(ප්‍රියන්ත දසනායක)

අකුරැස්ස යෝජිත බස්නැවතුම්පොළ භූමියේ නවතා තිබූ කාර් රථයක්  හිටිහැටියේ ගිනිගෙන විනාශ වූ අතර ඉන් කිසිවකුට අනතුරක් සිදුවී නොමැති බව අකුරැස්ස පොලීසිය කියයි.

රියෙ  රියදුරු මිතුරන් දෙදෙනකු හමුවීමට ඒම ස්ථානයට එද්දී  කාරය මඩ වගුරක එරී ඉදිරියට පසුපසට ගැනීමට නොහැකි වි තිබේ.

පසුව පසුපසට වේගයෙන් ගැනිමට ගත් උත්සාහය සමග රථයේ දොරගුලු සියල්ලම අගුලු වැටී එකවරම ඉදිරිපසින් විශාල ගින්නක් හටගත් බව රියදුරු පොලීසියට ප්‍රකාශ ලබා දී තිබුණි