නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධව පොලීසියට දුන් කට උත්තරය ඉවත්කරගත් එම පාසලේ නියෝජ්‍ය විදුහල්පති වෘත්තිය විශ්වාසය කඩ කළැයි කියමින් එම විද්‍යාලයයේ ගුරුවරු 30 දෙනාගෙන් 24 දෙනෙක් අද (04) ලෙඩ නිවාඩු දමා සේවය වර්ජනය කළහ.
විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති ඇතුළු සමස්ථ අධ්‍යන කාර්ය මණ්ඩලය 33 ක් සිටින අතර සේවය වර්ජනය කළ ගුරුවරුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම නියෝජ්‍ය විදුහල්පති පාසලෙන් ඉවත්කරන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේජර් ලා වුනත් තමුන්ම ගහගත්තා කිව්වේ ආරක්ෂාව පතානේ. මේ විදුහල්පති වුනත් පවුලේ අයගේ ආරක්ෂාව පතා එහෙම කරන්න ඇති. ඒ මනුස්සයා අසරනයිනේ.(නදී)
ගාල්ලේ පාසැලකත් නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ඉන්නවා ඔය විශ්වාසය කඩ කරපු විදුහල්පතිගේ අඩි පාරේම යන කෙනෙක්.(නදී)
ඔය වගේ නියෝජ්‍ය විදුහල්පතිලා පාසැල් පද්ධතියටම නිගාවක්.(නදී)
අන්න හරි මුදලට බලයට ඔලුව නමනවා නම් එවැනි නිලදාරින්ව රටෙනුත් එලවන්න ඕනා.(නදී)
ඒ කට්ටියට එපා නම් අපි මොකද කරන්නේ (දී)
කිසිම සුදුසුකමක් නැතිව ඇමතිට පන්දම් අල්ලලා තනතුර ගත්තම කෙනෙක් නම් ඔහොම කරන්න වෙනවා.(නදී)
මෙවැනි අයෙක් ගුරු වෘර්තිය වැනි උතුම් වෘත්තියක නියැලිමත් සංවේගයට කරුණක්. පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමෙන් නීතීය නොමග යැවීමට උත්සාහ ගෙන තිබෙන බව පැහැදිලියි. ඒ සඳහා නීතිමය ක්‍රියා මාර්ග ගනු ඇතැයි අප අපේක්ෂා කරමු. ගුරු භවතුනි, අදාල ගුරුවරයා පාසලෙන් මාරු කර යවන තුරු ඔබගේ සටන කරගෙන යන්න .ඔබට ජය !(නදී)
මොහු ගුරු වෘත්තියටම නිනදාවක් කළ අයෙක්. (ස)
මෙහෙම කොන්ද පන නැති දේසපාලන ගැත්තන්ව පාසලෙන් පමණක් නොව ගමෙන්ම හෝ රටෙන්ම එලවා දැමිය යුතුයි.(අ)
අනේ අපේ අධ්‍යාපනය
මට නම් දුකත් හිතෙනවා ලංකාව ගැන
පැමිණිලි අස්කරගත් පුද්ගලා පාසල මුර කරන්නවත් සුදුසු නැත. (ත)
නියෝජ්‍ය විදුහල්පති එම තනතුරට සුදුසු නැත , වහාම වෙන කෙනෙක් පත් කරන්න , රජය විදුහල්පති වරුන්ට හමුදා පුහුණුව දෙනකොට මම කල්පනා කළා මේ මොකද කියල , රජය ඉදිරිය ගැන හිතල තිබෙනවා , ඉදිරියේදී දෙශපලකයන්ගෙන් සහ මැරයන්ගෙන් ගුරුවරු සහ ළමයින් ආරක්ෂා කරගන්න තමයි එහෙම කරලා තිබෙන්නේ, එහෙම පුහුණුව ලබාපු කෙනෙක් මෙහෙට එවන්න , දැනට විදුහල්පතිලට දෙන හමුදා පුහුණුව ගුරුවරුටත් ලබාදී හැමෝටම පිස්තෝලය බැගින් ලබාදෙන්න , (ත)
