සමුද්‍රීය ආරක්ෂණ කටයුතු පසුගිය වසරේ නොවැම්බර් මස 13 වැනිදා ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමෙන් භාරගැනීමේ සිට මේ දක්වා ගතව ඇති වසරක කාලයේ රුපියල් කෝටි 233 කට අධික ආදායමක් රජය වෙත උපයා දීමට ශී‍්‍ර ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.
මෙම මුදල සෘජුවම රජයේ ඒකාබද්ධ අරමුදල වෙත බැර කිරීමටද නාවික හමුදාව කටයුතු කර ඇත.නැව්වාර 6646 කින් මෙම මුදල උපයා අැත.
ඇවන්ගාඞ් සමාගම හා පැවැති ගිවිසුම අවලංගු වීමත් සමග වෙළද නෞකා වලට ආරක්ෂාව සැපයීම සහ වෙළද නෞකා වලට ආරක්ෂාව සැපයීම සදහා ආරක්ෂක සමාගම් වෙත සේවා සැපයීම, මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයා නිකුත් කළ විශේෂ නියෝගයකින් නාවික හමුදාව වෙත පැවැරිණ.
සමුද්‍රීය ආරක්ෂණ සේවා සැපැයීම අරබයා නාවික හමුදාවේ ප‍්‍රධාන වගකීම වන්නේ සයුරේ යාත‍්‍රා කරන වෙළද නෞකා වල ආරක්ෂක කටයුතු සදහා ගිනි අවි සහ පතරොම් ලබා දීමයි.
නාවික හමුදා සමුද්‍රීය ආරක්ෂණ සේවා සැපැයෙන ප‍්‍රධාන මධ්‍යස්ථාන ලෙස ගාල්ල හා කොළඹ කි‍්‍රයාත්මක අතර එම මධ්‍යස්ථානයන් හි අවි ආයුධ ලබා ගැනීම, රදවා ගැනීම සහ නිකුත් කිරීමත්, දේශීය හා විදේශීය ආරක්ෂක කණ්ඩායම් සදහා ආරක්ෂක සේවා සැපැයීමත් සිදුවේ.

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/113.png)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/511.png)
![8[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/81.png)
![9[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/91.png)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/212.png)
![13[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/131.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් ආදායමක් ලැබුණු බව ඇත්ත, කලින් මේ දේවල් රජයට අහිමි වුණු එකත් ඇත්ත. කලින් මේවගෙන් ලාභ ලබපු අයට රට යන්න, මුදල් වසන් කරන්න අවසර ලැබුණු එකත් ඇත්ත. නමුත් මේ ආදායමෙන් ජනතාවගේ බදු බර ටිකකින් හරි අඩු වෙන්නේ නැතිද? (අ)
ජනතාව දෙපසට බෙදිලා, ඒකෙන් දේශපාලකයන් උපයනවා. ජනතාව අනුන් වෙනුවෙන් බදු බර පටවාගන්නවා (නි)
බැඳුම්කර ගනුදෙනුවේ පොළියවත් මේකෙන් පියවා ගන්න බැහැ. පසුගිය අය උපයපු දේවල් මෙහෙ තියෙනවා අහස උසට. ජනතාව ඔක්කොම රැවටිලා (නි)
කොහොමද එදා ගහපු ගැහිල්ල? අද ඒ වගේද? ජනතාව පිට බදු බර පටවලා යහපාලන, පොදු පෙරමුණු වැජඹෙනවා (නි)
ඔබගේ කාර්යන්ට රට වෙනුවෙන් කරන මෙහෙය වෙනුවෙන් තුති පුදමි! ඔබ සැමට දීර්ඝායුෂ හා ජය! (නි)
රට වට බැඳී රන් වැට-ගෙනදෙන ඉසුර (ම)
දැන්වත් තේරුම්ගන්න ඕනෑ පසුගිය ආණ්ඩුවේ ගැහිල්ල කොහොමද කියන එක. ආණ්ඩුවට එන්න තිබුන මෙතරම් විශාල මුදලක් පිට කාටවත් දුන්නේ නිකම්ම නිකන් වෙන්න බැහැනේ. (නි)
මෙහෙම වුණේ නැත්නම් මේවා යන්නේ ඉතින් කාගේ සාක්කුවටද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. රට බේරගත්තා කියලා රටේ සම්පත් පවුල් පිටින් කොල්ලකන්න දෙන්න බැහැනේ. අන්තිමට අර ඉඩම්වලට වුණ දෙය තමයි මේවට සිද්ධ වෙන්නේ. අයිතිකාරයෝ නැති ඉඩම් වගේ (නි)
