සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
මිනීමරු නවකවදය නැවැත්වීමට දැඩි නීති ළඟදීම ගෙනඑන බවත් නවකවදයට තමාගෙන් කිසිදු සමාවක් නොලැබෙන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.
දැඩි නීති ක්‍රියාත්මක කරද්දී සමාව ඉල්ලා ගෙන නොඑන්නැයි මව්පියන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මෙහෙයවන අය සම්බන්දව තීන්දු ගත යුතුයි. හැම ශිෂ්‍යයෙකුගෙන්ම දිවුරුම් ප්‍රකාශයක් ගමු විශ්ව විද්‍යාලයට එනකොට.
නවකවදය නැවැත්වීමට දැඩි නීති තිබුනාට මදි. ඒ නීති දැඩි ලෙස ක්‍රියාත්මක කල යුතුයි. නවකවදය දෙන අය අල්වා ගැනීම සඳහා රජයේ විශ්ව විද්‍යාල තුල සෑම වසරකම ඔත්තු කරුවන් ජාලයක් ඇති කල යුතුයි.
ඔය ප්රශ්නය විසඳන්න තියන එකම ක්‍රමය සියලුම විශ්ව විද්‍යාල වසා දැමීමයි. ඕවගෙන් පිටවෙන උපාධිකාරයන්ට තියෙන්නේ නෝට්ස් කටපාඩම් කරලා ලබාගත්තු සහතිකයක් පමණයි. වෙන උගත්කමක් බුද්ධියක් නැහැ. ඉගෙනීමෙන් ලබා ගත් දැනුම හීනයි. එකට හේතුව ඔවුන්ගේ ආචාර්යවරුත් ඒ වගේම හිස් රුකඩ ටියුෂන් මාස්ටර්ලගේ තත්වයට පිරිහී සිටීමයි. ඕව ඇතුලේ දුෂණ කෙළවරක් නැහැ. මේ විශ්ව විද්‍යාල වලට යන ළමයි ඒවගෙන් එලියට එන්නේ ඊට පෙර ඉස්කෝලෙන් ලබා ගත්තු දැනුමත් අහෝසි වෙලා. ඕවගෙන් ලබා ගන්න උපාධියකින් මේ රටට කිසිම පලක් නැහැ. වසා දමන්න. වසා දමන්න!
කායික හා මානසික වශයෙන් හිංසාවන් නවතා දැමිය යුතුමය. එවැනි දේ තවදුරටත් සිදු වෙනවනම් එ් විශ්ව විද්‍යාල දෙකක පමනි. කැළණිය විශ්ව විද්‍යාලයේ 2012න් පසු නවක වදයක් සිදු නොවේ. වර්ථමානයේ මොවුන් නවක වදය යනුවෙන් හඳුන්වන්නේ ජේෂ්ඨ සිසුන් නවක සිසුන් හට විශ්ව විද්‍යාලයට අදාල උපසංකෘතිය හඳුන්වා දීමේ පටිපාටියට. එතන යම් දේශපාලනික ඉගැන්වීමක්ද පවති. නමුත් පිලිගැනීම හෝ නොපිලිගැනීම සිසුන් අත පවති. බොහෝ දෙනා එම මතවාදයන් පිලිගන්නේ. එහි පවතින සාධාරන තර්කයන් මත පදනම්වය. ජනතාව මුනිවත රකින අාණ්ඩුවේ වැඩ වලට එරෙහිව වීදි බසින්නේ එම කණ්ඩායම්ය. අාණ්ඩුවලට මහත් හිස රදයක් වූ මෙම ක්‍රියාවලිය මර්ධනය කිරීමට. නවක වදයට අදාල නොවන පුද්ගලික හා කණ්ඩායම් ගැටුම් හා විවිධ සිදුවීම් පවා නවකවදට ලඝු කරමින්. නායකයින් දඩයම සිදු කරයි. විශ්ව විද්‍යාල තුල ශිෂ්‍ය දේශපාලනය අදාල පනතින්ම පිලිගත්තකි නමුත් තවත් පනතක් යොදා එයට බාධා කරයි. මෙය වමතින් දී දකුණතින් පැහැර ගැනීමකි. මා මේ කියන්නේ බහුලව සිදු වන දෙය. වැරදි දේද සිදු නොවෙනවාම නොවේ.
