ගුරුවරිය දණ ගැස්වූ පළාත් සභා මන්ත්‍රීට එරෙහිව පැවති උද්ඝෝසණය ඇති වී ටික වේලාවකින් නවගත්තේගම නවෝද්‍යා පාසල වසා දැමිණි.
උණුසුම් තත්වයක් ඇතිවුන නිසා පෙරවරු 10.30 පාසැල වැසූ බව එහි ප්‍රකාශකයෙක් කියයි.
ගුරුවරිය දණ ගැස්වූ පළාත් සභා මන්ත්‍රීට එරෙහිව පැවති උද්ඝෝසණය ඇති වී ටික වේලාවකින් නවගත්තේගම නවෝද්‍යා පාසල වසා දැමිණි.
උණුසුම් තත්වයක් ඇතිවුන නිසා පෙරවරු 10.30 පාසැල වැසූ බව එහි ප්‍රකාශකයෙක් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීල්, මෙතන තියෙන්නේ ළමයින්ගේ ඇඳුම් වල ප්‍රශ්නයක් නෙමෙයි. පාසලකට ඇතුළු වී ගුරුවරියෙකුට අපහාස සහ හිරිහැර කිරීම පිලිබඳ ප්‍රශ්නයක්. මේක ඔයාට වුනා නම් තේරෙයි. ඔයාල වගේ අය නිසා තමයි මේ වගේ දේවල් කරපු මිනිස්සු බේරෙන්නේ (නි)
පියා මොනව කළත් ළමයට ඒක අදාල නැහැ. ළමයා නොදරුවා. ඒ ළමයා මානසිකව වට්ටන එක හොඳ මදි. එක හොඳකුත් දකිනවා මේ මන්ත්‍රීතුමා මේ වගේ පාසලකට තම ළමයා යැවීම ගැන. ඒත් මොනවා කරන්නද මොලේ නැහැනෙ. මේ වගේ හුදකලා සිද්ධීන් වලට ප්‍රතිචාර දක්වන්න ඕනෑ තමයි. ඒත් සමාජයෙම ඔඩු දුවපු පිළිකාව සනීප කරන්නම වෙනවා (නි)
අර ළමයා සහ පියා දෙදෙනාටම සමාව දියයුතුයි. කෙලි පාසැල් ආ යුතුයි. ගුරුතුමිය මෙය තම මතකයෙන් අයින් කළ යුතුයි. මෙම සිද්ධිය පාඩමකට ගෙන අප සියලු දෙනා මින් ඉදිරියට මෙවන් සිද්ධියක් නොවන ආකාරයට කටයුතු කළයුතුයි. (නි)
කට කහනවට නෙමෙයි ඉස්සර මිනිස්සු කියලා තියෙන්නේ පුත්තලම් බුරුවො ගැන. (නි)
විජේසූරිය , පුත්තලමේ විතරක් නෙමේ , ගම්පහ දිස්ත්‍රික්කයේ පැත්තක ඉන්නෙත් ඔය ඔය කියන ජාතියේ අයම තමා. (නි)
දුව මින් පස්සේ ජාත්‍යන්තර පාසලකට යාවි නේද? තාත්ත හම්බකරපු සල්ලි ඇතිනේ (නි)
අර සමෘර්ධි නියමක ගස් බැඳ වෙලාවේ කවුරුවත් ඊට විරුද්ධව කතාකලේ නැහැනේ. ඒක නිසා මොහුත් ආදර්ශයට මෙය කරන්න ඇති. (නි)
අනේ කොට ගව්මක් කල හදියක් දරුවන්ට දෙවියන්ගේම පිහිට තමා.(ස)
