
(යොහාන් භාසුර)
ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මහතා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර තිබේ.
ඒ මහතා 2020 ජුලි මස 15 වන දින වයිස් අද්මිරාල් නිලයට උසස් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් රාජකාරී ආරම්භ කළ අතර වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් පසු නාවික හමුදාධිපතිවරයා වෙනුවෙන් සම්මාන ආචාර මුරයක් පිරිනමා නාවික හමුදා මූලස්ථානයේදී පිළිගත්තේය.
ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් 1985 වර්ෂයේ 13 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව නාවික හමුදාව සහ මව්බිම වෙනුවෙන් අනභිභවනීය සේවයක් ඉටු කළ නාවික හමුදාධිපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වසර 37 කට අධික නාවික හමුදා සේවයෙන් අද (18) දින විශ්‍රාම යාමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නාවික හමුදාපති උළුගේතැන්න අද්මිරාල් නිලයට උසස් කරයි