කිරිල්ලවල රන්මුතුගල දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රීකට් ක්‍රීඩක නුවන් කුලසේකර ඇප මත මුදා හරිනු ලැබීය.
නිට්ටඹුවේ පදිංචි තරුණයකු (28) යතුරු පැදියේ ගමන් කර ඇති බවත්, ඔහුගේ යතුරු පැදිය පාරේ ගැට්ටක වැදී මීට 20ක් පමණ ඉදිරියට පාර මැදට විසිවී ඇති බවත්, ඉදිරිපසින් පැමිණි කුලසේකරගේ වාහනයට යට වී මියගොස් ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතැනදී වරද කාගේදැයි අපි දන්නේ නැත. එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයින්, දේශපාලකයින් සහ නොයෙකුත් බලවතුන් වැනි උදවිය මහමඟ රථය පදවනුයේ සහ රථ හසුරුවනුයේ මාර්ගය තමන්ගේ පුද්ගලික ස්ථානයක් යැයි සිතාගෙනය. එමනිසා කුමන තරාතිරමක වුවත් දඬුවම පොදු වියයුතුය. (නි)
අපි වගේ සාමාන්‍ය මිනිහෙකුට වුණා නම්...? (නි)
පව් තරුණ ජිවිතයක් වේදනාව ඒ අයටනේ අපේ රටේ නිති දෙකක් තියෙනවනේ, (අ)
වේගයෙන් යතුරුපැදි පැදවීමේදී සිදුවුණු වරදක් වගෙයි නේද?
මට පෙනෙන්න්නේ නම් කුලේ ට නඩු දාන්න දෙයක් නැහැ. තීන්දු තීරණ ඔක්කොම මෙතන කොම්මෙන්ට් දාන උගත් බුද්ධිමත් විනිසුරුවන් දීල හමාරයි.. .. අද උදේ මම ඩ්‍රයිව් කරනකොට ඉස්සරහින් ගියේ මෝටර් සයිකල් එකක්. කිසිම සිග්නල් දැමීමක් නැතිව එක පාරටම දකුණට හැරෙව්වා.. මම නන්නත්තාරයි.. හොද වෙලාවට බ්රේක් ඇහුව.. බ්රේක් එක වැදුන මගේ වාසනාවට.. මගේ පිටිපස්සෙන් හොද වෙලාවට වාහනයක් ආවේ නැහැ.. (බ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
අපි වගේ සාමාන්‍ය කෙනෙකුට වුණා නම් මෙලහකටත් හිරේ. මෙහෙම නීතියක් සාමාන්‍ය මිනිසුන්ට නැතිවීම ගැන හරිම දුකයි (නි)
මම කිව්වේ ඊයෙම. අද ඇතුළට හෙට එළියට කියලා. අපි අතින් මේක වුණා නම්....? (නි)
හරි ඉක්මනට විසඳිලා වගේ. (නි)
කුලසේකර අපේ කණ්ඩායමේ ඉන්න නිහතමානී කෙනෙක්. දක්ෂයෙක්. එ්ත් නීතිය එයාට සුවිශේෂී වෙන්න බැහැ. මේකද ලංකාවේ නීතිය. සාමාන්‍ය කෙනෙක් අතින් මේක වුණා නම් මෙහෙම ගෙදර යාවිද. අපේ රටේ නීතිය ක්‍රියාත්මකවීමේදී ප්‍රසිද්ධ චරිත වලට දේශපාලකයන්ට වෙනස් නේද. (නි)
ඕවා කාටත් වෙන්න පුළුවන්. නොසිතු වෙලාවක එකපාරටම පාර මැද්දට කෙනෙක් වැටුනාම කවුරුත් කලබල වෙනවා. රියදුරා බලන්නෙත් කොහොමහරි අනතුර වළක්වා ගන්න. මේකට තරාතිරම වැදගත් නැහැ. රියදුරාම හැම අනතුරකටම වගකියන්න ඕනෑ නැහැ. පාරේ යන අනිත් මිනිස්සුත් තමන්ගේ වගකීම ගැන සැළකිලිමත් වෙන්න ඕනෑ (නි)
මෙතන වරද තියෙන්නේ අර වැදුනු ගැට්ටේ. අන්න ඒක අයින් කරන්න ඕනෑ. නොදන්නා පාරවල් වල සාමාන්‍ය වේගයෙන් යන්න ඕනෑ (නි)
