නවක සිසුන් පිරිසකට නවක වදය දුන් බව කියන දස දෙනකුගේ පන්ති තහනම් කළ බව සබරගමු විශ්ව විද්‍යාල ආරංචි කියයි.
උපත් පාලන කොපු ද යොදා ගනිමින් නවක වදය දී ඇතැයි දැනගන්නට ඇත.
නවක සිසුන් පිරිසකට නවක වදය දුන් බව කියන දස දෙනකුගේ පන්ති තහනම් කළ බව සබරගමු විශ්ව විද්‍යාල ආරංචි කියයි.
උපත් පාලන කොපු ද යොදා ගනිමින් නවක වදය දී ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම අධ්‍යාපන ආයතනයක විනය ඉතා හොදින් පවත්වාගත යුතුයි. මෙවැනි අය පසුකාලෙක රටේ ශ්‍රම බලකායට මෙලෙසම එක්වුනවිට විශාල ප්‍රශ්න ඇතිවෙනවා. තරුණ සිසුන් සිතන්නේ විනය කඩකිරීම වීරකම් ලෙස. එත් හැමදෙනාම විනය ඉහලින් රැකීම උගතෙකුගේ ලක්ෂණයක් බවත්, නිහතමානීව සැමට ගරු නොකිරීම නුගතෙකුගේ අශිෂ්ට ලක්ෂණයක් බවත් ඔවුන්ට ඉතා ගැඹුරින් තේරුම්කර දිය යුතුයි. (බ)
මේ ළමයින්ව හදන්න බෑ.වැරැදි දේ විශ්ව විද්‍යාල තුලටත් ගෙන ගිහින්.(හේ)
ඉගෙන ගත්තාට මේ ළමයිනගේ මනස පොතට පමණයි සීමා වෙලා තියෙන්නේ.(හේ)
මේ ළමයින්ව අායෙත් සරසවිය පැත්ත පළාතේ ගෙන්න ගන්න එපා. (හේ)
මොකක්ද මේ උපත් පාලන කොපු යොදාගෙන කරන නවක වදය? විභාගයක් සමත් වුනාට මේ අයගේ හිත මොනතරම් අසංවරද කියලා පේනවා නේද? හිත සංවර කරගන්න උගත් කමටත් වඩා බුද්ධිමත් කම තියෙන්නේ ඕන.(හේ)
මෙහෙම අසහන කාරයෝද කෙල්ලොත් අරන් කදු අස්සේ ගිහින් එයාලට ජ්‍යෙෂ්ඨයන්ගේ ආරක්ෂාව දෙනවා කිව්වේ..අනේ අපොයි..(හේ)
මේ සිසුන් නේවාසිකාගාර ඉල්ලන්නේ වේලාවක් අවේලාවක් නැතිව එහි ඇතුළු වී නවක වදය රාත්‍රී එලි වෙනකන් ගෙනියන්නයි. ඒ නිසා මීට පසු තමන්ගේ ඉඳුම් හිටුම් තමාම සපයා ගත යුතු සේ බලධාරීන් ක්‍රියා කරනවා නම් හොඳයි.(හේ)
මේ ළමයින්ට මොලේ තිබ්බාට හැදියාවක් නෑ.(හේ)
මෙතන ඉගෙන ගන්න කියලා ඇවිත් මොනවා සිද්ධ වෙන තැනක් ද කියලා හිතා ගන්න බැහැ. අපි මොකද්ද පිනක් තිබිලා දෙමව්පිය මඟ පෙන්වීමෙන් උසස් පෙලින් පසු වෘත්තීය විභාග වලට යොමු වුනා. (හේ)
නවක වදය ඕනි නෑ හොද වැඩේ.ඔයිට වඩා ලොකු දඩුවමක් දෙන්න තිබුනේ(අ)
අන්න වාර්තා වෙලා තිබෙනවා මහ රාත්‍රී කාන්තා නේවාසිකාගාරයට පැනලා මේ සරසවියේ සිසුන් 4 දෙනෙක් අසු වෙලා. වැඩේ තිබෙන්නේ එහි සිටි සිසුවියත් උල් පන්දම් දීලා.(හේ)
මේ සරසවියේ පුදුම දේවල් සිද්ධ වෙනවා කියන්නේ. කාන්තා නේවාසිකාගාර කාමරයක ඉඳලා සිසුන් 4ක් අල්ලා ගෙනලු. වරද පිලි අරන් කියන්නේ. (හේ)
අන්තරයෝ මොකද කියන්නේ?.......(අ).
