IMG-LOGO

නව සේද මාවත ව්‍යාපෘතිය ගැන සම්මන්ත්‍රණයක්

(ඩයනා උදයංගනී)

නව සේද මාවත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආසියා ප්‍රගති සංසදය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේ දී අද (19) පැවැත්විණි.

නව සේද මාවත ව්‍යාපෘතිය යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති, එම ව්‍යාපෘති මගින් මෙරට ආර්ථිකයට හා ජන ජීවිතයට ලැබෙන ප්‍රතිලාභ, එම ව්‍යාපෘති වඩාත් ඵලදායී ලෙස තවදුරටත් ක්‍රියාත්මක කිරීම ආදිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ආචාර්ය වගීෂා ගුණසේකර මහත්මිය මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූ අතර, මහාචාර්ය සමිත හෙට්ටිගේ, ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, කසුන් කාරියවසම් යන මහත්වරු ද අදහස් දැක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, වීරසුමන වීරසිංහ, ජයන්ත සමරවීර යන මහත්වරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, දේශපාලන ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - ළහිරු හර්ෂණ 



අදහස් (0)

නව සේද මාවත ව්‍යාපෘතිය ගැන සම්මන්ත්‍රණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 639 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site