IMG-LOGO

නිවේදිකාවක් ලෙස ක්‍ෂේත්‍රයට පිවිසි අනූ ආකර්ෂා වර්ණකුලසූරිය

2016-07-13-ent-39

නිවේදිකාව ලෙස ක්‍ෂේත්‍රයට පිවිසි අනූ ආකර්ෂා වර්ණකුලසූරිය නිරූපණයට අතපොත තබන්නේ ඇය කලාවට ඇති ආදරය නිසාවෙනි. තම අරමුණ කරා දිග්විජය කිරීමට සැරිසැරෙන ඇයට රංගනයට ආරාධනා ලැබී තිබේ. තාරුණ්‍ය‘යෙහි සිත් ඇදී යන මේ සොඳුරු යුවැත්තිය "සාරවිට" අප සමගින් ඇගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව පැවසුවේ මෙලෙසිනි.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2016-07-13-ent-45මගේ නම අනූ ආකර්ෂා වර්ණකුලසූරිය. නිවේදිකාවක් විදිහට තමයි ක්ෂේත්‍රයට ආවේ.

 

ඒ ගැන පැවසුවොත්?

මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ නිවේදන කටයුතුවලටයි. මට නිවේදනයට දක්ෂතාවක් තියෙනවා කියලා මාව මේ ක්ෂේත්‍රයට හඳුන්වලා දුන්නේ ප්‍රසන්න සහ තුසිත සර්ලා. ඒ අයව මම මේ වෙලාවේ මතක් කරනවා. නිවේදන ක්ෂේත්‍රයේ ඉන්න කොට මට ඊළඟට තමයි නිරූපණ කටයුතුවලට දායක වුණේ. ඉතිං මට ඒ ක්ෂේත්‍රයේ ඉද්දී මට හඳුනගන්න හම්බ වුණා කාවින්ද ලෙස්ලි කියන මේකප් ආර්ටිස්ට්ව. එයා තමයි මාව නිරූපණ ක්ෂේත්‍රයට අරගත්තේ.

 

නිවේදනයෙන් දායක වුණු වැඩකටයුතු ගැන කිව්වොත්?

මම නිවේදනට කටයුතු වශයෙන් දැනට "චැනල් සී" එකෙන් නිවේදිකාවක් වශයෙන් කටයුතු කරනවා. මම එම නාළිකාවේ වැඩසටහන් කිහිපයක් කරලා තියෙනවා. ඒත් එක්කම මම දැනට "ඇයි අවුල්ද" කියන විහිළු වැඩසටහන කරනවා. ඉතිං ඒ කටයුතු කරනවා. මම ගොඩක්ම කැමති නිවේදනය පැත්තෙන් ඉදිරියට යන්න.

 

නිරූපණයෙන් වැඩකටයුතු සඳහා දායක වෙලා තියෙනවාද?

මම මියුසික් වීඩියෝ කිහිපයක් සඳහා දායක වෙලා තියෙනවා. වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙලා නැහැ. මම තවම වෙනත් අංශයකින් අධ්‍යාපන කටයුතු කරනවා. මම පොඩිකාලේ ඉඳන්ම ආසාවක් තිබුණේ කවුන්සිලර් කෙනෙක් වෙන්න. ගුරු වෘත්තීය සහ කවුන්සිලර් කෙනෙක් වෙන්න තමයි පොඩි කාලෙ ඉඳන්ම ආසාව වුණේ. මම දැනට කවුන්සලින් උපාධිය කරමින් පවතිනවා. ඒත් එක්කම මට අනෙක් දේවල් සඳහා සහභාගී වීමට කාලය අඩුවුණා. ඉගෙනීමට බාධාවක් නොවෙන පරිදි නිවේදනය කටයුතුත් කරගෙන යනවා.

 

නිරූපණය, නිවේදනය සහ ඉගෙන ගන්න දේ අතරින් වෘත්තීය විදිහට තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

නිරූපණය වෘත්තීයක් විදිහට කරන්න බැරිවෙන කාලයක් එනවා. ඉතිං ඒ කාලෙදී නිරූපණයෙන් ඈත්වෙන්න වෙනවනේ. කවුන්සිලර් කෙනෙක් වුනහම ඒක ජීවිත කාලයටම පවතිනවා. ඒකනිසා මේ දෙකම සමානවම කරගෙන යනවා. මට තව අවුරුදු තුනක් යනවා මේ දේ ඉවර කරන්න. ඒ නිසා මේ වැඩ කටයුතු සමබරව කරගෙන යනවා.

 

නිරූපණයට ගෙදරින් කැමැත්ත ලැබුණද?

මම හොඳ දෙයක් කරනවාට අම්මා ඕන වෙලාවක කැමතියි. මම ඉදිරියට යන්න ඕනේ කොහොමද කියලා මගේ අම්මා දන්නවා. ඒක නිසා මාව විශ්වාස කරලා ඒ දේවල් සඳහා දායක කරනවා. එයාගේ විශ්වාසෙත් රැකගෙන මේ දේවල් වගේම අධ්‍යාපන කටයුතුත් කරනවා. තව විශේෂ දෙයක් කියන්න ඕනා. මට සිනමාවට ආරාධනාවක් ලැබිලත් තියෙනවා. ඒ රත්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූ ගාමිණී හේවාවිතාරණ මහතාගෙන්. ඔහුගේ චිත්‍රපටයක් මේ අවුරුද්දේ අන්තිමටම රූගත කිරීමේ කටයුතු ආරම්භ වෙනවා. ඔහු ගොඩක් වෙනස්ම චිත්‍රපට කරන අධ්‍යක්ෂකවරයෙක්. ඒවගේම චිත්‍රපටයක් තමයි මේ චිත්‍රපටයත්. එහි දැනට පුහුණු වීම් කරගෙන යනවා.

 

ස්තූති කරන්න කවුද ඉන්නේ?

මම මුලින්ම කිව්වා වගේ මට මේ නිවේදන ක්ෂේත්‍රයට අත දුන්නේ තුසිත. තුසිත වෙනුරශ්‍රී සහ චැනල් සී එකේ අධිපති ප්‍රසන්න යන අයයි. මට නිරූපණයට අතදුන්නේ සහ සහයෝගයක් දුන්නේ කාවිංග ලෙස්ලි ඒත් එක්කම ආසිරි අයියටත් මම ස්තූති වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - පසන් සෙනවිරත්න

 

2016-07-13-ent-44
2016-07-13-ent-43
2016-07-13-ent-41
2016-07-13-ent-40
2016-07-13-ent-38
2016-07-13-ent-37
2016-07-13-ent-36
2016-07-13-ent-35
2016-07-13-ent-34
2016-07-13-ent-46
 



අදහස් (0)

නිවේදිකාවක් ලෙස ක්‍ෂේත්‍රයට පිවිසි අනූ ආකර්ෂා වර්ණකුලසූරිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 383 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 839 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site