රටේ දියුණුවට ඔබේ දියුණුවට ඇති කරන්නට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළු රටම එකතු කරගත යුතු යැයි අරලියගහ මන්දිරියේදී අද (17) විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති කීවේය.
දේවදත්තයා බුදු ගුණ ගායනා කරන ආකාරයෙන් මහාචාර්ය ජී.ඇල්.පීරිස්ගේ ජුන්ටාවේ මත වලට වඩා සියලුම පක්ෂ හා සංවිධාන සමග සාකච්ඡා කර මේ ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම අරමුණ බවත් ඔහු කීවේය.
ලොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට සමාජ ජාල වෙබ් අඩවි යොදා ගන්නා මුල්ම අවස්ථාව මෙය විය හැකි බවත් 21 වැනි සියවසට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසිය යුතු බවත් රට බෙදීමක් රටේ ඒකීය භාවය වැනසීමක් හෝ බුද්ධාගමට හිමි තැන අහිමි කිරීමක් රජයේ යෝජනාවලට අඩංගු නොවන බවද ඕනෑම කෙනකුට ඕනෑම පක්ෂයකට සංශෝධන ඉදිරිපත් කළ හැකි බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ අදහස් පමණක් නොව සියලු පක්ෂවල අදහස් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ලබාගැනීමට සූදානම් බවත් විශේෂයෙන්ම අනාගතය බාර ගැනීමට සිටින තරුණයන්ගේ අදහස් මේ සඳහා වැදගත් බවත් ට්විටර්, ෆැක්ස්, සමාජ ජාලා වෙබ් අඩවි වැනි ඕනෑම මාධ්‍යයකින් ඔවුන් ලබාදෙන අදහස් බාරගැනීමට සූදානම් බවත් අගමැතිවරයා කීවේය.
මහජන අදහස් හා යෝජනා ලබාගැනීමට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට විසුම්පාය ලබාදී ඇති බවත් ඕනෑම අවස්ථාවක එහි පැමිණ ඊට අදාළ යෝජනා බාරදිය හැකි බවත් කී අගමැතිවරයා 21 වැනි ශත වර්ෂය මැද භාගයට ගැලපෙන ව්‍යවස්ථාවක් අනාගතය වෙනුවෙන් නිර්මාණය කරගැනීමට ඒ සියලු අදහස් වැදගත් වන බවත් සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩේ ගින්දර තියාගෙන කොච්චර බණ කිවුවත් වැඩක් නැහැ. අවුරුද්දක් නිකන් ගෙවිලා ගියා. (නි)
අයියෝ අපේ ඡන්දය! (නි)
සෆීන කියන දේට මමත් එකගයි.රටට හොද දෙයක් වෙනවනම් කවුරු කලත් කමක් නැහැ.මේක හොද දෙයක්ද කියන එක පාට කන්නාඩි ගලවල බලන්න ඕනේ.සම දෙනාගේම අදහස් මේ සදහා යොදා ගැනීම වටින සංකල්පයක්.බලමු හොද දෙයක් වෙයි කියල හිතනවා.ඒ කලේ කාගෙන්වත් අහල බලන් නැතුව හිතුමතේට කල දේවල් නිසා ඇතුන ඉරණම මතක තියාගෙන ඉදිරියට වැඩ කලොත් හොදයි. (අ)
කාලේ ඉවරවෙනකම් කියව කියව ඉදී. අපිත් දීල බුරුවො වාගේ දැන් බලගන ඉන්නවා. (බ)
අනේ මොකද කට්ටියම කුලප්පුවෙලා පොඩ්ඩක් ඉවසල බලාගෙන එන්න අගමැති තුමා මොකද කරන්න හදන්නේ කියලා (බ)
මේ රටේ සිංහල බෞද්ධ අයිතිය විනාශකරන්න අතීතයේ පටන්ගත් කාලයේ සිට අද එයටත් වඩා බිහිසුණු ලෙස සිදුවෙනවා. ධර්මපාලතුමා කිව්වනේ, සුද්දා ගියාට කළු සුද්දන් ටිකක් බෝවෙලා මේ රට වනසනවා කියලා .අද එය මැනවින් සිදුවෙනවා. (නි)
රටේ ජනතාව ජනවාරි 8 බලය දීලා තියෙන්නේ. ඔබ කැමති දෙයක් කරන්න මහත්තයා. අපිට දැන් කොහොමත් එකයි (නි)
ඉවසලා බලාගෙන ඉන්න මොකද කරන්න හදන්නේ කියලා. (නි)
රට බෙදන්න එය කාගේවත් බුදලයක් නොවෙයි. ඔබලාට උවමනා විදිහට එය කරන්න ගියොත් වෙන්නේ මොකක්ද කියා මම කිවයුතු නැහැනේ. (නි)
රනිල් මහතාට ජයවේවා! (නි)
