(අංජුල මහික වීරරත්න)
වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කරගත යුතු ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා සහ වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා 2023.10.9 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී තිබේ.
ඒ අනුව එකී නිර්දේශ මත පදනම්ව වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබේ.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ත්‍රස්තවාදි කණ්ඩායමක් කියල නම් කරන්න නීති නැතිද? උන් විතරක් ඉගෙනගත්ත එවුන් කියල හිතාගෙන ඉන්න එක මදිවට අති විශේෂ සැලකිලි ඉල්ලන සහ පිනට ඉගෙනගන්න එකාල රටහැර යාමත් අනුමත කරන හොරු රෑනක්.නේද?
හෙදියන්ගේ උපාදියට බාල්දි පෙරලල සම සෞඛ්‍ය සිසුන්ගේ වසර 3 උපාධිය වසර 4 කරනවාට විරුද්ධ වෙලා තමන්ගෙ හීන මානය ඔලුව උඩ තියන් ඉන්න ලංකාවේ දොස්තරලා එයාලගේ සේවයට අලුත් ආඥා පනතක් ගෙනත්.