රජයේ නව රස පරීක්ෂක සකුන්තලා තෙන්නකෝන් මහත්මිය බත්තරමුල්ල පැලවත්තේ ඉසුරු මාවතේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයයේ දී අද වැඩ බාර ගත්තේය.
අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ද මෙම අවස්ථාවට එක් විය.
නාරම්මල මයුරපාද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යාවක වන තෙන්නකෝන් මහත්මිය පේරාදෙනිය විශ්ව විද්‍යාලයයෙන් රසායන විද්‍යා විද්‍යාවේදී විශේෂ උපාධිය ගෞරව සහිතව සමත් වීමෙන් පසුව 1983 වර්ෂයේ දී සහකාර රස පරීක්ෂක වරියක ලෙස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට බැඳුනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා පුත්‍ර ඔයා පොදුවේ කරන ප්‍රකාශයක්ද නැතිනම් එක එල්ලේම එතුමියටම කරපු ප්‍රකාශයක්ද? හැබැයි ගොඩක් අයට ගැලපෙන ඔවදනක්. කොහොම වුනත් අපි අහලා තියන විධියට ඔතන වාර්ථා ප්‍රමාදය හේතුවෙන් නඩු වල පැටලුන සාමාන්‍ය ජනතාව පීඩා විදිනවා.හැම නඩුවාරයක් කියන්නෙ අහිංසයන්ට පවා නීතීඥ ගාස්තු ගෙවන්න වෙන අවස්ථාවක්. ඒම වාර්ථා ඉක්මන් කරන වැඩ පිලිවෙලක් සකසන්න. ඒක පිනක් වේවි. (ස)
මගෙන් සුභ පැතුම්. සමාගම් වල මුදලට යට නොවී අවංකව සේවය කරන්න. ඔබට ජය වේවා. (ස)
කාන්තාවන් වන අපිට ඔබ ආඩම්බරයක් (නි)
මේ බොහොම උසස් ගෞරවාන්විත තනතුරක්. නිකම් බහු බූත කතා කියලා අවමානයට පත් කරන්න එපා. මේ ලෙඩ රෝග සොයන්න ඇති කල එකක් නොවෙයි. බොහොම උසස් තනතුරක්. (ස)
රජ කාලේ මේ තනතුරේ නම 'ඇට්ටවී රාළ'. රජතුමාගේ රාජ ශරීරය ස්පර්ශ කරන්න බැරි නිසා රජතුමාගේ රෝග සොයා ගන්නේ 'ඇට්ටවී රාළ' විසින් මළ මුත්‍ර රස දිවෙන් පරික්ෂා කිරීමෙන්. (නදී)
ඔබට අපගේ සුභ පැතුම්! (නි)
මුලින්ම තමන්ට ඔසවාගෙන යන්න පුළුවන් තරමේ මල්ලක් තෝරාගන්න. අහිංසක පියන්ලට එය අරගෙන යන්න කියන්න එපා. දෙවනුව මුල අමතක කරන්නේ නැතිව , හිස උදුමා ගන්නේ නැතිව වැඩ කරන්න. රබර් සෙරෙප්පු ගෙන ආපු හැටි මතක තබා ගන්න. තෙවනුව තමන්ගේ ළමයින්ට , වැඩිහිටි පුද්ගලයන්ට කතා කරන අන්දමද උගන්වන්න. යහපති.(නදී)
රජයේ රස පරීක්ෂක තනතුර ඉතාම ගෞරවාන්විත සහ වගකිවයුතු එකක්. (නි)