‘ලංකාවේ කට්ටඬියන්ගේ පමණක් නොව ඉන්දියාවේ කට්ටඬියන්ගේ ආරක්ෂාවත් ඇතුළුව සියලු රැකවරණය සමග ඡන්දෙට ආපු මහින්ද පැරදුණා. දැන් මේ කුරුණෑගල පොල්ගහක එල්ලිලා දිනන්නට හැකිද‘ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා සඳුදා (10) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ජන රැලියක් අමතමින් පැවසීය.
‘රනිල් එදා කල්පනා කර කර හිටියේ නායකත්වය ගැන. සජිත් මහත්තයා කල්පනා කර කර හිටියේ සිරිකොත පුටුව අල්ලගන්නේ කොහොමද කිය කියා. පක්ෂේ ඇතුලේ අර්බුද රැසක් තිබුණා. හැබැයි ඒ වෙලාවේ රාජපක්ෂ පාලනයෙන් රට මුදවාගන්න ඉදිරියට ආවේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ ඉදිරියට ආපු ගමනේ ජයග්‍රහණයෙන් පසු යළි මහින්ද රාජපක්ෂට බලය අල්ලා ගැනීමට කිසිවිටක ඉඩ දෙන්නේ නෑ‘ යැයි පැවසූ දිසානායක මහතා ජනවාරි 8 ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන එකම පක්ෂයද ජනතා විමුක්ති පෙරමුණ බවත් කීවේය.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැලියට එම පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයින් රැසක් මෙන්ම පාක්ෂිකයෝ විශාල පිරිසක්ද එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද පරදන්න කලින් තමන්ගේ පක්ෂේ දිනවන විදියක් හොයා ගන්නවා . මෙයාගෙත් කයිවාරුව විතරයි (බ)
ඔබලාට රටට ජනතාවට නිවැරදි දිසාවට නායකත්වය දිය හැකි බව මගේ විශ්වාසයි (බ)
ආනේ ඩිංගක් ඉන්නකෝ..ඇයිද කලබල? (ම)
මහින්ද මහතා තමා හෙඳහ කෙනා (ම)
ධම්ම මේ පාරත් හීන දකිනවා පව්! (බ)
එතකොට මහින්ද පැරදුනොත් දිනන්නේ කවුද? තමුන්ද..? තමන්ගේ පක්ෂේ නායකයාව අමු අමුවේ පන පිටින් පෝරනුවට දාපු තමුන් නිසා නොමග ගිය 60000 ක් තරුණ තරුණියන් මහ මග ටයර් සැය වල යවල බලු කපුටන්ට අහාර පිණිස දීපු වෘත්තීය සමිති ව්‍යාපාර වැඩ වර්ජන රාජ්‍ය බලය යොදා දරුණු මර්දනයට ලක් කරවපු වසර 17 ක ඉතාමත් අපකීර්තිමත් ඉතිහාසයක් උරුම කරගත් එක්සත් ජාතික පක්ෂය නේද? එයිට වඩා මහින්ද සතුරෙක්ද? (බ)
අද මොකද මේ වෙලා තියෙන්නේ ? (නදී)
මේදා සැරේ අනිවාර්යයෙන්ම කොළ පාට ආණ්ඩුවක්.(ම)
ජවිපෙ ඉදිරියටම යාවි. (ම)
මෛත්‍රී-රනිල්-අනුර සුසංයෝගයක් ...අපේ පැතුම ... (නි)
දැන් කාටද බලයට එන්න ඉඩ දෙන්නේ ? (ම)
සාධාරණ සමාජයක්, යුක්තිගරුක දේශයක්, නිවහල් මිනිසෙක් නිර්මාණය කරමින්, අපේ රට දියුණු මානවවාදි සමාජයක් වෙත පරිවර්තනය කරන, උත්තුංග අරමුණ පෙරදැඩි කරගත් ගමනේ, ඔබ දක්වන දායකත්වයට අපගේ උත්තමාචාරය.......!! (ම)
ජවිපෙ ජය රටේ ජයයි (නි)
ජන:8 යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් 17 වෙනිදා අග්ගලා මල්ල ගැන කුමන කතාද? ජවිපෙට ජය! (නි)
ඔබගේ වටිනා ඡන්දය මොවුන්ට ලබාදෙන්න (නි)
අනුර ඔබයි අපේ බලාපොරොත්තුව (නි)
මහින්ද පරදවන්නට දඟලන ජේවීපීය. අනේ මොවුන්ගේ කතා! (නි)
රටේ අනාගතය අනුර ඔබට .....! (නි)
රටේ අනාගතය ජවිපෙ තමයි (නදී)
එතකොට මහින්ද පැරදුනොත් දිනන්නේ කවුද? ඔබද? ඔබ කවුද කියලත් රටේ මිනිස්සු හොඳින් දන්නවා.. (නි)
අනේ පව්! ඔයාලා දවල් හීන දකින්නේ ඇයි? මොනවා වුණත් ඔයාලා කරපු මොනදේටද මේ මිනිස්සු ඡන්ද දෙන්නේ? (නි)
බලය දීම හෝ නොදීම ජනතා කැමැත්ත නේද ........රතු පාට අලි සිහිනයක් නොවන බව පෙනේ (බ)
අලුත් ආණ්ඩුව සමන්විය යුතු වන්නේ ජනපති මෛත්‍රී යටතේ මහින්ද අගමැති ලෙස හා අනුරකුමාර විපක්ෂ නායක ලෙස බව මගේ පෞද්ගලික මතයයි. (බ)
දේශපාලනය තුළ වත්මන් ප්‍රවනතාවය අනුව සියල්ලන්ම එකය. නමුත් ගත යුත්තක් වේනම් ඒ ජවිපෙය. යම් තරමක හෝ කැක්කුමක් ඔවුන්ට ඇත. නමුත් ජනතාව මේ ගැන අවධානය යොමු නොකරයි. අනෙකුත් පක්ෂ ඔවුන්ගේ අතීතය හෝද හෝදා මඩේ දමමින් තම වාසියට ගනී. මෙවර ජවිපෙය යම් වර්ධනයක් පෙන්වනු නියතය. ප්‍රධාන පක්ෂ දෙක ගැනම කලකිරුණු හා පාවෙන ඡන්ද බහුතරයක් ඔවුන් ගනු ඇත. (බ)