දුප්පත් දෙමාපියන් හිගාකලා මෙතනට ළමයි එවන්නේ මේ වගේ සක්කිලි වැඩ වලට නොවෙයි.(හේ)
පන්ති තහනම් කරලා, අාපහු ඉතින් තැනම ඉවත් කලාම පාරට බහීවි. ඉගෙන නොගන්න සේරම ඉවත් කරලා, ඉගෙන්න ගන්න කැමති කට්ටිය ඇතුලත් කරගන්න. නිකරුනේ මහාජනතාවගේ සල්ලි නාස්ති කරන්න එපා.බලධාරින් මේ සම්බන්දයෙන් නිසි පියවරක් ගන්න. (හේ)
නවකවදය සරසවි වලින් තුරන් කරනවා කිව්වට එක කරන්නේ නැහැ. මේ නවක වදය නම් දීලා තියෙන්නේ විකුර්ති මානසික ලෙඩ්ඩු ටිකක්. මුන්ව එළවලා දාන්න ඕන. ආයෙත් පළාතේ එන්න එපා කියලා. ඉගෙන ගන්න ආ ළමයින්ට ඉගෙන ගන්න. ඒ වගේම පාලන අධිකාරිය කොන්ද පණ ඇතිව වැඩ කරන්නත් ඕන.(දිල්)
දැන් මේ අයගේ මහපොළ ශිෂ්‍යාධාර එහෙම දෙන්නේ මේ අවශ්‍යතා ගැනත් හිතලා වෙන්න ඇති. (හේ)
අර අට්ටාල ප්‍රශ්නෙදි අපි කිව්වේ එකෙන් පස්සේ පන්ති පටන්ගත්තම නවක වදය පටන් ගනීවි කියල. කියලා කට ගන්න වුනේ නැහැ. මෙතන වැදගත් මිනිස්සු අදහස් බලන නිසා මම කටට එන දේවල් ඔක්කොම ලියන්නේ නැහැ.(දිල්)
ඔන්න රටේ පරිපාලනය භාර ගන්න ඉන්න කට්ටිය. මේවාට වෙන්න ඇති මහජනයාගේ සල්ලි මේ අයට වියදම් කරන්නේ. (හේ)
මේ අයටයි මානසික ලෙඩ්ඩු කියන්නේ.(හේ)
කරුණාකර මේ සිසුන්ගේ ශිෂ්‍යාධාර වහාම නතර කරන්න. අපේ බදු සල්ලි අන්තිමේ වියදම් වෙන්නේ මේ අයගේ අමාරුවට නම් අපිට සාධාරණ අයිතියක් තිබෙනවා මේ ඉල්ලීම කරන්න. (හේ)
මේ වගේ ක්‍රියා අනුමත කරන්න බෑ.(හේ)
මේ ගොල්ලන්ගේ නේවාසිකාගාර ඉල්ලීම් මොනවටද කියලා හිතා ගන්න පුළුවන්. (දිල්)
මේ අයගේ ශිෂ්‍ය භාවයම අහෝසි කරලා දැම්ම නං අනිත් ළමයිට නිදහසේ ඉගෙන ගන්න තිබ්බා(දිල්)
මේ වගේ අයගෙන් සමාජයට විපතක් මිස සෙතක් නම් සැලසෙන්නේ නැහැ කවදාවත්. අදාළ බලධාරීන් මේ පිරිස ගැන දැඩි තීරණයක් ගනු ඇතියි අපි බලාපොරොත්තු වෙමු.(දිල්)
එතකොට අපි හතර හන්දි කඩා ගෙන බදු ගෙවලා තියෙන්නේ මේ කට්ටියගේ පවුල් සැලසුම් වෙනුවෙන්ද ? (හේ)
අර බලංගොඩ කන්ද නගින්න ගියාම මෙතන ලියන අපි ඉරිසියාවේ පුපුරනවා කිව්වා නේද ? හිතා ගන්න පුළුවන් නැගපු කන්ද බැහැ ගන්න බැරි වුනේ මොකද කියලා .(හේ)
මේ විශ්ව විද්‍යාලය තව දුරටත් සරසවියක් නෙවෙයි. මැරයන් ගැවසෙන ගණිකාවන් නගර සෝභිනියන් රඟදෙන සමාජ ශාලාවක් මීට වඩා වැදගත් තැනක් බව පෙනේ. කරුණාකර අපේ බදු සල්ලි අපතේ නොයවා මෙය වසා දමන්න, ඉගෙන ගන්න ළමයින් ඉන්න තැනකට ඒ සල්ලි යොදවන්න. (අ)
මේ සරසවියේ ලෝක රෑන්ක් එක ස්වාසිලන්තයටත් පහල වැටිලා ඇති. මේක රටටම ලැජ්ජාවක් මිසක් ආඩම්බරයක් නෙවෙයි. (අ)
මේ සරසවියේ ලෝක රෑන්ක් එක ස්වාසිලන්තයටත් පහල වැටිලා ඇති. මේක රටටම ලැජ්ජාවක් මිසක් ආඩම්බරයක් නෙවෙයි. (අ)
මේක රටටම ලැජ්ජාවක් මිසක් ආඩම්බරයක් නෙවෙයි. (ර)
මෙන්න රටේ අනෙකුත් අයට නුගතුන් යයි අමතන උගතුන්ගේ පැටිකිරිය. (ර)
කරුණාකර මේ වතාවේ නම් අදාළ අයව ඔලුව අත ගාල යවන්න එපා. අර නඩු භාණ්ඩ වශයෙන් අසුවූ දේවල් මේ අයගේ දෙමව්පියන්ට පෙන්නන්න ඕන ළමයින්ගේ හපන්කම් මේවා කියල. (ර)
ආරක්ෂක පියවර අරන් තියෙන නිසා ඔය කියන විදියට දඬුවම් කරන්න බැහැ. (ර)
කෝ මේ අපිට ඉරිසියා කාරයෝ කියපු කට්ටිය. දැන් කියාවි හැමෝම ඒගොල්ලන්ගේ උපත්පාලන කොපුවටත් ඉරිසියා කරනවා කියලා. (ර)
දැන් මේ සිසුන් සරසවියේ ඉන්න ගමන් පවුල් පන්සල් වෙලා වගේ. (ර)
මේ අය ගෙදර යවා ඉගෙන ගන්න උදවියට ඉගෙන ගන්න සලස්සන්න. (ර)
කරුණාකර මේ තුන් ලෝකෙට ම වැඩක් නැති අපේ බදු සල්ලි කාලා දාන කට්ටිය කෙලින්ම ගෙදර යවා ඉගෙන ගන්න උදවියට ඉගෙන ගන්න සලස්සන්න. (දිල්)
ඇයි මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගන්නේ නැත්තේ.(හේ)
මේ අයව ගෙදර යවන්න ඕනේ.(හේ)
මේ උදවිය මුළු සමාජයටම පිළිලයක්. (හේ)
දැන් මේකත් මේ අයගේ නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ වැඩපිළිවෙලේ කොටසක්ද දන්නෙ නැහැ (නි)
ඔතනට යන්නේ විකාර නටන්න නෙමෙයි ඉගෙන ගන්න.මේ අයට පන්ති තහනම් කළ යුතුයි.(හේ)
කෝ මේ අයව ලංකාවේ ඉහළම උගතුන්ගේ තත්වයට උසස් කළ කට්ටිය. අන්තිමේ වැස්සකටවත් සරසවියට නොගිය මිනිස්සු මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ .වැදගත් විදියට ජීවත් වෙනවා නම් හොදයි නේද ?(දිල්)
මේ ක්‍රමය විශ්ව විද්‍යාල තුලින් තුරන් කළ යුතුයි.(හේ)
නවක වදය එ් කාලෙත් තිබ්බා. නමුත් එක පුංචි කවියක්, සින්දුවක්, නැටුමක් නටන්න විතරයි.එහෙම කලේ කෙනෙක්ගෙන්, අනිකාගේ දක්ෂතා හදුනාගැනීමත්, සාමුහික කියන අර්ථය ලබාදීමට පමණයි. (හේ)
නවක වදය වැඩි වෙනවා මිසක් අඩුවක් නෑ.(හේ)