ඒ වුනාට අනතුරක් වෙලා කෙනෙක් මරුන නම් රියදුරු දවස් 14 හිරේ යවනවමයි. (ර)
සංජීවගේ කතාව ඇත්ත , මෝටර් සයිකල් යන්නේ අනුන්ගේ බ්රේක් වලින්. (ර)
මම මේ සිදුවීම දැක්කේ ජනමාද්‍ය වලින්. එක නිසා මේ ගෙන එක එක මත පලකරන්න මමනම් ඉක්මන් වෙන්නේ නැහැ. මොකද ඒ සිද්දිය වෙන වෙලාවේ මම එතන හිටියේ නැති නිසා. (ම)
සංජීවගේ කතාව ඇත්ත , මෝටර් සයිකල් යන්නේ අනුන්ගේ බ්රේක් වලින් (බ)
රිමාන්ඩ් කරනවද නැද්ද කියල තීරණය කරන්නේ උසාවිය. උසාවි දානකම් පොලිස් ඇපමත නිදහස් කරනවද නැත්ද කියල තීරණය කරන්න පොලිස් ස්ථානාධිපතිට පුළුවන්. අනික තමයි, උසාවියේදී වුනත් සැකකරුට ඇප නියම වනවාට විරුද්ධත්වයක් නොමැතිනම් රිමාන්ඩ් වීමක් වෙන්නේ නැහැ. (බ)
මෙතන කුලසේකරගේ කිසිම වරදක් නෑ. මෝටර් සයිකල් එකේ ආපු එක්කෙනාට පාලනය කරගන්න බැරුව පාරෙන් අනිත් පැත්තට පැනල විරුද්ධ පැත්තෙන් ආපු කුලසේකරගේ වාහනේ හැප්පිලා තියෙන්නේ. මේකට කියන්න තියෙන්නේ සියදිවි නසාගැනීමක් කියලයි. (බ)
සාමාන්‍ය රියදුරෙක් මේ වගේ අනතුරකට මුහුණ පැවානම්, පොලිසිය කීයටවත් ඇප දෙන්නේ නෑ. මෙතන තියෙන නීතිය ක්‍රියාත්මක වීමේ වෙනස එයයි. නමුත් ඕනෑම රථ වාහන වැරැද්දකට පොලිස් ඇප දෙන්න පුළුවන්. නමුත් පොලිසිය ඒ දේ ක්‍රියාත්මක කරන්නේ නෑ. (ම)
ඩෑෂ් කැම් එකක් හයි කර ගන්න. (ර)
අපි නම් අණතුර නොදක මොකුත් කියන්නේ නැහැ. කුලසේකරට වුනු අවාසනාවත් සිද්දිය ගැනනම් කනගාටුවෙනවා, ඒවගේම මියගිය තරුණයට නිවන් සුව පතනවා.! (ර)
මේ අනතුරට මුලික හේතුව ප්‍රදාන මාර්ගයේ ඇති අවිදිමත් කමයි, සමහර තැන වල පාර මැද්දේ ලොකු වලවල් මොර්ටසිකලයක් වැටුනොත් අනතුරක් වෙනවමෛ, අනික මාර්ග ඉදිකිරීමෙන් පසු නිමාවක් නැති කම ප්‍රමිතියෙන් තොර වීම. (අ)
එකට නුවන් පළිනැනේ. (අ)
වරද කාගේ වුනත් අපිට වුනානම් අපි අදටත් හිරේ . අනතුර වලක්වා නොගැනීම යටතේ. (ර)
යතුරු පැදි කරු මිය ගිහින්. බොහොම අවාසනාවන්ත සිද්ධියක්. පවු අහිංසක ජිවිතයක් ඔහුවත් හිතන්ට නැතිව ඇති ඔහු මේවගේ මිය යයි කියලා. (ර)
ලංකාවේ තිබෙන්නේ මහා පුදුම මාර්ග නීති. මනුස්සයෙක් සියදිවි නසාගන්න පාරේ යන වාහනයකට පැන්නත් මුලින්ම කරන්නේ වාහනයේ රියැදුරාව අල්ලාගෙන කූඩුවේ දමන එක. ආණ්ඩුවට බැරිද මෙම නීති ගැන සොයාබලා කාලයට සුදුසු විදිහට වෙනස් කරන්න? (නි)
අනතුරක් වළක්වා නොගැනීම, මරණයක් සිදුකිරීම යන චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකරන්න බැරිද? (නි)