IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නවීකරණය අහිමි කළ නොහැකි අයිතියක් - චීන ජනපති

සමිත් බෝධිපක්ෂ (චීනයේ බීජිං නුවර සිට)

නවීකරණය යනු සියලු රටවලට අහිමි කළ නොහැකි අයිතියක් බවත්, එහෙත් බටහිර රටවල් ඒ සඳහා සිදු කරන ප්‍රවේශය මඟින් දියුණු වෙමින් පවතින රටවලට අපමණ දුක් ගෙන දී ඇති බවත් චීන ජනාධිපති ෂි ජින්පින්ග් මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ අද (5) චීනයේ බීජිං නුවරදී ආරම්භ වූ චීන අප්‍රිකා සමුළුවේ (FOCAC) සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.

නවීකරණය සාධාරණ, ජනතාවට මුල්තැන දෙන සහ  සාමය සහ ආරක්‍ෂාව මත පදනම් වන ප්‍රවේශයකින් සිදු කළ යුතු බවත්, එය විවෘත හා ඒකාබද්ධව ජයග්‍රහණය කළ හැකි අන්දමින් ක්‍රියාත්මක කළ යුුතු බවත් ඔහු කීය.  

අප්‍රිකාව සමඟ පරිපාලන අත්දැකීම් හුවමාරුව වැඩි කිරීමටත්, එම කලාපයේ සියලු රටවලට ඔවුන්ගේ ජාතික තත්ත්වයන්ට ගැළපෙන නවීකරණ මාර්ග ගවේෂණය කිරීමට සහාය වීමට සහ සියලු රටවලට සමාන අයිතිවාසිකම් සහ සමාන අවස්ථා සහතික කිරීමටත් චීනය සූදානම් බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.

ඒ සඳහා කර්මාන්ත, කෘෂිකර්මය, යටිතල පහසුකම්, වෙළෙඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් අප්‍රිකාව සමඟ සහයෝගිතාව ගැඹුරු කිරීමට, එක් තීරයක් එක් මාවතක් සහයෝගිතා ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමටත් චීනය සූදානම් බවද ඒ මහතා සඳහන් කළේය.

එසේම හවුල්කාරීත්ව ක්‍රියාමාර්ග 10ක් ඔස්සේ අප්‍රිකාව දියුණු කිරීම සඳහා පියවර ගන්නා බව කී හෙතෙම ඒ සඳහා චීන රජය විසින් ඉදිරි වසර තුන තුළ යුවාන් බිලියන 360ක මූල්‍යාධාර ලබා දෙන බවද කියා සිටියේය.

චීන අප්‍රිකා සමුළුව ඊයේ (4) ආරම්භ වූ අතර එය හෙට (6) දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය. මේ සඳහා අප්‍රිකානු කලාපයේ රටවල රාජ්‍ය නායකයන්, මැති ඇමතිවරුන් සහ නිලධාරීහු රැසක් සහභාගි වෙති. අද දින පැවැති සමාරම්භක අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටෙරෙස් මහතාද සහභාගි වී සිටියේය.

මෙම චීන අප්‍රිකා සමුළුව 2000 වසරේදී ආරම්භ වූ අතර, එය වසර දෙකකට වරක් පැවැත්වෙයි.



අදහස් (0)

නවීකරණය අහිමි කළ නොහැකි අයිතියක් - චීන ජනපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site