ප්‍රියල් නීතියට විරුද්ධව වැඩ කළා නම් නීතියට අනුව කටයුතු කිරීමෙන් එය විසඳන්න පුළුවන්. නමුත් මා කතාකරන්නේ සමහර පාසල් රෙගුලාසි නිසා අහිංසක දරුවන්ට සිදුවන මානසික පීඩා හා අපහාස ගැනයි. වැඩිහිටියන් වෙනුවෙන් නොයෙක් සංගම් තිබුනත් දරුවන් අම්මා තාත්තා නැත්නම් අසරණයි. මෙහි අදහස් දාන බක පණ්ඩිතයෝත් තවමත් හණමිටි බිමින් තියාගන්න බැරිවුණු අඳ බාලයින් බව පැහැදිලියි. (නි)
මැරයින් එලවන්න පොල්ලක් අරගන්නේ මැරයෙක් මොකද පොල්ලක් අරගෙන පැන්නේ ඒ පොල්ලෙන්ම මැර තට්ටය පලපන්නේ සියලුම ගුරුවරුන් එක්විය යුතු වන්නේ... (නි)
නවගත්තේගම විදුහලේ ගුරුවරුනි අද ඇයට හෙට ඔබට (අ)
පුත්තලමේ අය ඇයි මේ වගේ අයට ජන්දේ දුන්නේ.(නදී)
රංජනී ලන්ඩන්, දරුවන්ට දෙවියන්ගේ පිහිට ඉල්ලුවහම ලැබෙන්නේ එංගලන්තයේ වෙන්න ඇති. ඒත් ලංකාවේ දරුවන්ට පිහිටට ඉන්නේ අම්මා තාත්තා පමණමයි. අනිත් අය සියල්ලෝම මාන බලන්නේ දරුවන්ගෙන් ජීවනෝපාය සරි කරගන්න නැත්නම් ඔවුන්ගෙන් පහත් රසවින්දනයක් ලබන්න. ඇත්ත කතා කරන්නත් බිම ඉඳගන්නත් බයවෙන්න එපා කියා මට ඉගැන්නුවෙත් මගේ පියා මිස ගුරුවරු නොවෙයි. (නි)
අනේ නීල් වගේ මෝඩයෙක්? (නි)
තරාතිරම නොබලා දඩුවම් දිය යුතුයි. හැබැය් බොරදියේ මාළු බාන්න ඉඩ නොදිය යුතුයි.(ස)
කලින් නෙවේ සතියක්ම ඉස්කෝලේ වහන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ (නි)
මම හිතන්නෙ නීල් අර දේසපාලුවාගේ වගේ මොලයක් තියෙන කෙනෙක් වගේ.(නදී)
රුපවාහිනී කේස් එක වගේ කට්ටියට පස්සේ තමයි රිටන් එන්නේ මගදී බ්ලේඩ් පාරවල්, මඩ ප්‍රහාරවල් ඕවට මුණ දෙන්න වේවි. රටේ අවුල් නැතුවට අවුල්.(නදී)
හැම දෙයක්ම ඔහොම තමා (නි)
විජේසිරිගේ කතාව ඇත්ත. නමුත් ගම්පහ ඔය කියන සත්තුන්ට අවශ්‍ය දේශගුණය නැහැ.(නදී)
මෙන්න මේවට වැඩ වර්ජනය කරන්න ඕනෑ.අනෙක කෝ හැමදේටම කෑ ගහගෙන දුවන දෙමව්පියෝ? (නි)
ඇයි දන්නේ නැහැ බොරකළේ.(නදී)
උද්ඝෝෂණය ගුරු නම්බුව රකින්න නම් හොඳයි, දේශපාලන හෙන්චයිලලා මෙහෙයවන්නක් නම් කැතයි.(ස)
නීල්, ඔයා මන්ත්‍රීට කඩේ යනවද? ඔබගේ ප්‍රතිචාරයේ වචන හසුරුවන ආකාරයෙන්ම පෙනෙනවා ('හැත්තෑව දශකයේදී සිරිමා හා වාමාංශික සභාග රජය') කොයි වගේ බුද්ධි මට්ටමක පුද්ගලයෙක්ද කියලා. හැත්තෑව දශකයේ භූමිතෙල් චීත්ත ඇන්දට කව්රුවත් හෙළුවෙන් හිටියේ නැහැ. සමහරවෙලාවට ඔබගේ කව්රුහරි එහෙම හිටියද දන්නේ නැහැ.(නදී)