මේ වගේ මිනිස්සු එලවලම දාන්න ඕනේ
එහෙනම් කාවද ඕනේ (දී)
එකට වේද කරන තම සහෝදර ගුරු වරියකට යමක් උනහම පිටු පාන ඔය වගේ අයට හොද පාඩමක් ඉගැන්විය හැකි නම් ගොඩක් හොදය.(ස)
පාසලෙන් විතරක් නෙවෙයි මෙයා වුර්තියෙන්ම අයින් කලා නම් තමයි හරි..කොන්ද පන නැති මිනිහෙක්.(ස)
බොහොම හොදා නමුත් වර්ජනය කිරීම නිසා ළමුන්ට පාඩුවක් වෙන එක ගැන නම් කනගාටුය. අමාත්‍ය මණ්ඩලයේත් තියෙනවා, සාමුහික වගකීම රකින්න ඕනය කියල රීතියක්. විදුහලක ආචාර්ය මණ්ඩලය කියන්නේ සාමූහික ඒකකයක්. එක අයෙකුට වෙන පීඩාව, අසාදාරනය වෙනුවෙන් පියවර ගැනීම වෙදගත්, තමුන්ට ප්‍රොමෝෂන් එකක් බලාගෙන එක එක මිනිහ ගහන බෙරපදයට නටනවට වැඩිය. ඒ අනුව මේ ක්‍රියා මාර්ගය හරි මම අදහස් කරන විදියට. (ස)
මේ තීරණය හරිම වැදගත්. මෙම ක්‍රියාමාර්ගය වයඹ පළාතේම ඉන්න සියලුම ගුරුවරු ගන්නවා නම් හොදයි.(නදී)
නියෝජ්‍ය විදුහල්පති කට උත්තරය ඉල්ලා අස්කරගන්නට ඇත්තේ චූදිතයාගේ බලපෑමක් නිසා වෙන්නට පුළුවන් නේද ? ඒසේ නම් ඔහුවත් කොන්දක් ඇති කෙනෙක් හැටියට පිලි අරගනිමු. ලැජ්ජාවක් තියෙවි නම් ඔහුම මාරුවෙලා යාවි. ඔහු හොඳ ගුරුතුමෙක් වෙන්නට පුළුවන් නේද?(නදී)
චාමික ඔයා හරි . ඒ මනුස්සය බය ඇති. තව දැකපු අය ඇතිනේ එයාලට උසාවි ගානෙ යන්න පුළුවන්නේ කට උත්තර දීල, ස්ට්‍රයික් නොකර එක කරා නම් හරි. ඔතන දැකපු එක්කෙනෙක් වත් නැතිද .? (ස)
ස්ත්‍රී දුෂකයෝ , මිනි මරල අමතක වෙලා නිදැල්ලේ ඉන්න ලොක්කෝ, එකී මෙකී නොකී ප්‍රකාරයේ මිනිස්සු ඉන්න රටක කට උත්තරය ඉවත්කරගැනීම ගැන ඔහොම බනින්න එපා. ඒ ගුරුවරියත් මාරු වෙලා වෙන පාසලකට ගියානේ. මේවට කට උත්තර දෙන්න ගිහින් ඒ අහිංසක මනුස්සයට කට උත්තර නැති වෙයි කියල බය හිතෙන්න ඇති. ඔය බනින කාටවත් පුලුවන්ද මේ මහත්තයාගේ පවුලේ ආරක්ෂාව ගැන වගකීම ගන්න. කව්රුත් පණට ආදරෙයි.(නදී)
මේ වගේ කොන්ද පන නැති අය ගුරු වෘත්තියට නිගාවක්. (ස)
වෘත්තීය ගරුත්වය කෙලෙසන මෙබදු අයට සුදුසු දඩුවම දිය යුතුයි.(නදී)
නියෝජ්‍ය විදුහල්පති තුමාට ළඟදීම උසස් වීමක් ලැබේවි. ඊළඟට සොයාබලන්න වෙන්නේ මහේස්ත්‍රාත් ගැන. එයා අර මොනවද කන ජාතියේ නම් තීන්දුව දැන්ම දෙන්න පුළුවන්. (නදී)
ලංකාවේ අධ්‍යාපනය විනාස වෙලා (දී)
නියම ගුරු මණ්ඩලයක්, ඔවුන්ට අපේ ආචාරය. පාසල් නොගිය සේහපාලඥයන්ට කොන්ද නවන ඔය වගේ විදුහල්පතිලා අධ්‍යාපන ක්ෂේත්‍රෙයක්ම ඉවත් කිරීම හොදයි.(නදී)
හමුදා පුහුණුවත් ලැබුවට කොදු නාරටික නැහැ වගේ. මෙහෙම අය ජා ඇල පැත්තේ හරියට ඉන්නවා.(නදී)
ලැජ්ජයි. මෙහෙම බිය ගුල්ලොද ඉන්නේ කියලා.(නදී)