IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘නැවත මහින්දට බලයට එන්න ඉඩ දෙන්නේ නෑ‘

‘ලංකාවේ කට්ටඬියන්ගේ පමණක් නොව ඉන්දියාවේ කට්ටඬියන්ගේ ආරක්ෂාවත් ඇතුළුව සියලු රැකවරණය සමග ඡන්දෙට ආපු මහින්ද පැරදුණා. දැන් මේ කුරුණෑගල පොල්ගහක එල්ලිලා දිනන්නට හැකිද‘ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා සඳුදා (10) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ජන රැලියක් අමතමින් පැවසීය.

‘රනිල් එදා කල්පනා කර කර හිටියේ නායකත්වය ගැන. සජිත් මහත්තයා කල්පනා කර කර හිටියේ සිරිකොත පුටුව අල්ලගන්නේ කොහොමද කිය කියා. පක්ෂේ ඇතුලේ අර්බුද රැසක් තිබුණා. හැබැයි ඒ වෙලාවේ රාජපක්ෂ පාලනයෙන් රට මුදවාගන්න ඉදිරියට ආවේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ ඉදිරියට ආපු ගමනේ ජයග්‍රහණයෙන් පසු යළි මහින්ද රාජපක්ෂට බලය අල්ලා ගැනීමට කිසිවිටක ඉඩ දෙන්නේ නෑ‘ යැයි පැවසූ දිසානායක මහතා ජනවාරි 8 ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන එකම පක්ෂයද ජනතා විමුක්ති පෙරමුණ බවත් කීවේය.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැලියට එම පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයින් රැසක් මෙන්ම පාක්ෂිකයෝ විශාල පිරිසක්ද එක්ව සිටියහ.

_DSC0010 _DSC0015 _DSC0021 _DSC0039 _DSC0100



අදහස් (0)

‘නැවත මහින්දට බලයට එන්න ඉඩ දෙන්නේ නෑ‘

නොයෙල් Tuesday, 11 August 2015 04:34 AM

මහින්ද පරදන්න කලින් තමන්ගේ පක්ෂේ දිනවන විදියක් හොයා ගන්නවා . මෙයාගෙත් කයිවාරුව විතරයි (බ)

:       0       0

රුවන් Tuesday, 11 August 2015 04:43 AM

ඔබලාට රටට ජනතාවට නිවැරදි දිසාවට නායකත්වය දිය හැකි බව මගේ විශ්වාසයි (බ)

:       0       0

දිනේෂ් Tuesday, 11 August 2015 04:46 AM

ආනේ ඩිංගක් ඉන්නකෝ..ඇයිද කලබල? (ම)

:       0       0

උපාලි Tuesday, 11 August 2015 04:48 AM

මහින්ද මහතා තමා හෙඳහ කෙනා (ම)

:       0       0

පත්මබන්දු Tuesday, 11 August 2015 04:59 AM

ධම්ම මේ පාරත් හීන දකිනවා පව්! (බ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 11 August 2015 05:03 AM

එතකොට මහින්ද පැරදුනොත් දිනන්නේ කවුද? තමුන්ද..? තමන්ගේ පක්ෂේ නායකයාව අමු අමුවේ පන පිටින් පෝරනුවට දාපු තමුන් නිසා නොමග ගිය 60000 ක් තරුණ තරුණියන් මහ මග ටයර් සැය වල යවල බලු කපුටන්ට අහාර පිණිස දීපු වෘත්තීය සමිති ව්‍යාපාර වැඩ වර්ජන රාජ්‍ය බලය යොදා දරුණු මර්දනයට ලක් කරවපු වසර 17 ක ඉතාමත් අපකීර්තිමත් ඉතිහාසයක් උරුම කරගත් එක්සත් ජාතික පක්ෂය නේද? එයිට වඩා මහින්ද සතුරෙක්ද? (බ)

:       0       0

සමන්ව අලිකල Friday, 28 August 2015 04:51 PM

අද මොකද මේ වෙලා තියෙන්නේ ? (නදී)

:       0       0

සම්පත් Tuesday, 11 August 2015 05:22 AM

මේදා සැරේ අනිවාර්යයෙන්ම කොළ පාට ආණ්ඩුවක්.(ම)

:       0       0

රතු තරුව. Tuesday, 11 August 2015 05:36 AM

ජවිපෙ ඉදිරියටම යාවි. (ම)

