පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානියකුගේ ද උපදෙස් පරිදි පුද්ගලයන් පැහැර ගත් පිරිසකට එරෙහිව හා මිනිස් ජාවාරමේ යෙදුණු පිරිසකට එරෙහිව සාක්කි ලබා දුන් ලුතිනන් කර්නල් කේ සී වෙලගෙදරගේ ජ්‍යෙෂ්ඨත්වය ස්ථාන හතරකින් පහත දමද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂට කිසිදු ක්‍රියාමාර්ගයක් නාවික හමුදාවෙන් නොගෙන හැඳි දෙකකින් බෙදන බව අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කියැවිණි.
එලෙස දිවිදියකට සැලකීම හරිදැයි කැබිනට් ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කරද්දී ඔහු කීවේ එය වැරදි බවයි.
මාධ්‍යවේදියෙක් - හමුදා මාධ්‍ය ප්‍රකාශක පසුගිය දා කිව්වා කේ සී වෙලගෙදරගේ සිදුවීම ගැන අද කියන්නම් කියා. ඒ ගැන දැනගන්න කැමතියි.?
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර - මා මේ ගැන නාවික හමුදාවෙන් විමසීමක් කළා. කේ සී වෙලගෙදර කියන නිලධාරියාට එරෙහිව චෝදනා දෙකක් ඉදිරිපත් වුණා. එකක් නොදන්වා සේවයට නොපැමිණීම. අනිත් චෝදනාව නොදන්වා විදේශ ගත වීම. මේ සම්බන්ධයෙන් යුද අධිකරණයක් පවත්වා ඔහුගේ ජ්‍යෙෂ්ඨත්ව ස්ථාන හතරකින් පහළ දමා තිබෙනවා.
මාධ්‍යවේදියෙක් - මොන අවුරුද්දෙ ද ඔහු නොදන්වා රට ගියේ?
හමුදා ප්‍රකාශක - 2016 වසරේ රට ගියේ.
මාධ්‍යවේදියෙක් - ඔහු නොදන්වා රට ගියේ මේ අවුරුද්දේ. මේ වෙනකොට යුද අධිකරණයක් පවත්වා ඔහුට දඬුවම් කරලත් ඉවරයි. හැබැයි යෝෂිත සම්බන්ධයෙනුත් එම චෝදනාම තිබෙනවා. ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස කමිටුවක් නිර්දේශ කර තිබුණේ 2015 මාර්තු. අද වන තුරු කිසිම ක්‍රියාමාර්යක් අරගෙන නෑ. යෝෂිතගේ වැඩ තහනම් කළේ වෙනත් හේතුවක් මත. යෝෂිතට නීතිය ක්‍රියාත්මක වන ආකාරය සහ වෙලගෙදරට නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ වෙනසක් ඇයි?
හමුදා ප්‍රකාශක - යෝෂිතටත් නීතිය ක්‍රියාත්මක වෙනවා.
මාධ්‍යවේදියෙක් - යෝෂිත රාජපක්ෂට නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ සහ වෙලගෙදරට නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ වෙනසක් තිබීම ගැන රාජිත ඇමැතිතුමා මොකද කියන්නේ?
රාජිත සේනාරත්න - වැරදියි
මාධ්‍යවේදියෙක් - නාවික හමුදාවෙන් පුද්ගලයන් පැහැර ගැනීම සහ තවත් කාරණයක් සම්බන්ධයෙන් වෙලගෙදර සාක්කි ලබා දී තිබුණා. ඔහුට එරෙහිව යුද අධිකරණයයේ හිටපු නිලධාරියකුත් චෝදනා ලාබියෙක්. ඔහුට රහස් පොලිසියේ කේස් එකක් තිබෙනවා. ඒ ගැන සාක්කියකට ශානි අබේසෙකර ගෙන්නුවට ඔහුට සාක්කි ලබා දෙන්න ඉඩ දී තිබුණේ නෑ. ඇත්තටම ලුතිනන් කර්නල් වෙලගෙදරට දඩුවම් දුන්නේ රට ගියාටද? මිනිසුන් පැහැරගත් පිරිසට එරෙහිව සාක්කි දුන්නටද?
රාජිත සේනාරත්න - වෙලගෙදර කියන නිලධාරියත් යහපාලනය වෙනුවෙන් ඉදිරිපත් වූ කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි බලයට ආපු ගමන් කිව්වා බය නැතිව පහුගිය කාලේ වුණු දේවල් ගැන සාක්කි දෙන්න කියලා. වෙලගෙදරත් ඒ කීම උඩ සාක්කි දුන්නු කෙනෙක් වෙන්න පුළුවන්. ජනවාරි අට වෙනස තවම සමහරුන්ට තේරිලා නෑ. මේවගේ නිලධාරීන්ට එරෙහිව මෙහෙම දේවල් වෙද්දි ඒවා අපිටත් දැනෙනවා. නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක විය යුතුයි.
මාධ්‍යවේදියෙක් - මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ලබන සතියේ යුද හමුදා ප්‍රකාශක යෝ යුද හමුදාපති ගෙන්වන්න?
රාජිත සේනාරත්න - ලබන සතියේ ඔවුන්ට ආරාධනා කරන්න ඕනා. මමත් කැමතියි මොකද කියන්නේ කියලා අහගෙන ඉන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවන් වෙනුවෙන් පෙනීසිටින අය නිශ්ශබ්දද? (නි)
ඉතාම හොද වැඩක් මේ ඉක්මනට හැමෝම කැදවල නිවැරදිකාරය නිදහස් කරලා වැරදි කාරයට දඩුවම් දෙන්න මේක ජනාධිපති තුමා ගතයුතු තීරණයක් පාට පක්ෂ හෝ ප්‍රභූවරු යනුවෙන් සහන දීමෙන් වලකින්න (බ)
ඉස්සලම රාජිත උත්තර දෙන්ට ඕනේ 11 පාරක්ම ඇයි ඔහු එෆ්සීඅයිඩිය මගහැරියේ, සහ එය කොහොමද ඔහුව නොසලකා හැර ඉන්නේ කියල. (බ)
ඔන්න ඔහොමයි වෙන්න ඕනෙ, පත්තර මල්ලිල අහන්න ප්‍රශ්න, නැතුව ඒගොල්ල කියන ඒව ලියන්න මොකටද මාධ්‍යවේදියො, අපිත් ඕක කළානෙ ඉගෙනගන්න කාලෙ කියවන විට ලිවීම කියල. (බ)
දියුණු රටවල මාධ්‍ය තමයි හැමදෙයක් ගැනම ඇහැගහගෙන ඉන්නෙ. (නි)
වැරදි කළා නම් දඬුවම් විඳින්නත් ඕනෑ. තරාතිරම නොබලා දඬුවම් දියයුතුයි. (නි)