රජයේ නව රස පරීක්ෂක සකුන්තලා තෙන්නකෝන් මහත්මිය බත්තරමුල්ල පැලවත්තේ ඉසුරු මාවතේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයයේ දී අද වැඩ බාර ගත්තේය.
අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ද මෙම අවස්ථාවට එක් විය.
නාරම්මල මයුරපාද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යාවක වන තෙන්නකෝන් මහත්මිය පේරාදෙනිය විශ්ව විද්‍යාලයයෙන් රසායන විද්‍යා විද්‍යාවේදී විශේෂ උපාධිය ගෞරව සහිතව සමත් වීමෙන් පසුව 1983 වර්ෂයේ දී සහකාර රස පරීක්ෂක වරියක ලෙස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට බැඳුනාය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
නව රස පරීක්ෂකවරිය වැඩ බාරගනී
නිශාන්ත Wednesday, 21 May 2014 09:31 AM
ලංකා පුත්‍ර ඔයා පොදුවේ කරන ප්‍රකාශයක්ද නැතිනම් එක එල්ලේම එතුමියටම කරපු ප්‍රකාශයක්ද? හැබැයි ගොඩක් අයට ගැලපෙන ඔවදනක්. කොහොම වුනත් අපි අහලා තියන විධියට ඔතන වාර්ථා ප්‍රමාදය හේතුවෙන් නඩු වල පැටලුන සාමාන්‍ය ජනතාව පීඩා විදිනවා.හැම නඩුවාරයක් කියන්නෙ අහිංසයන්ට පවා නීතීඥ ගාස්තු ගෙවන්න වෙන අවස්ථාවක්. ඒම වාර්ථා ඉක්මන් කරන වැඩ පිලිවෙලක් සකසන්න. ඒක පිනක් වේවි. (ස)
ජයන්ත Wednesday, 21 May 2014 10:02 AM
මගෙන් සුභ පැතුම්. සමාගම් වල මුදලට යට නොවී අවංකව සේවය කරන්න. ඔබට ජය වේවා. (ස)
නිර්මලා Tuesday, 20 May 2014 08:42 PM
කාන්තාවන් වන අපිට ඔබ ආඩම්බරයක් (නි)
පිටිගල Tuesday, 20 May 2014 09:52 PM
මේ බොහොම උසස් ගෞරවාන්විත තනතුරක්. නිකම් බහු බූත කතා කියලා අවමානයට පත් කරන්න එපා. මේ ලෙඩ රෝග සොයන්න ඇති කල එකක් නොවෙයි. බොහොම උසස් තනතුරක්. (ස)
ජනක Tuesday, 20 May 2014 03:16 PM
රජ කාලේ මේ තනතුරේ නම 'ඇට්ටවී රාළ'. රජතුමාගේ රාජ ශරීරය ස්පර්ශ කරන්න බැරි නිසා රජතුමාගේ රෝග සොයා ගන්නේ 'ඇට්ටවී රාළ' විසින් මළ මුත්‍ර රස දිවෙන් පරික්ෂා කිරීමෙන්. (නදී)
නිශාන්ත Tuesday, 20 May 2014 05:31 PM
ඔබට අපගේ සුභ පැතුම්! (නි)
ලංකාපුත්‍ර Wednesday, 21 May 2014 07:58 AM
මුලින්ම තමන්ට ඔසවාගෙන යන්න පුළුවන් තරමේ මල්ලක් තෝරාගන්න. අහිංසක පියන්ලට එය අරගෙන යන්න කියන්න එපා. දෙවනුව මුල අමතක කරන්නේ නැතිව , හිස උදුමා ගන්නේ නැතිව වැඩ කරන්න. රබර් සෙරෙප්පු ගෙන ආපු හැටි මතක තබා ගන්න. තෙවනුව තමන්ගේ ළමයින්ට , වැඩිහිටි පුද්ගලයන්ට කතා කරන අන්දමද උගන්වන්න. යහපති.(නදී)
ලංකාතිලක Wednesday, 21 May 2014 08:11 AM
රජයේ රස පරීක්ෂක තනතුර ඉතාම ගෞරවාන්විත සහ වගකිවයුතු එකක්. (නි)