නිමන්ති රණසිංහ
2007 වර්ෂයේ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියට අදාළව වරෙන්තු ලැබ අතුරුදන්ව සිටි හිටපු ලුතිනන් චන්දන ප්රසාද් හෙට්ටිආරච්චි හෙවත් 'නේවී සම්පත්' අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දොම්පේ ප්රදේශයේ දී ඉඩමක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සැඟව සිට ඇති මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොල්වත්තගේ ගාල්ලගේ අශෝක නමින් ජාතික හැඳුම්පතක් සකස් කර ගනිමින් සැඟව සිටි ඇත්තේ අධීකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තු වලින් සැඟව සිටිම සඳහාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමදා නියං එකදා වැහි වලාවේ.
ඔබේ දැන් විලාශය දකින විට අපටත් දුකයි .නමුත් ඒ තරුණයන්ගේ ඉදිරි අනාගතය අදුරු කිරීම කොපමණ දුකක්ද ඒ දෙමව්පියන්ට .
කරන කලට පව් මිහිරිය මීසේ , ගෙවන කලට දුක් දැඩිවේ ගිනිසේ , මේවට අණ දීපු මිනිස්සු අද ඇමරිකාවේ සුර සැප විඳිනවා. එව්වා කරන්න ගිහිල්ල අද මොකද උනේ දෑතට විලංගු වැටිලා ඕව හොඳ පාඩම් අනෙක් මිනිස්සුන්ට
මේ අය සරත් ෆොන්සේකා වැනි නියම රණවිරුවන්ගේ නමත් කැත කරනවා.
හරිම කණගාටුදායක දෙයක් ඔහු ට වුනේ . මේ නිලධාරියා බොහොම දක්ශ කෙනෙක්. වැරදි අය ඇසුරෙන් සිදු වූ කරුමයක් දැයි සිතේ.
සරත් ෆොන්සේකා වගේ නියම රණවිරුවන්ගේ ............
හවුලේ අපරාධ කලාට දැන් තනියම අච්චු විදින්න ලැස්ති වෙන්නයී තියෙන්නේ.