නියෝජ්‍ය විදුහල්පති කෙනෙක් විදියට පොලිසියේ බොරු කටඋත්තරයක් දුන්න එකට ඔහුට විරුද්ධව අවශ්‍ය නම් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකියි නේද? (නි)
ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් උනාට පස්සේ කළු දිග ගව්මක් අන්දලා ඇස්දෙක විතරක් පේන්න ඔලුවේ ඉඳන් මුහුණත් වහල පාසල් නොයවා ගෙදර තියාගන්න. එතකොට කාට කාටත් නින්ද යයි.(ස)
ජනාධිපති තුමා ,ගුරුතුමියට පෞද්ගලිකව දුරකතනයෙන් කතා කල නිසා එතුමා සාධාරණ යක් ඉටු කරයි.එතෙක් ගුරුවරුන්ටත් සිසු න්ටත්,දෙමාපියන්ටත්,සන්සුන් වීම යහපත්.(ස)
අර එකපාරක් අර ඇමතිතුමා රජයේ නිලධාරියෙක් ගස් බැඳීමට එරෙහිව රජය නිසි පියවරක් නොගැනීමේ ප්‍රතිඵල තමයි මේ.(නදී)
වරුණ, ඔයා කියන්නෙ කට වහගෙන ඉන්න කියලද? (නි)
බලමු ,තව සතියකින් නිදහස්වී මල් මාලා දමා,ජනතා ඔල්වරසන් හඩ මැද සිනා මුසු මුහුණින් එලියට එන දර්ශනය. (නි)
නීල්, එතකොට ඔයා කියනවා වගේ කොට ගවුම් ඇන්දාට ප්‍රශ්නයක නැහැ? (නි)
නුසුදුස්සන් පත්වුණහම ඉතින් අහන්න දෙයක් තියෙනවද? (නි)
ලබන සතියේ පළාත් සභාව විසිරෙව්වට පස්සේ හුලන් බහීවි. මේ පාර ඡන්දෙ ලැබෙන එකක් නැහැ. දෙවියන්ගේ පිහිටයි. (නි)
මේ වගේ ඒවාට කඩිනමින් පිළියම් නොයදිමෙන් පෙනීයන්නේ මෙවැනි දේ ඉදිරියටත් සිදු වීමට අනු බල දීමකි. අධ්‍යාපනය සම්බන්ධව ඇමති වරු කියක් ඉන්නවද ඒ කිසි කෙනෙක් මේ වෙනුවෙන් ප්‍රකාශයක් කරාද?(නදී)
විදුහල්පති මන්ත්‍රීට උදව්කරන බව පේනවා. ප්‍රකාශයත් ඉල්ලා අස්කරගෙන නේද?(නදී)
නවගත්තේගම පාසලේ සිද්ධිය සිදුවන අවස්‌ථාවේදී ඊට එරෙහිව ගුරු මණ්‌ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඩෙක්‌ස් කකුල් සහ පුටු කකුල් අතට නොගැනීම ගැන අපි මහත් සේ දුක් වෙමු. මෙය කොළඹ පාසලක සිදු වී නම් පළාත් සභා මන්ත්‍රීට ගෙදර යාමට සිදු වන්නේ කලිසම ඔළුවේ ඔතාගෙන ය. සමහර විට කලිසම එතූ ඔළුව වෙනමත්, ඔළුව නැති ඇඟ වෙනමත් ගෙදර යෑවීමට වුව සූදානම් ගුරුවරුත් ශිෂ්‍යයෝත් කොළඹ සිටිති. මෙය විශ්ව විද්‍යාලයක සිදු වී නම් පළාත් සභා මන්ත්‍රී ඇඳ සිටි ඇඳුම පමණක් ගෙදර යෑවෙනවා ඇත. සිරුර පොලිස් මෝචරියෙන් භාරගත හැකිය.ගුරුවරිය දණ ගැස්වූ පළාත් සභා මත්‍න්රී සමාජ උවදුරකි. ඒ ගැන කටයුතු කරන ලෙස වයඹ පළාත් වාසීන්ගෙන් ඉල්ලමු.(නදී)
