මෑතක පළ වූ පොතක අපූරැ කතාවක් කියෙව්වා. පොත ලියලා තිබුණෙ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වන එඩ්වඩ් චන්ද්‍රසිරි. සිනමාවට, කලාවට සම්බන්ධ නිසාත්, ඒ කතාවේ රහට හිත ගිය නිසාත් ඒ කතාව ඔබ සමඟ බෙදාගන්නට හිතුණා.
ඔන්න එක දවසක් එළුවො දෙන්නෙක් කෑමට යමක් හොයාගෙන යන අතරතුර චිත්‍රපට ගබඩාවකින් අයින් කරපු නෙගටිව් පටි වගයක් විසිකරලා තිබිලා ඒවා කන්නට තීරණය කළාලු. ඔන්න ඔය කල් ඉකුත් වූ දළ සේයාපට කමින් ඉන්නකොට එක එළුවෙක් මේ කන චිත්‍රපටයෙ නම දැක්කලු. අප්පේ මම මේ ෆිල්ම් එක බලලා තියෙනවා, ඒත් ෆිල්ම් එක තරම් මේ දළ සේයාපට රහ නැහැනෙ කියලා එක එළුවෙක් කිව්වලු. මේ කතාව හදල තියෙන්නෙ නවකතාවක් පාදක කරගෙන. අනෙකා ඊට අපූරු පිළිතුරක් දුන්නලු.
මට ගිය සතියෙ මේ නවකතාවෙ පිටු වගයක් කන්න අවස්ථාව ලැබුණා. ඒක නම් හොඳ රහට තිබුණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd