බෙන්ජමින් නෙතන්යාහු දිගටම බලයේ සිටීම වළක්වමින්, ඊශ්‍රායලයේ  විපක්ෂ නායකයෝ, හිටපු හමුදා ප්‍රධානියා මෙන්ම, ප්‍රධාන විපක්ෂ නායකයා ලෙස ද සැලකෙන ගාඩි අයිසන්කොට් අගමැති ධුරය සඳහා යෝජනා කිරීමට එකඟවී සිටිති.

අයිසන්කොට් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූයේ විපක්ෂ සන්ධානයට නායකත්වය දෙමිනි. අයිසන්කොට්ගේ දේශපාලන පක්ෂය වන්නේ ‘යසාර්’ ය.

අයිසන්කොට්ගේ නායකත්වයෙන් පිහිටුවා ගත් විපක්ෂ සන්ධානයට යාරී ගෝලාන්ගේ ‘ප්‍රජාතන්ත්‍රවාදී’ පක්ෂය, යාර් ලපිඩ් නායකත්වය දෙන ‘යෙෂ් අටිඩ්’ පක්ෂය, ‘ඊස්රායිල් බෙයිටෙනු’ පක්ෂයට නායකත්වය දෙන අවිග්ඩෝ ලයිබර්මන්ය. ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්ගේ සහාය ද මොවුන්ට හිමිවෙයි.

අයිසන්කොට් අගමැති ධුරය සඳහා යෝජනා කිරීමට එකඟත්වය පළ වූයේ, හිටපු අගමැති බෙනට්, අවිග්ඩෝ ලයිබර්මන්, යාරී ගෝලාන් සහ යාර් ලපිඩ්, ගාඩි අයිසන්කොට් හමුවී සාකච්ඡා කිරීමෙන් පසුවය.

ඉකුත් ඔක්තෝබර් 27 මැතිවරණය පැවැත්වූයේ, ඊශ්‍රායල පාර්ලිම්න්තුව හෙවත් ‘නෙසට්’ සභාවේ ආසන 120 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමටය. බහුතරය සඳහා ආසන 61 ක් දිනා ගැනීම කළ යුතුය.

කෙසේ නමුත් කිසිදු පක්ෂයකට තනිව බහුතරය දිනා ගැනීම කළ නොහැකි විය.
මැතිවරණ ප්‍රතිඵල අනුව නෙතන්යාහුගේ ‘ලිකුද්’ පක්ෂය ප්‍රමුඛ දේශපාලන සන්ධානය ආසන 53 ක් ද, අයිසන්කොට් මෙහෙයවූ විපක්ෂය සන්ධානය ආසන 48 ක් ද, අරාබි පක්ෂ අයත් සන්ධානය ආසන 19 ක් ද හිමිකරගත්තේය.

ගාඩි අයිසන්කොට්, ප්‍රමුඛ සෙසු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල නායකයන්, මෙසේ හමුවී සාකච්ඡා පැවැත්වීම කළේ මැතිවරණ අවසන් වීමෙන් පසු පළමු වරටය.

ඒ, යළි මහ මැතිවරණයකට නොයා, කඩිනමින් නව රජයක් පිහිටුවීම පියවර ගන්නැයි ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් සියලු දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා ඇති බැවිනි.

නෙතන්යාහුගේ ‘ලිකුද්’ පක්ෂය ප්‍රමුඛ දේශපාලන සන්ධානය මෙන්ම ප්‍රධාන විපක්ෂ සන්ධානය ද වෙන වෙනම රජයක් පිහිටුවන්නේ නම් ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා අරාබි දේශපාලන පක්ෂවල සහාය අවශ්‍ය වෙයි. 

කෙසේ නමුත්, තම සන්ධානය කිසිම අවස්ථාවක අරාබි පක්ෂ හවුල් කර නොගන්නා බව නෙදන්යාහු තරයේ පවසා ඇත. තමා දිගටම අග්‍රාමාත්‍ය ධුරයේ සිටින ‘ජාතික රජයක්’ පිහිටවමු යැයි නෙදන්යාහු යෝජනා කර ඇත්තේ ද විපක්ෂ දේශපාලන පක්ෂවලටය.

මේ අතර, නෙදන්යාහු විරෝධය පළ කරන ඊශ්‍රායල වැසියන්, විපක්ෂ සන්ධානයෙන් ඉල්ලා ඇත්තේ ‘අරාබි’ පක්ෂ සමග එක් වී රජයක් පිහිටුවා ගන්නා ලෙසය. එසේ වුවත්, විපක්ෂ සන්ධානය, අරාබි පක්ෂ නායකයන් හමුවී මෙතෙක් සාකච්ඡාවක් පවත්වා නැත.