ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ මුහුදු මෙහෙයුම් නාවික හමුදාවට පවරා දීමෙන් පසුව මාසයකදී රුපියල් කෝටි 20 ක රට සල්ලි රජයට උපයා දී ඇති බව නාවික හමුදාව කියයි.
ගාල්ල, කොළඹ වරාය ආශ්‍රිතව සිදු කළ මෙහෙයුම් 652 කින් මෙම ආදායම උපයා ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි මහතා පවසයි.
දෙස් විදෙස් නෞකාවලට ආරක්ෂාව සපයන මුහුදු ආරක්ෂක කණ්ඩායම් වෙත ගිනි අවි සහ උණ්ඩ සැපයීමේ කාර්ය නොවැම්බර් 13 වැනි දා ඇවන්ගාඩ් වෙතින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත පවරා ගැනිණි.
මෙම මුදල් රජයේ එකාබද්ධ අරමුදලකට සෘජුවම බැරකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය මහතාගේ සංකල්පයක් අනුව නේද මේ ව්‍යාපෘතිය පටන්ගත්තේ? (නි)
පුද්ගලක සමාගමක් මගින් සිදු කරන ලද කාර්ය නාවික හමුදාවට ලබාදිම රාජ්‍ය ආදායම වැඩිවිම සහ අනවශ්‍ය පුද්ගලයින් අතට අවි ආයුධ පත්විම සමස්ත ජනතාවගේම වාසනාවක් (ම)
ගෝඨාභය මහත්තය අරඹපු හොද වැඩක්. එ්ත් එදා අදායම පුද්ගලයන් අතරේ බෙදිලා ගීයා. දැන් අදායම ආණ්ඩුවට ලැබෙනවා. වෙනසට ජය වේවා. (බ)
කෝටි 22 සේවකයින් 6500 ක් අතරේ බෙදිලා ගියාද එසේනම් ආදායම් ව්‍යාප්තියේ පරතරය කොහොමද මෙම සල්ලි රජයට යනවා කියන්නේ රටෙි සංවර්ධනය සදහා මේ සල්ලි යොදවන්න පුළුවන් නේද රසින්න ඔයාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා මොකද මට තේරෙන්නේ නැති දෙයක් ඔයාගෙන් ඉගනගන්න (බ)
කලින් හම්බ කරපුව වලින් බාගයක්වත් නැ මන් හිතන්නේ (බ)
හමුදාවේ 6500 පමණද හිටියේ,අනිත් අයට ප්‍රශ්න නැද්ද? (බ)
පුද්ගලික සමාගමක් ජනාධිපති බලතල යොදවා, කිසිදු උසාවි තීන්දුවක් නැතිව ආණ්ඩුවට පවරා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයද? යහපාලනයද? (බ)
පිටරට සල්ලි ලංකාවට ගන්න හොද ක්‍රමයක් . මෙම සේවාව තවත් පුළුල් කරන්න . දැනට අවුරුද්දකට කෝටි 240 අදායමක් ලබාගත හැකියි (බ)
කෝටි ගණන් එනවා..එත් බඩු ගණන් අහස උසට යනවා..(බ)
අපි ඉස්සරහට බලමුකෝ (නි)
මෙය ගෝඨාභය මහතාගේ සංකල්පයක් නේද? (නි)
අනුර කුමාර මහත්තයට පින්සිදු වන්න හොරු කීපදෙනෙක් අතරේ බෙදි ගිය කෝටි ගණන් සල්ලි අපේ හමුදාවට ලැබෙනවා දැන් ඒක අමතක කරන්න හොද නෑ...(බ)
මොන කෝටි ගණන් ආවත් වැඩක් නැහැ. මේවායේ ප්‍රයෝජනය සාමාන්‍ය ජනතාවට නම් නෙමෙයි. මැති ඇමතිවරුන්ට තමයි සැප එදත් අදත්. අදහස් දාන අය හුරේ දාන්නේ හරියට ඔලුවෙන් හිටගෙන ඉන්නවා වගේ. (නි)
අජන්ත, 6500 ක් කිවුවේ ඇවන්ගාඩ් එකේ සේවක මණ්ඩලය, නැත්නම් නාවික හමුදාවේ සිටින බටපිරිස් නොවේ. සිවිල් සංවිධාන අතට අවිආයුධ පත්කිරීම සුදුසුද? (නි)
දැන් කරන්නේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට යුධ ආයුධ සැපයීම විතරයි. මොකද නාවික හමුදාවට අන්තර්ජාතික මුහුදේ වෙළඳාම් කරන්න බැරි නිසා. ඉස්සර ආයුධ සැපයුවා වගේම ආරක්ෂකයිනුත් සැපයුවා ජාත්‍යන්තර මුහුදේ. දැන් ආදායම මාසෙට කෝටි 22යි. පහුගිය අවුරුද්දේ පුද්ගලික සමාගම රජයට ලබාදුන් බදු ආදායම පමණක් බිලියන 2ක්. වටිනා සමාගමක් රටට නැතිවුණා (නි)
රසින්ත, ඉස්සර රජයට දුන් බදු ආදායම පමණක් කෝටි 200ක් අවුරුද්දකට. දැන් මුළු ආදායම කෝටි 240යි. කොහොමද වෙනස? (නි)
තවම ලංකාවේ කිසිම ආණ්ඩුවක් තේරුම් අරගෙන නැහැ රජයේ ප්‍රධාන කාර්යභාරය මොකක්ද කියලා. රජය ඉන්නේ ව්‍යාපාර කරන්න නෙමෙයි. රජයේ ප්‍රධාන කාර්යභාරය, ව්‍යාපාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමයි. අදටත් ජනතාවගේ බදු සල්ලි මිලියන ගණනින් විනාශකරන රාජ්‍ය ව්‍යාපාර තිබෙන්නේ ඔය යල්පැනගිය වැඩ නිසයි (නි)
දහම්, ඔයා මේ ලංකාවේ නෙමෙයිද ඉන්නේ? (නි)