:       0       0

බදුල්ලේ බණ්ඩාර Tuesday, 11 August 2015 09:29 AM

මෛත්‍රී-රනිල්-අනුර සුසංයෝගයක් ...අපේ පැතුම ... (නි)

:       0       0

රජිව් Tuesday, 11 August 2015 05:39 AM

දැන් කාටද බලයට එන්න ඉඩ දෙන්නේ ? (ම)

:       0       0

ජානක Tuesday, 11 August 2015 05:40 AM

සාධාරණ සමාජයක්, යුක්තිගරුක දේශයක්, නිවහල් මිනිසෙක් නිර්මාණය කරමින්, අපේ රට දියුණු මානවවාදි සමාජයක් වෙත පරිවර්තනය කරන, උත්තුංග අරමුණ පෙරදැඩි කරගත් ගමනේ, ඔබ දක්වන දායකත්වයට අපගේ උත්තමාචාරය.......!! (ම)

:       0       0

බන්දුල Tuesday, 11 August 2015 01:16 PM

ජවිපෙ ජය රටේ ජයයි (නි)

:       0       0

පද්මිණී Tuesday, 11 August 2015 06:08 AM

ජන:8 යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් 17 වෙනිදා අග්ගලා මල්ල ගැන කුමන කතාද? ජවිපෙට ජය! (නි)

:       0       0

විපුල Tuesday, 11 August 2015 06:09 AM

ඔබගේ වටිනා ඡන්දය මොවුන්ට ලබාදෙන්න (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 16 August 2015 07:50 AM

අනුර ඔබයි අපේ බලාපොරොත්තුව (නි)

:       0       0

රවී Tuesday, 11 August 2015 06:15 AM

මහින්ද පරදවන්නට දඟලන ජේවීපීය. අනේ මොවුන්ගේ කතා! (නි)

:       0       0

ප්‍රියන්ත. Sunday, 16 August 2015 07:58 AM

රටේ අනාගතය අනුර ඔබට .....! (නි)

:       0       0

මදූ Tuesday, 11 August 2015 10:06 AM

රටේ අනාගතය ජවිපෙ තමයි (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 11 August 2015 06:57 AM

එතකොට මහින්ද පැරදුනොත් දිනන්නේ කවුද? ඔබද? ඔබ කවුද කියලත් රටේ මිනිස්සු හොඳින් දන්නවා.. (නි)

:       0       0

ජයන්ත Tuesday, 11 August 2015 08:09 AM

අනේ පව්! ඔයාලා දවල් හීන දකින්නේ ඇයි? මොනවා වුණත් ඔයාලා කරපු මොනදේටද මේ මිනිස්සු ඡන්ද දෙන්නේ? (නි)

:       0       0

දුමින්ද Tuesday, 11 August 2015 04:15 AM

බලය දීම හෝ නොදීම ජනතා කැමැත්ත නේද ........රතු පාට අලි සිහිනයක් නොවන බව පෙනේ (බ)

:       0       0

ධම්ම Tuesday, 11 August 2015 04:16 AM

අලුත් ආණ්ඩුව සමන්විය යුතු වන්නේ ජනපති මෛත්‍රී යටතේ මහින්ද අගමැති ලෙස හා අනුරකුමාර විපක්ෂ නායක ලෙස බව මගේ පෞද්ගලික මතයයි. (බ)

:       0       0

දිලිප් Tuesday, 11 August 2015 04:27 AM

දේශපාලනය තුළ වත්මන් ප්‍රවනතාවය අනුව සියල්ලන්ම එකය. නමුත් ගත යුත්තක් වේනම් ඒ ජවිපෙය. යම් තරමක හෝ කැක්කුමක් ඔවුන්ට ඇත. නමුත් ජනතාව මේ ගැන අවධානය යොමු නොකරයි. අනෙකුත් පක්ෂ ඔවුන්ගේ අතීතය හෝද හෝදා මඩේ දමමින් තම වාසියට ගනී. මෙවර ජවිපෙය යම් වර්ධනයක් පෙන්වනු නියතය. ප්‍රධාන පක්ෂ දෙක ගැනම කලකිරුණු හා පාවෙන ඡන්ද බහුතරයක් ඔවුන් ගනු ඇත. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site