මෙම අමානුෂික නවකවදය නැවැත්වීමට අවශ්‍ය නව නීතිමය පියවර ගැනීමට ක්‍රියාකිරීම බෙහෙවින් අගය කලයුතුය.
සම්පත් කීවා වගේ දිව්රුම් ප්‍රකාශයකට අත්සම්න් කරලා නවක වදය දීලා අහුවන සිසුන්ට දඬුවම් කලයුත්තේ වැඩක් ඇති විදිහට. 1 අවුරුද්දකට පන්ති තහනම් කිරීම, 2. එම කාලය තුල පරිසරය පිරිසිදු කිරීම 3. පාරවල් , පාලම්, ගොඩනැගිලි ඉදි කිරීමට සහභාගී වීම මෙවැනි වැඩක් ඇති වැඩක් පුරුදු කලේ නැතිනම් ජංගම දුරකථන වල එල්ලිලා ෆේස්බූක් වල එල්ලිච්ච පිරිසක් බවට පත් වෙනවා.
දේශපාලන පක්ෂ පාට ඔක්කොම පැත්තකට තියාල කරුණා කරලා පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකතු වෙලා මේ රටේ විශ්ව විද්‍යාව වලට මහා පිළිලයක් වී තියෙන මේ ලෝකේ වෙන කොහෙවත් නැති මේ රටේ විශ්වවිද්‍යාලවල විතරක් තියෙන මේ සාපලත් නවක වධය දැන්වත් අතුගා දමන්න. ආයෙත් මේ ගැන කතා කරන්න ඊලග පාර්ලිමේන්තුවට තියන්න එපා.
සමහරෙක් මේ මිලේච්ච හැසිරීම උපසංකෘතිය හඳුන්වා දීම කියා සාධාරණීකරණය කරන්නට තැත් කරයි. විශ්ව විද්‍යාල තුල පමණක් නොව, ඉන් බාහිරවද තමන්ට කැමති දේශපාලන අදහස් දැරීමට ලංකාවේ සෑම පුරවැසියෙකුටම නිදහසක් සහ අයිතියක් ඇත. නමුත්, කෙනෙක් තුල තිබෙන වනචර අදහස් සහ දේශපාලන මත තව කෙනක් මත බලෙන් පැටවීමට තැත් කිරීම එම තැනැත්තාට කරන හිංසාවකි. අද මේ ව්‍යසනය සිසුන් සරසවි හැර දමා යන තරමට ඔඩු දුවා ඇත. මෙයට ඇති එකම පිළියම නම්, දැඩි නීති තුලින් මේ තත්වය පාලනය කොට නවකවදය ලංකාවේ සරසවි වලින් අතුගා දැමීමයි.
නවකවදයට මම දෙන අර්ථ කථනය හීනමානයයි. කොළඹ පාසලකට ගියේ නම් , ඉංග්‍රීසි භාෂාවේ නිපුන නම් ඒ සිසුවාට හෝ සිසුවියට දෙවියන්ගේම පිහිටයි. පිටිසර පළාත් වලින් පැමිණි සිසුන් තමන්ගේ හීනමානය සහ තමන්ට නැති දෙයක් හෝ වරප්‍රසාද අනුන් සතුව තිබීම හෙලා දැකීම තමයි මෙතන නවක වදය ස්වරුපයෙන් පැමිණෙන්නේ. මගේ ඥාති සොයුරියක් කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක ඉගෙනුම ලැබූ ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරවන කෙනෙක්. ඇයව සරසවියේදී ඉතාම අමානුෂික නවකවදයට පැමිනුවේ බදුල්ලේ ඈත ගමක සිට පැමිණි අන්තිම පහත් නරුමයෙක්. ඒ නැගණිය මානසික අවපීඩනයට ලක් වුනේ මේ කාලකන්නිය තවත් සිසුවියන් පිරිසක් ලවා ඇයව නිරුවත් කර ලිංගික ජවනිකාවක් රඟපාන්න යයි බලකිරිම්මෙන් පසුව. ධනුෂ්ක , ඔබේ සහෝදරියට මෙවැන්නක් වුනා නම් ඔබේ ඔය කෙහෙල්මල් උපසංස්කෘතිය රැක රැක නිකම් ඉන්නවාද ?