චන්ද්‍රිකා මැතිනිය අලුත් ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙනා වෙලාවේ එජාපයේ ඔබේ මන්ත්‍රීවරු එය පාර්ලිමේන්තුවේදී ගිනි තියද්දී ඔබ එය දිහා සිනාසෙමින් බලා හිටියා මතකද? (බ)
මේ දේවදත්තද කතා කරන්නේ? (බ)
ප්‍රනාන්දු, ඕක බුද්ධාගමේ හොදට පැහැදිලි කර තිබෙනවා. සමහරුන්ට බුදුන්ගේ බණ අහපු පළමුවරම අවබෝධය ඇතිවී නිවන් යනවා. සමහරුන්ට එකම දේ වුණත් දහස්වරක් ඇහුවත් අවබෝධවෙන්නේ නැහැ. (නි)
අපි හිතුවට බුදුගුණ ගයයි කියලා...! මෙතුමාත් බුදුගුණ ගයන පාටක් පෙනෙන්නට නැත...! ජනතා ප්‍රශ්න පසෙක තබා ජාත්‍යන්තරය සතුටු කරන්නට ගියොත් අනේ අබ සරණයි...! (බ)
හොර සුද්දෝ ශ්‍රී ලංකාවෙන් යාමට පෙර ඔවුන් විසින් ඔවුන්ට උවමනා දේවල් කරවා ගැනීමට සාදපු කළු සුද්දන් මගින් ශ්‍රී ලංකාවට සෙතක් වෙයි කියා සිතන්නා මුලා වන්නේය (බ)
හොරාට පෙර කෙසෙල් කැන වැට පනිනවා කියලා අපි කියන්නේ මෙන්න මේවට තමයි (නි)
අද පවතින හැම හොඳ දෙයක්ම වෙනසක ප්‍රතිඵලයක්. හොඳ වෙනසක් නම් පවතින කාලය වැඩි වේවි. දුර්වල වෙනසක් නම් වැනසිලා යයි ඉක්මනින්ම. එමනිසා වෙනසට ප්‍රතිරෝධී වෙන්නට පෙර හොදින් සිතා බලන්න. පටු දේශපාලන වාසි හෝ පුද්ගලික ප්‍රයෝජන වලට ප්‍රතිරෝධය දක්වන්න. කාටවත් කඩේ නම් යන්න එපා.පක්ෂ පාට වල කණ්ණාඩි ගලවලා හොඳදේට පමණක් එක්වන්න. නරකදේට හේතු සමඟ විරුද්ධවන්න (නි)
ඔය කවුරුත් ව්‍යවස්ථා හැදුවේ තම තමන්ට වාසි වෙන විදිහට. ඒක අපි දන්නවා (නි)
කිවුවට වැඩක් නැහැ. කරලම පෙන්වන්න (නි)
කලින් පාර වගේ මේ පාරත් එකක් පෙන්නලා තව එකක් සම්මත කරගනීවිද දන්නේ කවුද? (නි)
හැමදෙයක්ම හොදින් වෙන්න ඕනේ , අපිට පක්ෂ වැඩක් නැහැ , රටට හොදක් වෙන්න ඕනේ (බ)
ජගත් සමඟ මමත් 100%ක් එකඟයි. බලමුකෝ මේ පාර (නි)
අපිට නම් දැන් කිසිම විශ්වාසයක් නැහැ කිසිම දෙයක් ගැන (නි)
මේ පාරත් එකක් පෙන්නලා තව එකක් සම්මත කරගනීවිද කියලයි මමත් මේ බලාගෙන ඉන්නේ (නි)
අලුතින් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ගෙනෙන පනත සම්බන්ධයෙනුත් අපි බලාගෙන ඉන්නවා (නි)
කියනවා කියනවා හැමදාම. මේ අපේ දේශපාලකයින්ගේ කටවල් වලට නිවනක් නම් ඇත්තෙම නැහැ (නි)
රනිල් මහතාට ජයවේවා! (නි)
ආර්ථික ඔස්තාර්ලා හදපු අයවැය වගේද? හැදුවට පස්සේ අයකුත් නැහැ වැයකුත් නැහැ. ජනතාවට වැය වැඩිවුණ එක විතරයි වුණේ. මේකත් ඒ වගේද දන්නෙ නැහැ (නි)
ජනාධිපතිවරණයේදී දහඅතේ දිව්රලා කිව්වා ඇමති මණ්ඩලය 25 කරනවා කියලා. දැන් හිටියටත් වඩා වැඩි කරගෙන. මම නම් දැන් කියන කිසිම දෙයක් ගැන සත පහකට විශ්වාසය කරන්නේ නැහැ. (නි)
කියනදේම අකුරටම කරන උදවිය නිසා විශ්වාස කරන්න බැහැ. (නි)
රට බෙදන එකකක් නැහැ.මෙහෙම ගියොත් මුළු රටම දෙමල බස කතා කරය අයට යාවි.දැන් වැඩ සිද්ද වෙන්නේ ඒ විදිහට. මේ බණ කියන උපාසක මහත්වරු ,ළිං ගෙම්බන් සේ නොසිට අසිංහලයන් වැඩි පෙදෙස් වල ඇවිද බලත්වා. උපාසකල ,මහනායක හිමිලා සහ දේශපාලන ගැති හිමිලා දෙව් ලොව යන්න. අපි නම් මේ සිංහල රට වෙනුවෙන් සටන් කර මියගොස් මරණයෙන් පසුත් එනවා (බ)
බිබිලේ දොඩම් පටවන්න නැව් මාර්ග හදනවයි කිවුව ඇමතිවරුත් පෙර කාලයේ ඉඳලා තියනවා. (නි)
අපි බලමු ඕක කොහොම වෙයිද කියලා (නි)
රටට හොඳක් වෙනදේකට කාගේත් සහය ලැබෙයි. (නි)
අපි රට බෙදන්න දෙන්නෙත් නැහැ (නි)
අපිට නම් කිසිවෙක් ගැන විශ්වාසයක් නැහැ (නි)