ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී අනිවාර්යයෙන්ම නව ලකුණකින් නව සන්ධානයකින් තරග කරන බව බැසිල් රාජපක්ෂ මහතා අද (30) කොළඹ මහාධිකරණ භූමියේ පැවැති නඩුවකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ පැවසීය.
මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණ උසාවි භූමියෙන් පිටත්ව යන අවස්ථාවේ මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා එසේ කීවේය.
‘ආසන සංවිධායකවරු අස් කිරීම අපි කරන එකක් නෙමෙයි. ඒ කට්ටියගේ වැඩක්‘ යැයි ද බැසිල් රාජපක්ෂ මහතා එහිදී ආසන සංවිධායකවරුන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පැවසූ අතර ශ්‍රීලනිප සංවත්සරයට සහභාගි වන්නේදැයි ඇසූවිට තමන් ඊට සහභාගී නොවන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ ඔය කියන දේවල් කෙරෙයිද කියලා (නි)
මේවා අහන මිනිස්සු ලංකාවේ තවත් ඉන්නවද? (නි)
එයාලා රටට ඔහොම පෙන්නුවාට ඇතුළු පැත්ත වෙනස්. ජනතාව තමා මෝඩයෝ (නි)
බැසිල් කරන්න යන්නේ ජෝන් බාස්ගේ වැඩේ තමයි, ඒ කියන්නේ මහින්ද හිටපු ජනාදිපති තුමා සදහටම දේශපාලනයෙන් පන්නා දමනයි මෙයා වැඩ කරන්නේ. මෙයාව දේශපාලන රැස්වීමකට ගෙන්නගන්නවත් වටින්නේ නැහැ මොකද බැසිල් නිසයි මහින්ද රාජපක්ෂ මහතාගේ ශක්න්තිමත් ආණ්ඩුව බිද වැටුනේ . (අ)
හිනා යන්නේ නැද්ද, මේවා කියන්නේ ජනතාවගේ මුදල් අවභාවිත කරලා කියන නඩුවට ආ ගමන්ලු. රටේ මිනිස්සු මීහරක් කියලා හිතනවා ඇති (නි)
මොන සන්ධානයකින් ආවත් මිනිසුන්ට අතීතය හොඳට මතකයි (නි)
නැති බැරි අහිංසක අපේ සල්ලි වලින් කෝටිපතියන් වුණ මේ මහත්මයාට නැවත කතිරයක් ගහන්න මම නම් මෝඩයෙක් නෙමෙයි. (නි)
ජයවේවා! නියමයි (නි)
මම මෙතුමා සමඟ වැඩකළ කෙනකු හැටියට මම හිතන්නේ මේ එදා මා දුටු කෙනාද කියා මට හරි පුදුම හිතෙනවා. මම දන්න කාලේ නම් මොහු බොහොම නිරහංකාර මිනිසෙක්. දැන් මොකද වෙලා තියෙන්නේ? (නි)
වෙස්මූණු බැඳන් ආවත් අපි නෑ රැවටෙන්නේ... පැරදුන ගමන්ම අයියා දමා ඇයි රට පැන්නේ... (නි)
වෙන රටවල දූෂණයන්ට ලක්වූවන්ට ඡන්දේ ඉල්ලන්න බැහැ. ඒ විතරක් නොවේ, ඔවුන් ඡන්දෙ ඉල්ලන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉල්ලුවොත් වෙන දේ දන්නවා. ඒ වුණාට ලංකාවේ, එ්ක සුදුසුකමක් වෙලා. මේ ඔක්කොටම වැරදිකාරයෝ කවුරුද? වෙන කවුරුවත් නොවේ, ඔබයි (නි)
බැසිල්ගේ නඩු ටිකට මොනවා වෙයිද කියලයි අපි මේ බලාගෙන ඉන්නේ (නි)
එතකොට පක්ෂ මූලස්ථානය කොහෙද? (නි)
මොකක්ද ඔය අලුත් පක්ෂයේ නම? (නි)