නවක වදය පමුණුවන්නේ උන්මත්තකයින් පිරිසකි.මෙය අප හොඳින් දන්නවා.මා නවක වදයට මුහුණ දී ඇත. නමුත් නවකයින් පැමිණි විට මා ඔවුන්ට සුහදව කතා කළා සේම හැකි විට ආරක්ෂා කල හැටිද මතකයට එන්නේ සතුටිනි.එදා නවක වදය දීමේ පුරෝගාමී වූ සමහරුන් අද විකාර දොඩවන හැටිද පෙනේ.
විශ්ව විද්‍යාලවලින් එන අයට දැනුම නැහැ. ආචාර්යවරුන්ට දැනුම නැහැ කියන එක කිසි පදනමක් නැති ද්වේෂ ප්‍රකාශයක් ගන්න දැනුම ඉතා විශිෂ්ඨයි. ඔය කියන්නේ කුසලතාවය බැහැ කියලා...
ඔබතුමාට මෙය ඉෂ්ඨ කරගැනීමට ශක්තිය, ධෛර්යය ලැබේවා!!!
අද පෙරපාසලේ සිටම මොලය පමණක් පෝෂණය කරන හදවත පෝෂණය නොවන අධ්‍යාපනයක් අපට තියෙන්නේ.. එමනිසා අද දරුවන් බොහොම ආත්මාර්ථකාමියි. ද්වෙශය හා පටුආකල්ප තියෙනවා. අනෙකාට සිදුවන වේදනාව දැනෙන්නෙ නැහැ. ආගම දහම ඉගෙනගන්නේ විභාගේ සමත් වෙන්න විතරයි. නවක වදය නතරනොවන්නේ ඒ නිසයි.
විශ්ව විද්‍යාල දරුවන් යනු අධ්‍යතන සමාජයේ සජීවී හරස් කැපුමකි. මගේ මතකය හා කියවීම් නිවැරිදි නම් මානවයා යනු රීසස් නම් වානර විශේෂයෙන් පරිණාමය වූ අහම්බයකි. මිනිස් මොලයේ සැඟවුණු ප්‍රදේශවල නිර්මාණ වී ඇති ආකාරය [එනම් රංචු වශයෙන් ගැවසීම ] ටිකෙන් ටික ක්‍රියාමගින් වෙනස්වූවත් එය සම්පුර්ණයෙන් සකස් වී 'මානව' නම් වචනාර්ථයට ලඟාවී නැත. ආගමික ඉගැන්වීම්, දර්ශන වාද, විද්‍යාත්මක සොයා ගැනීම් පසුපස්සට තල්ලු කර දමමින් හෝමෝන මැදිහත්වීම් නිසා මනුෂ්‍ය මොළයෙහි සැබෑව බලවත් වෙයි. නවක වදය යනු දේශපාලන ක්‍රියාවලියක් නොව අපරිණත කලහයකි. සමත සමාජ දේහය පුරා මෙම කලහය අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. අපගේ හැසිරීම්වලින් සැලකිය යුතු කොටසක් සත්වයින් තුලින් අපි දකිමු. පිළියම් යෙදිය යුත්තේ සංවර සමාජයක් ගොඩනැගීමේ ක්‍රියාවලියකට මිස විශ්ව විද්‍යාලය තුල දේශපාලන රංචු ගැසීම මර්ධනය කිරීමකින් නොවේ.