මෛත්‍රිපාල ජනාධිපතිතුමාට ජයවේවා! කරුණාකරලා පහුගිය රජය කාලේ මෙමඟින් හොරාකාපු සියලුම හොරු අල්ලා දඬුවම් කළයුතුයි. (නි)
මම හිතුවේ මේකටත් ජනපතිට දෝස්මුරේ තියයි කියලා. ඉන්නවනේ මොළ හෝදපු කට්ටියක්. (නි)
මේ වගේ මහ බැංකුවටත් බැස්සා නම් අර රට පාවාදෙන නඩයම ඇතුළෙනේ (නි)
අැවන්ගාර්ඩ් හදපු අයට දඬුවම් දියයුතුය (නි)
මේක ඇවන්ට් ගාර්ඩ් ආයතනය හඳුන්වාදීපු ව්‍යාපාරයක්. ව්‍යවසායකත්වය ගැන දැණුමක් නැති අය බොරුවට කෑ ගහන හැටි උඩින් කියලා තියෙන දේවල් දැක්කම පවු කියලා හිතෙනවා. ඒක කොහොම වෙතත් ඇවන්ට් ගාර්ඩ් ආයතනය මසකට මිලියන 60ක් ආණ්ඩුවට (නාවුක හමුදාවට) ගෙවුවා ඒ කාලෙත්. ඒ කියන්නේ අවුරුද්දකට රුපියල් කෝටි 72ක් . මේ කෝටි 233 ආදායම කියන්නේ උපයන මුදල මිසක් ලාභය නෙවෙයි. මේ මුදලින් රජයට වියදම් (සේවක පඩි, නැවු සඳහා ගාස්තු සහ වෙනත් වියදම්) වූ මුදල කීයද කියලා සඳහන් කර නැහැ. සමහර විට කෝටි 72ට වඩා අඩු වෙන්නත් පුළුවන්. ඇවන්ට් ගාර්ඩ් ආයතනය ලෝකේ අනික් රටවල් සම්බන්ධ කරගෙන දියුණු කරපු ව්‍යාපාරය ඔප්පු කරන්න අමාරු නීති ප්‍රශ්නයක් මතුකරලා රජයට පවරාගෙන පසුව තමන්ට හිතවත් වෙනත් ව්‍යාපාරිකයන්ට ලබා දෙන්ට ගහපු ගේමක් කියලා දන්නෝ දනිති. නොදන්නෝ බොරුවට බුරති. (අ)
ඇවන් ගාඩ් ගැන දැන් මොකද කියන්නෙ? ඇවන්ගාඩ් වල කලු සල්ල සුදු කලේ පිනට ටිකක් දීල, කෝ අර කැහැපු කට්ටිය?(අ)
කොහොමද සුද්දගේ පපුව ? (අ)
නියමයිනේ. හරිම සතුටුයි (නි)
ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් මේ ජොබ් එක කළ කාලවකවානු වලදී, ඒකෙ හිටපු අය මේ වගේ කී ගුණයක් තමන්ගේ සාක්කු වලට දාගත්තද, විදේශීය බැංකු වල තැන්පත් කළාද කියලත් අපට දැනගන්න පුළුවන් නම් හොඳයි (නි)
මෙවැනි ආදායමක් ලබන්න උදව් කළ අයටත් ස්තුති කළයුතුයි. (නි)
කොහොමද එදා ගහපු ගැහිල්ල? මේවා තමා යුද්ධය අස්සේ ගෙනිච්ච ගේම්. තව මහා දේශප්‍රේමීන් වගේ පෙනීඉන්න හැටි? මේක මෙහෙමහරි බේරුනේ ජවිපෙ නිසා. කීදෙනෙක් මේකට සුදුහුණු ගෑවද? යහපාලනයේ කීදෙනෙක් මේකට කඩේ ගියාද? (නි)
මෙන්න සාර්ථක ප්‍රතිඵල. කෝ අර කෑගහපු අය? (නි)
අයියෝ අැවන්ගාර්ඩ්! (නි)
මෙවැනි කටයුත්තකට වඩාත්ම සුදුසු නාවික හමුදාව මිසක් වෙන කව්රුද. කොමිස් ගහන්න වුවමනා නිසාම පහුගිය ආණ්ඩුවේ පාලකයන් පුද්ගලික සමාගම්වලට මෙවැනි වටිනා අදායමක් පවරා දීම ගැන බොහොම කනගාටුයි. (අ)
මෙච්චර විශාල මුදල් උපයා දීලත්, ඇයි ජනතාවට බදු ගහමින් බර පටවෙන්නේ? (අ)
ඇවන්ගාර්ඩ් කටයුතු නාවික හමුදාවට පවරපු එක ජනාධිපති ගත්ත නිවැරදි හා එඩිතර තීරණයක්. අපි බලා ඉන්නේ ඔය එඩිතර කම වැරදි කරපු රාජපක්ෂලාවත් හිරේ දමන්න භාවිතා කරන කම්.(අ)
මේකෙන් මොනතරම් සල්ලි කන්දරාවක් පසුගිය කාලේ ගසාකාලා තියේද? තවත් ලැජ්ජා නැතුව බයිලා ගහනවනේ (නි)
ලෝකේ වෙලදාම් වලින් 2 වෙනි තැන තිබෙන්නේ අවි වෙළදාම. ඔය වැඩේ විදිමත්ව කරගෙන ගියොත් රජයට ලොකු ආදයමක් ගන්න පුළුවන්. (අ)