මට තියන ගැටලුව මේ සිදුවීම වූ වෙලාවේ විදුහල්පති තුමා කොහෙද ? හිටීයේ කියන එක. මග ඇරලා හිටියද ? (ස)
මෙලෝ සසරක ඉස්කෝලෙකට ගොඩ වෑදුනෙ නෑති මෝඩයොන්ට ඡන්දෙ දුන්නෙ අපිමයි අපිට අපිම ගහ ගන්න ඕන පුත්තලම දිස්ත්‍රික්කෙ ඉන්නෙ ඔක්කොම අය එකයි.(ස)
පාසල් ළමයින්ගේ සුදු ගවුම දණ හිසෙන් පහලට අගල් 2ක් තිබිය යුතුයි කියලා නිතිය ගෙනාවෙත් ජනාදිපතිතුමා. ඒ නිසා මේ ප්‍රස්නේ එතුමාම විසදයි. තමන්ගේ දරුවා විලි බිය නැතිව හැදිලා විනාශයක් කර ගත්තා නම් මන්ත්‍රීට සැපට නින්ද යයි. දරුවා නොදරුවා. තාත්තට වැටහුනේ නැත්තේ ඇයි.(නදී)
ගුරුවරු වැඩවර්ජනය කරන්න. තමන්ගේ ගරුත්වය රැක ගන්න.(නදී)
සමන් හැත්තෑව දශකයේදී සිරිමා හා වාමාංශික සභාග රජය කාලයේ ලංකාවේ ගැහැණු ඇන්දේ භූමිතෙල් චීත්ත ගවුම් යන්තමට රහස් අවයව වැහෙන්න විතරයි. එහෙමයි කියල අද තරම් ළමා අපචාර ස්ත්‍රී දුෂණ ඒ කාලේ තිබුනේ නැහැ. ඒ ගුරුවරු ළමයින්ට උගන්වන රාජකාරිය හරියට කළා. දැන් අය බැරි කම වහගන්න දරුවන් මානසිකව වට්ටනවා. එය බරපතල වැරද්දක් දනගස්සනවට වඩා.(ස)
අර ඉස්සර දගලපු කෙනාට දඬුවම් නොදීපු එකේ ප්‍රතිපල දැන් ලැබෙනවා. මේවට වගකිව යුත්තේ වගකිවයුත්තෝමයි. මේවා කියන්න මිනිස්සු බයයි. ඇත්ත ඒකයි නේද මහත්වරුනි. (නි)
මේ සෙල්ලම් කරන්නේ ළමයින්ගේ අනාගතයත් එක්ක (දී)
දුවට කලින් තාත්තා ඉස්කෝලේ යවන්න ඕනෑ (නි)
මේ රටේ දරුවන්ටත් ලෝකයේ අන් රටවල මෙන් මානව අයිතිවාසිකම් හා ආත්ම ගෞරවය තිබෙන බව පිළිනොගන්නා ගුරුවරු තමන්ගේ වළ තමන් විසින්ම කපාගන්නවා. (නි)
පුත්තලමේ බූරුවෝ ඉන්නවා කියන්නේ ඇත්තද ? (ස)
දුවට සහ තාත්තට ආයේ නම් මේ ඉස්කෝලේ පැත්තේ එන්න තියන්න එපා. (නි)
ප්‍රශ්න දෙකක් තියෙනවා. දේශපාලකයන්ගේ දරුවෝ වැඩි දෙනෙක් පාසල් යන්නේ කොළඹ. අපේ දරුවන්ට විතරයි ගමේ පාසල් වලංගු. අනික කොට ගවුම ඉවත් කරලා දිග ගවුම, දිග කලිසම, ලමාසාරිය, උසස්පෙළ සිසුවියන්ට නම් ඔසරිය වගේ ඇඳුම් පාසල් නිල ඇඳුමට නියම කළා නම් මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ නේද? (නි)