විභාගේ සමත් වුනාට ලෝකය ගැන කිසිවක් නොදන්නා පිරිසක්.(හේ)
මේ වගේ අයටද උගතුන් කියලා කියන්නේ ? අඩු ගානේ තමන්ගේ දෙමව්පියන්ගේවත් නම්බුව ගැන හිතුවද ? (හේ)
මේ ළමයින්ට අපේ බදු මුදල් යන එකත් නතර කළ යුතුයි.(හේ)
පිටරට වල වල වගේ ශිෂ්‍ය ණය මුදලක් දීලා පසුව අය කරගන්න හැටියට මේ විශ්ව විද්‍යාල පද්ධතිය පත් කරන්න. හැම එකම නිකම් ලැබෙන එකේ තේරුම් නිකන් ඉන්න බැරුවට පිස්සු නටනවා කියන එක. (හේ)
දැන් ඉතින් කියාවි උසස් පෙළ හරියට සමත් නැති , වැස්සටවත් සරසවිය ගොඩ වෙලා නැති අයට මේ වගේ ක්‍රියාකාරකම් වල තිබෙන වටිනාකම තේරෙන්නේ නැහැ කියලා. (හේ)
මෙවැනි අශීලාචාර පුරවැසියන් බිහිකරන රටටද බරක්වූ විශ්ව විද්‍යාල දක්වා වූ නිදහස් අධ්‍යාපනය නවතා දැමිය යුතුය. නීතිගරුක පුරවැසියන් ඇති කිරීමේ අරමුණින් විශ්ව විද්‍යාල වලට ඇතුළුවන සිසුන්ට රජයේ තීරණයක් පරිදි පෙර පුහුණුවක් මැතක සිට ලබාදෙන මුත් පසුගිය දිනක විශ්ව විද්‍යාලයකට ගිය උසස් අධ්‍යාපන ඇමතිතුමාත් එහි අවිනීතිව හැසිරුන සිසුන්ගේ ග්‍රහණයට ලක්වූ බවට පුවතක් කැනඩාවේ සිටින මම අපේ පුවත්පතක දුටුවා. (නි)
අපේ බදු සල්ලි දුන්නේ ළමයින්ට ඉගෙන ගන්න මිසක් පවුල් සැලසුම් කටයුතු වලට නෙවෙයි. (හේ)
දැන් තවත් අට්ටාලයක් ගහ ගනීවි , නවක වදය මාකට් කරන්න කියලා. (හේ)
මේ කට්ටිය නේවාසිකාගාර ඉල්ලමින් කලබල කරන්නේ වෙන මොනවටවත් නෙවෙයි මෙන්න මේ වැඩවලට කියලයි අපිට දැන් තේරෙන්නේ. ඕන විදියකට නවාතැන් සොයාගන්න කියල නිකම් ඉන්නයි ආණ්ඩුවට තියෙන්නේ.(දිල්)
කරුණාකර අපේ මහන්සියෙන් හම්බු කරන සල්ලි බදු වශයෙන් ඕනෑම වැඩකට යොදා ගන්න මේ වගේ තුන් ලෝකෙටම පලක් නැති අයව නඩත්තු කරන වැඩේට ඇරෙන්න. (දිල්)
නවකවදය හරිම සුන්දර දෙයක් කිසිම අමානුෂික දෙයක් කෙරුවේ නැහැ [නමුත් ඉස්සර] නවකවදය ඉවරවෙන කොට නවක සිසු සිසුවියන් හරියට සහෝදරයෝ වගේ(දිල්)
නවක වදය ලබා දිය යුත්තේ සීමාවක් ඇතිවිය.(හේ)
දැන් නවක වදය අමානුෂික වැඩියි.(හේ)
නවකවදය හරිම සුන්දර දෙයක් කිසිම අමානුෂික දෙයක් කෙරුවේ නැහැ. [නමුත් ඉස්සර] නවකවදය ඉවරවෙනකොට නවක සිසු සිසුවියන් හරියට සහෝදරයෝ වගේ.නමුත් ජ්‍යෙෂ්ඨ අයියලයි අපේ වසරේ කෙල්ලොයි හිටියේ අඹු,සැමියන් වගේ ඒකතමා හිතට දුක.(හේ)