
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය (Accreditation) සහිත රසායනාගාරයක් පිහිටුවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical සහ ශ්‍රී ලංකාවේ Sri Lanka Institute of Biotechnology (SLIBTEC) ආයතන අතර අවබෝධතා ගිවිසුමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) අත්සන් තැබිණි.
පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයෙහි (NIRDC) මඟපෙන්වීම යටතේ සිදු කෙරෙන ඩොලර් මිලියන 15ක් වන මෙම ආයෝජන ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමට ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical ආයතනය වෙනුවෙන් එහි නිර්මාතෘ මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් (Prof. Hans Keirstead) මහතා සහ ශ්‍රී ලංකාවේ Sri Lanka Institute of Biotechnology (SLIBTEC) ආයතනය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය සමිත හෙට්ටිගේ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අමාලි රණසිංහ යන මහත්ම මහත්මීහු අත්සන් තැබූහ.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, කෘෂි, රූපලාවණ්‍ය සහ ආයුර්වේද ඇතුළු බොහෝ ක්ෂේත්‍ර සඳහා මෙන්ම ආනයන සහ අපනයන ක්ෂේත්‍රයන්හි පරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය සහිත රසායනාගාර ධාරිතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව කලක සිට පැවතුණි.
මෙම අවස්ථාවට එක් වූ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා කීවෙි 2030 වන විට මෙරට අපනයන ආදායම දෙගුණයක් කිරීම සඳහා වන රජයේ අරමුණ කරා යාමේදී මෙවන් ප්‍රතීතන පහසුකම් සහිත රසායනාගාර ව්‍යාපෘතියක් ඉතා වැදගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් පිටව වෙනත් රටවල සිටිනා දක්ෂ ශ්‍රී ලාංකිකයන් ගෙන් රටට ප්‍රයෝජනවත් සේවයක් ලබාගැනීමට කටයුතු කලයුතුවේ. උගතුන් පැමිණීමට අකමැති එක ප්‍රධානතම හේතුවක් නම් ( මිට පෙර ඔවුන් චෝදනා කරමින් සිටියේ ) රජය නිලධාරීන් සහ දේශපාලකයන් ගේ බලපෑම් පවතින බවකි. එමනිසා දේශපාලන හෝ රාජ්‍ය නිලධාරීන්ගේ බලපෑම ( අයතා ගනුදෙනු සදහා හෝ වෙනත් කරනා සදහා ) හෝ අවශ්‍ය කරනා නිසි ආකාරයට නිසි වෙලාවට ප්‍රමිතියට සිදු නොකරන රජය සේවකයන් තීන්දු ගැනීම්වලදී සහය ලබනොදෙන්නේ නම් දක්ෂ නිර්මාණශීලි නිලධාරීන් එම තනතුරුවලට පත්විය යුතුවේ
දේශපාලකයෙක් ගෑවෙන්නෙ නැතුව වැඩ කරන්න පුළුවන්? මේවා අරකුන් කොහොම ඉවසයිද?
මේක MOU එකක් විතරයි. වෙන්න මෙන්ම නොවෙන්නත් පුළුවන්. Show off එකක් වගේ.