් නැහැ. ලාහට ගෙම්බෝ එකතුකරන වෙලාවෙයි කල්පනා කරන්න තිබුනේ මුන් කවද හරි එලියට පනියි කියල.පාක්ෂිකයෝ පැත්තක දාල ගෙම්බන්ට රජවෙන්න දුන්නනම් දැන් විඳගෙන ඉන්න වෙනවා.(ස)
පවිත්‍ර නෝනා කියපු කතාවට මොකද වෙන්නේ? (නි)
ෆයිල් එක ගැන ප්‍රශ්නයක් නැද්ද මැතිතුමෝ ? (නි)
කවුරු ආවත් ජනතාව ලණු කන්නේ නැහැ (නි)
මම නම් කියන්නේ මේ දෙපැත්තම එකක් වුණාම හොඳයි.අපිට කණක් ඇහිලා ඉන්න පුළුවන් (නි)
දැන් පේනවා ඇති කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පුළුවන් තැනක මිසක් දේශපාලනය කරන්න බැහැ කියලා. (නි)
ඔබට ජය වේවා! (නි)
ශ්රී ලාංකික ඡන්දදායකයා දැන් වෙනස්. ජයග්‍රහණය තීරණය කරන ඡන්ද ටික තියෙන්නේ නිදහස් මතයක් ඇති ඡන්දදායකයන් පිරිසක් අතේ. (නි)
යන්න. යන්න. ගිය කට්ටියගේ දේශපාලන භුමිකාවේ අවසානය තමයි මේ. (නි)
සාමාන්‍යයෙන් රටක ජනතාව ඡන්දය දෙන්නේ පක්ෂයක් ඉදිරිපත්කරන රටේ දැවෙන ප්‍රශ්න වලට තම යෝජනා සහ රටේ උන්නතිය සඳහා ඔවුන්ගෙන් කෙරෙන සැළසුම් සැළකිල්ලට ගෙනයි. (නි)
චානක, බලාගෙන ඉන්න ඇස් අරගෙන (නි)
ඒ ගත් තීරණය නිවැරදියි (නි)
දැන් ඔය යන අය ඔක්කොටම මොකද වෙන්නේ ජනාධිපතිතුමා දිනුවම? (නි)
ධම්ම, දැන් කොහොමත් ඇමතිකම් දෙන්න අය නැතිවෙනවා. එක් කෙනාට දෙක තුන දෙන්න වෙනවා.(ස)
හොඳ තීරණයක්. රට හදන්න රටේ යහපාලනයක් ඇතිකරන්න මෛත්‍රී පිලට එකතුවීම සතුටට කරුණක්. රටේ සම්පත් සහ ධනය හූරාකන හොරුටික අන්තිමට මහින්ද වාටා පැහදිලිව එකතුවේවි. ජනතාවට තියෙන්නේ හරි තීරණේ අරගෙන බුද්ධිම්ත්ව කටයුතුකිරීමයි. (ස)
ෆයිල් තිබෙන කට්ටිය ඉතුරු වෙලා අනිත් කට්ටිය ජාතිය ගොඩ නගන්න එක්වෙනවා! (ස)
සුදත් හරි දැන් වෙන්නේ ඒ වැඩේ තමයි. (ස)
අතිගරු ජනාධිපතිතුමනි. මේ කවුරුන්ද.? මේ ය ආවේ කොහෙන්ද.? වාසි තියෙන පැත්තක් බලලා රිලව් වගේ පනින එක මේ කට්ටියගේ පුරුද්දයි. අපි නම් ඒ ගැන හිතන්නේ නැහැ. කලබල වෙන්නෙත් නැහැ. ගිය ය ගැන අනුකම්පා කරනවා පමණයි. මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් යනවා කියන්නේ ලොකු දෙයක් නොවෙයි. ඒ යන කට්ටියට ජනතාව හොල්ලන්ට බැහැ, අපි සැමදා රට බේරාගත් ඔබතුමා සමගයි. (ස)
අයි දෙයියනේ ප්‍රියාම්භිකාව යූ.එන්.පී. නෙව. (ස)
රට ජාතිය ගැන හිතමින් ගත තීරණයට ඔබට ජය.. (ස)
එතුමාගේ පියා කොටින්ගෙන් විනාශ උනනිසා කොටින් විනාශ කරන්න මහින්ද මහත්තය කරපු සේවය කවදාවත් අමතක කරන්න බැහැ එනිසා කවදාවත් අයෙත් මහින්ද මහත්තය අත්හැරලා යන්නේ නැහැ (ස)