ඉන්දියාවේ නව අගමැති භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝදි ඉන්දියා අගමැති ලෙස දිවුරුම් දීමේ උත්සවයට එන්නැයි මහින්ද රාජපක්ෂ ජනපතිට කළ ඇරැයුම පිළිගෙන ඇත. මේ උත්සවය ලබන 26 වැනි දාට නියමිතය.
දකුණු ආසියා සාක් රටවල සියලුම රාජ්‍ය නායකයන්ට මේ සඳහා ඇරැයුම් කර ඇති අතර එය ඉන්දියා නව නායකයාගේ ‘රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රණයක්‘ ලෙස ඉන්දියා මාධ්‍ය හඳුන්වයි.
පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ට ද ඇරැයුම් කිරීම නිසා එම පද දෙක නිර්මාණය කර ඇති බව ඉන්දියා ආරංචි කියයි.
නරේන්ද්‍ර මෝදි පන්දුව පාකිස්තාන අගමැති පැත්තට දමා ඇතැයි ද, ඔහු ඊට කෙසේ පහර දේදැයි බලා සිටින බව ඉන්දියා මාධ්‍ය පවසයි.
‘කාඩ් කුට්ටමෙන් නරේන්ද්‍ර මෝදි ආසියා තෝරාගෙන තියෙනවා. නවාස් ෂරීෆ් කුමකින් සෙල්ලම් කරත්දැයි නොදනී.‘ යනුවෙන් ද ඉන්දියා මාධ්‍ය කියයි.
නවාස් ෂරීෆ් ඊට සහභාගී නොවිය යුතු බව පාකිස්තාන හමුදා මතය බවත්, එහෙත් මේ උත්සවයට යනවා ද නැද්ද යන්න අද ඔහු තීරණයක් ගන්නා බවත් පාකිස්තාන ආරංචි කියයි.
මහින්ද රාජපක්ෂ ජනපතිට ඇරැයුම් කිරීම ගැන තමිල්නාඩු මහ ඇමැතිනි සිය උදහස පළකරමින් පවසනුයේ එය හරියට දෙමළ තුවාලයට ලුණු දමා ඇතිල්ලීමක් බවයි.
වැඩ භාර ගැනීමේ උළෙලට සහභාගී වන ලෙස කළ ඇරැයුම ස්තුති පූර්වකුව පිළිගත් බවත් ඊට සහභාගී වීමට ආශාවෙන් සිටින බවත් මහින්ද රාජපක්ෂ ජනපති සිය ට්විට් පණිවුඩයෙන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්ථානයත් සම්බන්ධ උනොත් හරි, නොබැදි එක්සත් සාක් කලාපයක් ගොඩ නගමු. (ස)
විශිෂ්ටයි.! මෙහිදී මට සිහිවන ජුලියස් සීසර් ගේ ආක්‍රමණික ජයග්‍රහණයෙන් පසු එතුමා කල ප්‍රකාශයක්. " වෙනි - විඩි - විසි " (මම ආවා - මම දුටුවා - මම අල්ලාගත්තා) අපේ ජනාධිපතිතුමාගේ දුරදර්ශි නුවණින් අපට ඉන්දියාවේ නැතිවෙන්නට ගිය සියල්ල නැවත දිනාගැනීමට මේ රාජ්‍ය තාන්ත්‍රික ගමන හේතුවේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි. සමස්ත රට වැසීයාම මේ ප්‍රාර්ථනයේ සිටීම අප රටේ ආරක්ෂාවට ආශිර්වාදයක් වන්නේය. (ස)
අපේ රටට, යහපතක් වෙනවා නම් එයයි මගේ එකම පැතුම ජනාධිපතිතුමණි ජයවේවා (දිල්)
