වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සපයන සමුද්‍ර ආරක්ෂක කණ්ඩායම් වෙත ආයුධ ලබා දිමෙන් සහ වෙළෙඳ නෞකාවලට අයත් ආයුධ ගබඩා කරදිමෙන් ගත වු මාස හතරක දී ශ්‍රී ලංකා නාවික හමුදාව රුපියල් කෝටි 100 කට අධික රට සල්ලි රජයට උපයා දී ඇති බව නාවික හමුදාව කියයි.
ඇවන්ගාඩ් සමාගම විසින් සිදු කැරුණ සමුද්‍රිය ආරක්ෂක රාජකාරි ඉකුත් වසරේ නොවැම්බර් 13 වැනි දා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරීමෙන් අනතුරුව මෙම ආදායම් උපයා දී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි පැවසීය.
ගාල්ල වරායේ දී නැව් වාර 2689 කින් රුපියල් කෝටි 98 ක්ද කොළඹ වරායේ දී නැව් වාර 105 ක දී රුපියල් කෝටි තුනක් ද වශයෙන් මෙම ආදායම උපයා දී ඇති බවද ඔහු කීවේය.
![DSC_2521[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC_25211.jpg)
![DSC_3853[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC_38531.jpg)
![OBST1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/OBST11.jpg)
![OBST2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/OBST21.jpg)
![OBST3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/OBST31.jpg)
![OBST4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/OBST41.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ යහපාලනයට බනින මහත්තුරු ? අදහස් දක්වන්නකෝ !(අ)
ඒ වුණාට අපේ රටේ සමහරක් අය තවමත් හිතන්නේ ඔය ආදායම අර කියන පෞද්ගලික සමාගමට ගියා නම් හොඳයි කියලනේ.(අ)
ජවිපේ අනුර කුමාර මහත්තයටත් අපේ උත්තමාචාරය (අ)
අනේ අවුරුදු ගණනාවක් තිස්සේ අපේ ජාතික ආදායමට අහිමි වුන මුදල් කොච්චරක් ඇද්ද? කට්ටිය එකතුවෙලා බෙදා ගෙන තියෙන්නේ මොන තරම් ලජ්ජා නැති විදිහටද. (අ)
මේ ලැබෙන ආදායමත් ඇමති මණ්ඩලේ නඩත්තුවටම යනවා ඇති . (අ)
මේ රටේ ජනතාවට එන මේ සල්ලි පහුගිය ආණ්ඩුව කාලේ ගියේ ඉතින් හිතවත් අයගේ සමාගම් වලටනේ. (අ)
සැබෑ වෙනස දැන් පෙනෙනවා නේද? (නි)
අන්න දැක්කා නේද? (හේ)
කලින් ආණ්ඩුව කාලේ ඔය සල්ලි ගියේ කාගේ සාක්කුවටද ? (ම)
මේක අලුත් අමුතු දෙයක් නොවෙයි. කලින් හොයපු ගානට වඩා අඩුවෙලා. කලින් ගණන් මිමිත් ඉදිරිපත් කරන්න. (ස)
දැන්වත් පොදු ජනතාවට සහනයක් ලැබේවිද (බ)
ඉදිරියේදී මෙහි ආදායම තවත් වැඩි වෙන්න ඕනේ.(හේ)
ගොඩක් සතුටුයි.(හේ)
මිනිස්සු මේ රටට ණයයි කියලා හැමෝම කියනවා. එ්ත් එන ආදායම් වලින් කොච්චර ණයක් පියවනවද පියවල තියනවද කියල කවුරුවත් කියන්නේ නෑ. අපේ මිනිස්සුන්ට වැරදුණ තැනත් ඕකම තමයි (බ)