ව්‍යාජ වීසා බල පත්‍රයක් භාවිතා කරමින් කටාර් හරහා ඉතාලියට යාමට උත්සහ කළ නාවික හමුදා සෙබලෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු පදවිය, යාය පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු පසුගිය 13 වෙනිදා ශ්‍රී ලංකාවේ සිට කටාර් රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.
කටාර් බලධාරීන් විසින් ඔහුගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී ඔහුගේ වීසාව ව්‍යාජ බව දැන කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් 468 දරණ ගුවන් යානයෙන් ඔහු ආපසු මෙරටට එවා තිබිණි. එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු නාවික හමුදාවේ වසර 10 යක් සේවය කර ඇති බවත් දින 10 යක් නිමාඩුවක් ලබාගෙන ඒ අතර තුරදී මෙලෙස රටින් පැනයාමට උත්සහ දරා ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමෙන් අනතුරුව සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවිකයා කටාරයෙන් පිටුවහල්
ඉසුරන්දි Sunday, 16 August 2015 07:49 AM
අපරාදේ අවුරුදු 10ක්ම හොඳින් ඉඳලත් අවසානයේ කරගත්ත නස්පැත්තියක්? (නි)