ශ්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය මගින් සංවිධානය කළ ජාතික කෙටි දුර පිහිනුම් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවිකා හමුදා පිහිනුම් පිල සමත් විය. මෙම තරගාවලිය තෙදිනක් මහනුවර හිල්වුඞ් විදුහල් පිහිනුම් තටාකයේදී පැවැත්විණි.
මෙහිදී නාවික හමුදා පිහිනුම් පිල නව ජාතික වාර්තා 10 ක් පිහිටුවීමට සමත් විය. මෙහිදී හේෂාන් උනම්බුව විශිෂ්ට දස්කම් දක්වමින් නව තරග වාර්තා පහක් සහ නාවික හමුදා පිරිමි සහාය පිහිනුම් පිල නව වාර්තා පහක් පිහිටුවීය.
නාවික හමුදා පිහිනුම් පිලේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු පිහිනුම් ශූරයකු වන ජූලියන් බෝලින් කටයුතු කරයි.
නාවික හමුදා පිහිනුම් සංචිතයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී රියර් අද්මිරාල් ඞී. එස්. උඩවත්ත සහ එහි සභාපති කපිතාන් එච්. ජේ. ඒ. ගමගේ යන මහත්වරු මෙම ජයග‍්‍රහණ සඳහා කැපවී කටයුතු කරති.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික හමුදා පිහිනුම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ජාතික කෙටිදුර පිහිනුම් ශූරතාව දිනති