සිංහල අලුත් අවුරුදු හිසතෙල් ගැමේ චාරිත්‍රය යෙදුනු අද (15) පූර්ව භාග 9.06 ට යෙදුණු නැකතට අනුව පින්නවල අලි අනාථාගාරයේ අලින්ගේ හිස තෙල් ගෑමද සිදු කෙරිණි.
සෙත් පිරිත් සජ්ඣායනා මැද සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක, සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුරුද්ධ සිල්වා, පළාත් සභා මන්ත්‍රි සංදිත් සමරසිංහ, පින්නවල අලි අනාථාගාරයේ සහ පින්නවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රේණුකා බන්ඩාරනායක සහ සහකාර අධ්‍යක්ෂිකා දිනේෂිකා මානවඩු යන මහත්ම මහත්මින් අතින් අලින්ගේ හිස තෙල් ගැල්වීම සිදු කෙරිණි.
හිසතෙල් ගෑමෙන් අනතුරුව රසවත් පලතුරූ වලින්ද අලින්ට සංග්‍රහයක් ලැබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියට අලින්ට හොද කලක් යයි (නදී)
120 ට 220ක් ආයු බෝ වේවා ! (ස)
අලි ඔක්කෝම අනාථ කදවුරු වලට දාල තව ටික දවසකින් පෙරහැරටත් අලි නැතිකරලා දැන් තෙල් ගානවා (නදී)
මෙතුමා අනාථාගාරයේ අලින්ටම තෙල් ගාන්න මොකුත් විශේෂ හේතුවක් තියෙනවද දන්නේ නැහැ නේද? (නදී)
අලින්ට පුරුදු කට්ටිය (බ)
අනේ අලියට ගිය කල (බ)
ඔබතුමා දැන්ම ඉඳලා ඕවා පුරුදුවෙන එක හොඳයි. (නි)