ඇමැතිතුමනි, මේකට ප්‍රධානත්වය ගන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයි. මේ නවක වදයට දැඩි නීති ගෙන ආ යුතුයි. මොකද හේතුව අහිංසක දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ උසස් අධ්‍යාපනය හදාරන්න එන්නේ වද විඳින්න නෙවෙයි. මේවට සම්බන්ධවන ශිෂ්‍යයන්ට හා සංවිධානවලට, විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා විශ්ව විද්‍යාලයට ඇතුල්වීම සම්පූර්ණ තහනම් කළ යුතුයි. නැතිනම් ඇමතිතුමනි ඔබතුමාලා දෙන නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් නැතිවෙනවා. මෙන්න මේ වෙලාවට තමයි ප්‍රේමදාස යුගයක් අවශ්‍ය වෙන්නේ. එදා මේ සංවිධාන තිබුණෙත් නැහැ. නවක වදය තිබුණෙත් නැහැ.
සමහරු නවකවදයට හේතුව උපසංකෘතිය, සමාජ ක්රමයේ වැරැද්ද, අධ්‍යාපන ක්රමයේ වැරැද්ද ආදී වශයෙන් දොඩවයි. අද සරසවි තුළ සිටින්නේ වයස 18ට වැඩි, තීරණ ගත හැකි අයවලුන්ය. එබැවින් ඔවුන්ගේ මේ ම්ලේච්ඡ හැසිරීමට වගකිවයුත්තේ වෙන කිසිවෙක් නොව, ඔවුන් විසින්මයි. බොහෝවිට විෂ නැසිය හැක්කේ විෂෙන්මයි. මෙවැනි දේ තුරන් කිරීමට නම් ඒ සඳහා දැඩි අධිෂ්ඨානයක් සහ කැපවීමකින් ක්‍රියා කළ හැකි, ගොඨාභය රාජපක්ෂ වැනි චරිතයක් අවශ්‍යයි.
කළයුතුම දෙයක් කිරීමටයි ඔබතුමා සුදානම් වන්නේ .. මෙය ඔබතුමා ඉතිහාස ගතවන වැඩක්. ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ දුන්න වගේ. සෑම වර්ෂයකම විශාල සිසුන් පිරිසක් සති ගණනින් ඉගෙනුම අතහැර යනවා නවක වදය විඳදරාගන්න බැරුව. එම පුරප්පාඩු පුරවන්නෙත් නැහැ. මට සැක නොදැක්කා වගේ අහක බලාගෙන යන විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල මේ සඳහා ඔබතුමාට සහයදේවිද කියන එකයි.
මෙම උපාධිය අරන් එන උදවිය දේශපාලනයට රිංගලා එතනත් වනසවා.
අපේ රටේ ඉන්න තරුණයන් තේරුම්ගත යුතුයි මහජන ධනය අපතේ නොගහ ප්‍රයෝජනය ගන්න. රටට ආදරේ නම් උපාධිය අරන් ඇවිත් පෙන්වන්න. මේක තනිකරම මෝඩකමට කරන දෙයක්. ඉගෙන ගන්න බැරිනම් ඇප්ලිකේෂන් නොදා ඉන්න. ඊළඟට ළකුණු තියෙන අයට එන්න. සරසවිය යනු මුදානොගත් ප්‍රදේශයක් නොවෙයි.
මෙතුමා මේ අවස්ථාවේ හැප්පෙන්න යන්නේ ඔලු ගෙඩියෙන් ඉහළට අං තිබෙන කුලප්පුවී සිටින මීහරක් රෑනක් සමගයි. කොහොමත් මීහරකව, මිනිසා පරාජය කරන බව අපි නම් දන්නවා.
ඇමතිතුමා හරියට හරි ....... අපේ සුබ පැතුම් ......!
ඔය හිතන විදියට ඇමැතිවරු හරි හොඳයි මහජන දේපළ හෝරා කලා..එවා වෙනුවෙන් පෙනි ඉන්න එපා සරසවි ශිෂ්‍යයන් කවදාත් සාධාරණය වෙනුවෙන් පෙනී උන්නා..