
(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ තුනක ඇමරිකාවේ නිෂ්පාදිත අති නවීන පිස්තෝලයක් අලෙවි කිරීම සඳහා රැගෙන ආ යුද හමුදා පුහුණුවලත් අයකු මාතලේ කළුදෑවල ප්‍රදේශයේදී පිස්තෝලය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු රත්තොට දන්කන්ද පොල්වත්තාකන්ද ගම්මඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මුලතිව් විශේෂ කාර්ය බළකා කඳවුරු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර අදාල සැකකරු රත්තොට සිට මාතලේ ප්‍රදේශය වෙත පිස්තෝලය ඉනේ රඳවා ගෙන බස් රථයක පැමිණ ඇති අතර මාතලේ කළුදෑවල ප්‍රදේශයේදී බස් රථය නතර කර සිදුකරන ලද පරීක්ෂණයේදී පිස්තෝලය සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකා නිලධාරිනීන් විසින් සිදු කරන ලද පරීක්ෂණයේදී අදාළ සැකකරු පවසා ඇත්තේ සැකකරු දිය නෑමට ගිය අවස්ථාවක රත්තොට ගඟේ තිබී මෙම ආයුධය ඔහුට හමුවූ බවට ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවීන ගිනි අවියක් විකුණන්න ගිහින් මාට්ටු