බැසිල්ලා වටා එක්රොක් වෙන්නේ මොනවගේ කට්ටියද කියලා අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ (නි)
අනේ ඉතින් අපි මොනවා කරන්නද? මහින්ද මහත්තයාගේ දේශපාලන ගමනේ අවසානය. (නි)
ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ. (නි)
ලජ්ජා බය නැති මිනිසා වඩාත් ළංවන්නේ මිනිසාට නොව නොදියුණු වානර ගණයටය. දහසක් මිනිසුන් මැද ස්ථානය කොතන වුණත් ඔවුන් හැසිරෙන්නේ ඒ විලසින්මය. (නි)
ඔය සන්ධානයට සුදුසු නමක් තවම හිතලා නැද්ද? (නි)
මෙම සන්ධානයේ නම මොකක්ද? (නි)
ටිකිරි බණ්ඩා - නුගේගොඩ, ඔබ හරියටම හරි. (නි)
මහ බැංකු මහ මංකොල්ලයටත් වඩා හොරකම් කරපු කෙනෙක්ද (බ)
මිනිස්සු රෑ වැටුන වලේ දවලුත් වැටෙනවද යාළුවා ? (ම)
රටට වැඩක් කරපු මනුස්සෙයක්. ඒ් දක්ෂතාවය අගය කළ යුතුය. (ම)
දිවි නැගුමනම් ඉවරවුණා. දැන් මොන නැගුමකටද දන්නේ නැහැ සැරසෙන්නේ. (ම)
අලුත් පක්ෂ වලට රටේ අනාගතයක් නැහැ .විහිළු වැඩක් (බ)
හැමදාම යූඑන්පිය පරද්දන්න සන්ධාන ගහනවා ඊට පස්සේ එම සන්ධානේ යූඑන්පියට පරදිනවා ඕක තමයි හැමදාම සිද්ධ වුණේ. මේවා විහිළු (බ)
ඔය හිතනවාද ඔයාලට දිනන්න පුළුවන් කියල. 54 ලක්ෂයම ආයෙත් ඡන්දය දෙයිද (බ)
අනේ ඔය නිසා තමයි අයිය පැරදුනේ. තුන්වැනි වතාවත් පරද්දන්නද හදන්නේ ඔය මනුස්සයව (අ)
කවුරු මොන සන්දාන වලින් ආවත් අපි තමයි හැමදාම කාටහරි රැවටෙන්නේ. බලය තියනකොට මොලය නැහැ මොලය තියනකොට බලය නැහැ. ජනතාවට දීපු පොරොන්දු ඉටුකරලා ජනතාවට යහපතක් කරපු පක්ෂයක් මේ රටේ කොතනකහරි තියෙනවද. (අ)
එන්න එන්න අපි දෙන්න බලාගෙන ඉන්නේ. (අ)
බැසිල් මහත්තයා නැතිව කොහොමද? දැන් බලන්න ශ්‍රීලනිපයේ බණ්ඩාරනායක යුගය වාගේද? රාජපක්ෂ යුගය. අයිතිකාරයන් නැති කෝටි ගණන් බැංකු ගිනුම් ඉඩකඩම් ඒවා නැවත අයිතිකාරයන්ට හිමිකර දෙන්න බැසිල් මහත්තයාලා ආ යුතුවේ. (අ)
මහින්ද ගේ තුන්වෙනි පරාජය (අ)
නියමයි බැසිල් මහත්තය අලුත් සංධානයකින් අණ්ඩුවකුත් හදල අර්ථික සංවර්දන ඇමතිකම මට දෙන්න .එතකොට මට මල්වානෙන් කෝටි 15 ගෙයක් මාතරින් කෝටි 5 ගෙයක් එහෙම ගන්න බැරිය නේද (අ)
ලැජ්ජාවක් තියෙන මිනිහෙක්ද? (අ)
අලුත් විදිහකින් තරග කරන්නේ රටට සහ ජනතාවට මක්කා කොරන්නද ? කොරගත්තු එව්වා මදිවයි හැබැට. (අ)
මොකද මේ සමහරු දැන්මම කලබල වෙලා. තමන්ට පක්ෂ වලට තර්ජනයක් නැත්නම් සද්ද නැතුව ඉන්න එකනේ තියෙන්නේ. (අ)
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පරාජයට බලපෑ මුලිකම සාධක දෙක තමයි මෙතුමා හා ගෝඨාභය රාජපක්ෂ මහතා. කාට තිත්ත වුණත් ඇත්ත ඒකයි (අ)
ජිවිත කාලයම හිරේ ඉන්න ඕනේ මිනිස්සු එළියේ.රටකට ගිය කලක්. (අ)