(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රටේ දැනට පවතින තත්වය තුළ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට රජය කිසිදු අයුරකින් ක්‍රියා නොකළ යුතු බවට ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ විධායක කාරක සංඝ සභාව ඒකමතිකව තීන්දු කළේය.
කඹුරුපිටිය ඌරාපොල රතනජෝති පරිවෙණාස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේ පැවති එම සංඝ සභාවේ කාරක සභා රැස්වීමේදී එම යෝජනාව ඒකමතිකව සභා සම්මත විය.
උඩුමලගල මහින්ද ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.
එහිදී තීන්දු කරන ලද කරුණු පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වු රෝහණ සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධීකාරී ඕමාරේ කස්සප නාහිමියෝ මෙසේ කීහ.
“දෙමසකට වරක් රැස්වෙන අප සංඝ සභාවේ කාරක සංඝ සභාව මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. එහිදී රටේ පවතින තත්වය පිළිබඳව න්‍යාය පත්‍රයට අනුව කතා බහ කිරීමේදී අප සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පරපාමුල්ලේ සුමන නාහිමියන් යෝජනාවක් ලෙස රටේ දැනට පවතින තත්වය තුළ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍යතාවයක් නොමැති බවට රජයට දැන්වීමේ යෝජනාවක් ඉදිරිපත් කළා. තවද පවතින ව්‍යවස්ථාව විධිමත්ව පවත්වා ගෙන යා යුතු බවද සංශෝධන අනවශ්‍ය බවද එසේ සංශෝධන ගෙන එන්නේ නම් එය මැතිවරණ ක්‍රමය වෙනස් කිරිමේ කරුණට පමණක් සීමා විය යුතු බවට ද තීරණය කළා. ඒ වගේම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්නේ නම් කිසිදු අයුරකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවට ද තීන්දු වුණා. එම සම්පූර්ණ යෝජනාව මහ නාහිමියන් ප්‍රධාන කාරක සංඝ සභාව ඒකමතිකව සම්මත කළා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ව්‍යවස්ථාවට ප්‍රගතිගාමීන් කොහොමත් විරුද්ධ නම් අපි ආණ්ඩුවට කියන්නේ වැනෙන්නේ නැතුව මීට වඩා රැඩිකල් යෝජනාවලියක් ගේන්න කියලයි. ෆෙඩරල්වාදය සහ ලෞකික රාජ්‍යයත් සලකා බලන්න.
හාමුදුරුවරුන්ට නව ව්‍යවස්ථාවක් අවශ්‍යද? ... නැද්ද? කියන එක අපිට ප්‍රශ්නයක් නොවෙයි ... විසිඑක්වෙනි ශතවර්ෂයේ ජීවත්වෙන අපිට හාමුදුරුවරු අවශ්‍යද කියන එක තමයි .... දැන් අපිට තියන ලොකුම ප්රශ්නය ... මේ ගොල්ලෝ තමයි ලංකාවට තියන ... හෑන්ඩ් බ්රේක් එක ... මේ නිසා තමයි අපේ රටට ඉදිරියට ගමන් කරන්න බැරිව, එක තැනම නතර වෙලා තියෙන්නේ ...
හාමුදුරුවනේ ඔබ වහන්සේලාට පින්. මේ අදහස් දාන අය මේ ලංකාවේ ඉන්න උදවිය නෙමෙයි. ඒ නිසා ඒගොල්ලන්ට ෆෙඩරල් නෙමෙයි මේක විකුණලා දැම්මත් කමක් නැහැ. නමුත් අපි ඒවාට ඉඩ දෙන්නේ නැහැ. එක ඉතින් ඉර හඳ වගේ විශ්වසයි.
ඔය ව්‍යවස්ථාවක් ගේන්න හදන්නේ රනිල් අතට විධායක බලය ගන්නනේ.
රවිට ආගමක් දහමක් නැති උනාට අපිට තියනවා ඒ නිසා මේක ඔයාගෙ මතය මිසක් සමස්ථ ජනතාවගේ මතය නෙමෙයි. ඔහොම ගියොත් ඔයාගේ පාංසකූලෙ දෙන්නවත් කෙනෙක් නැතිවෙයි. ඔයා පොඩ්ඩක් කට පියාගෙන පැත්තකට වෙලා ඉන්න