ජනාධිපති තුමාට සහ ශ්‍රී ලංකාවට ජයෙන් ජය වේවා ..(දිල්)
මෝඩි හිතන තරන් මෝඩ නැහැ.ඉන්දියාව ලෝකයේ ගොඩක් දියුණු රටක් වෙයි .(දිල්)
කලාපයේ සහයෝගීතාවයට ලෝක බලවතුන් කැමති වේවිද ?(දිල්)
මෝදි මහත්තයා ඇමරිකාවට යට නොවෙන කෙනෙක් විධියටයි අපි අහලා තියෙන්නෙ? ජයලලිතාගේ, තමිල්නාඩුවේ අන්තවාදී මත වලට යට නොවි ලංකාවට සහයෝගය ලබාගන්න ජනාධිපතිතුමාට හැකිවේවා!(දිල්)
අපේ ජනාධිපතිතුමා,තැනට ඔබින ලෙස හැසිරෙන්නත්,තැනට උචිත අයුරින් වැඩ කරන්නත් උපන් හපන් කම් ඇති අයෙක් නිසා, මෙම දූත ගමනින් අපේ රටට සාර්ථක ප්‍රතිපල ලැබේවි. සුභ පතමි. (දිල්)
අධිරාජ්‍යවාදී මන්ද මානසිකත්වය කරපින්නාගත් කුහකවු ද, විෂමවු ද, අවස්ථාවාදී ඇමෙරිකාව, කැනඩාව, මහාබ්‍රිතාන්‍යය ප්‍රමුඛ යුරෝපාහවුලේ නිරන්තර දේශපාලන භීෂණයට, ආර්ථික භීෂණයට සහ සංස්කෘතික භීෂණයට ගොදුරුවී සිටින ආසියාවේ සංවර්ධනය වෙමින් පවත්නා රටවලට විශේෂයෙන් කලාපීය ආරක්‍ෂිත රැකවරණය අවශ්‍ය මෙවන් මොහොතක නරේන්ද්‍ර දමෝදරාස් මෝදි මහතාගේ අග්‍රාමාත්‍ය අභිෂේක මංගල්‍යය ට සාර්ක් කලාපීය රටවල රාජ්‍ය නායකවරුන්ට ආරාධනා කිරීම, මෝදි මහතා විසින් ගෙන ඇති රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග කෞශල්‍ය මෙහෙයුමේ මංගල පියවර වෙනුවෙන් දේශපාලන විචාරකයින් ප්‍රශංසා මුඛයෙන් කථා කිරීමට ඇති ඉඩකඩ වැඩිය. එතුමාට සුභාසිංසන පැතුම් පළකරමු!!! (අ)
මෙතෙක් කලක් ඉන්දියාවට බැන බැන හිටි හැම දෙන හදිසියේම ඉන්දියාවේ වැදගත් කම තේරුම් ගන්න හැටි තමා මම බලාගෙන ඉන්නේ. අහෝ පකිස්ථානය! (අ)
කරුණිකත්වය තිලිණ කරන විට දී ඔබට ආදරය හිමි වනු ඇත(දිල්)
ලුම්බිණි , මිනිස්සු ඉන්දියාවටත් ඇමරිකාවටත් බනින්නේ ඒ රටේ වැරැද්දකට නෙවේ. ඒ රටවල නායකයන් ක්‍රියාත්මක කරන විදේශ ප්‍රතිපත්ති තමයි විවේචනය කරන්නේ. නව නායකයෙක් ඇවිල්ල හොඳ ප්‍රතිපත්තියක් ගෙනගියොත් මිනිස්සුන්ට ඒ රටත් එක්ක ප්‍රශ්නයක් නැහැ. දැන් ඉන්දියාවේ අලුත් නායකයෙක් ඉන්නවා. මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. එච්චරයි. (අ)
ඉන්දියාවට බනින්නේ නැතුව පුලුවන්ද ලුම්බිණි. (ස)
ඉන්දික දැන් අපේ රටේ යන්නේ හොද ආලනයක්ද (අ)