‘එදා මෙන්ම අදත් ජනතාවට සේවය කිරීමට අපි සූදානමින් සිටිනවා. තංගල්ල කාල්ටන් නිවසේ දී මා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පුළුවන්. ජනතාව සිව් දෙසින් එහි එනවා. අප කළ සේවය අගයනවා. නව රජය දේශපාලන වශයෙන් අප පීඩාවට පත් කරනවා.‘ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කිරම රදෙනියාවේ දී එසේ පැවසීය.
හිටපු ආපදා කලමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා පැවසුවේ ලබන ඡන්දයේ දී නව රජයක් හදා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර පරිණත දේශපාලන අඥානයෝ දණ්ඩ නමස්කාරයෙන් වැඳ වැටුන යුගයකුත් තිබුණා තමයි. දැන් ඒවා අවසානයි (නි)
අනේ පවු! (නි)
සමන්ති කොහොමද ඒක හරියටම කියන්නේ? (නි)
මිනිසුන්ට හොඳට තේරුනා මේ අය කළ දේවල්. (නි)
කොළඹ පාරවල් වහලා කාර් රේස් ගිය හැටි එහෙමත් අපිට හොඳට මතකයි (නි)
අායේ ඔයාල රජයක් හදන්නේ අාපහු මැර බලය හා දුෂණය රජකරවන්නද ? (නදී)
කවුද අප්පා මේ ගොල්ලන්ට සේවය කරන්න දෙන්නේ නැත්තේ? අවුරුදු නමයක් තිස්සේ කරපු සේවය මිනිස්සුන්ට මතක නිසානේ මෙහෙම වුනේ. බාප්පාවත් ආපහු ගෙන්නාගෙන කලින් වගේම සේවය කරන්නකෝ හොඳේ. (නදී)
නුඹලා තමයි මහින්දව විනාශ කළේ. (නදී)
වෙන කෙනෙක් ජනාධිපති වුණා නම් අර මාලිගාව ඉස්සරහ රේස් පැදපු එකට නඩු දානවා. දැන් ඉතින් ලෝකෙම අනුකම්පාව ගන්න කියන වචන ටික ඕක තමයි. (හේ)
දැන් ඉතින් කියන්නේ එහෙම තමයි.(හේ)
අපේ මිනිසුන්ට දැන් අමතකයි මහින්ද මහතා මේ රටට කළ සේවය (නි)
එන අයට කන්න දෙන්නේ තණකොළ ද ? (හේ)
මහින්ද මහතා යුද්ධය අවසන් කළේ නැත්නම් කාටත් ඉන්න වෙන්නේ මුළුගැන්විලා තමයි. (නි)
මහින්ද මහතා එන්න පෙර ජනාධිපතිවරුන් 4ක් හිටියා.යුද්ධය අවසන් කළාද? (නි)
මම හිතන්නෑ නැවත ඔයාලට බලය දෙන්න තරම් මිනිස්සු මෝඩ වෙයි කියලා.(හේ)
නාමල්, ඔබ සැමගේ වටිනාකම නුදුරේදීම අපේ අයට දැනෙනවා.ඔය නැඟෙන චෝදනා,මඩ ප්‍රචාර වලට මුහුණදෙන්න වෙනවා නොබියව.පළිගැනීම් ඕනෑම බලයට පත්වෙන රජයක් යටතේ සිදුවෙන දේවල්. ලංකා දේශපාලනයේ හැටි එහෙමයි. කොහොම වුණත් පැවති දුර්වලකම් හදාගෙන ඉදිරි දේශපාලනයේ නියැලෙනවා දකින්න අපි කැමතියි. රටට ආදරය කරන කෙනෙක් හැටියට අපේ සහයෝගය ඔබට දෙන්න අපි කැමතියි.ඉදිරි කටයුතු සාර්ථක වේවා! (නි)
බුද්ධිමත් ජනතාවට වෙනස දැනිලා ඉවරයි. මැරිලා ඉපදුනා වගේ සමහරුන්ගේ කතාව (නි)
දැන් ඉතින් බේබිලාට යන්න හෙලිකොප්ටර් නැති නිසා හරි අප්සෙට් ඇති (නදී)
දැන් ඉතින් ගමේ කඩෙන් වණ්ඩුවක් කාලා කහට කෝප්පයක් බොන්න පුළුවන් නේද? (නි)
කුමාර් එතකොට ඔයා කියන්නේ දැන් යහ පාලනයක් තියෙනවා කියලද. මට නම් එයාලගෙයි මෙයාලගෙයි කිසිම වෙනසක් නෑ කියල තමයි හිතෙන්නේ. (නදී)
නාමල්, ඔයාට මේ බනින අයට මොකුත් තේරෙන්නේ නැහැ.ඕවා ගණන් ගන්න එපා. ඔබ ආයෙත් මේ රටට සේවය කරන්න එන්න (නි)
මිනිස්සු එච්චර මෝඩ නෑ.(හේ)
කරලා තියෙනවා කියන දේවල් වල හැටියට ඔයාලට නමස්කාර කරන්නද කියන්නේ? මේ වැඩවසම් යුගය නොවේ (නි)
මේ අනුකම්පාව ගන්න කියන දේවල්නේ . (හේ)
කොකාගේ සුද පෙනෙන්නේ ඉගිළෙනකොට වගේ ඔයාලගේ කෙරුවාවල් දැනගත්තේ පස්සෙයි. (නි)
දුප්පත් මිනිසුන්ගේ සල්ලි කාබාසිනියා කළා හොඳටම ඇති. රජවරු අපිට එපා. දැන් හොඳටම ඇති. (නි)
කරුණාකර දැන්වත් හැදෙන්න. තාත්තා ගේ පහනෙන් එලිය බලා දේශපාලන කළා ඇති. තමන්ගේම කියල ප්‍රතිපත්ති ගරුක දේශපාලන මාර්ගයක් හදා ගත්තොත් හොඳයි නේද ? (නදී)
වරාය නගරය ව්‍යාපෘතිය එසේම කර ගෙන යෑමට නව රජය විසින් ගෙන ඇති තීරණයේ තේරුම මහින්ද මහතා විසින් ක්‍රියාත්මක කරන්නට සැලසුම් කළ ව්‍යාපෘතිවල ඇති ප්‍රායෝගික භාවයයි. එසේම, හතු පිපෙන්නා සේ පහල වුනු වෙබ් අඩවි වාර්තා අනුව යමින් රාජපක්ෂ දූෂණය ගැන නන් දොඩවන මිනිසුනට කියන්නට ඇත්තේ කරුණාකර ඒ බව ඔප්පු කරන්න. එතෙක් කට තිබුණු පලියට සහ අත තිබුණු පලියට දූෂණය දූෂණය යැයි කෑ මොර දෙන්න එපා යන්නයි. (නදී)
මදැයි මාත් ලියන්න කියලා හිතුවා. දැන් ඉතින් මොනවා ලියන්නද? කෙටියෙන් එකක් කියන්නම්. ඔයාලා කළ සේවය හොඳටම ඇති. අපි තවමත් හොයනවා ඔයාලගේ කෙරුවාවේ තක්සේරුව! (නි)
ඔබලාගේ ආණ්ඩුව කාලේ මෙහෙම කට ඇරලා , ආණ්ඩුවෙන් හිරිහැර වෙනවා කියලා ප්‍රසිද්ධියේ කාටවත් කියන්නවත් පුළුවන් වුණාද? (නි)
ඔබතුමන්ලා පරාජය වී නැත. ජනතාව ඔබ සමඟ ඉන්නවා. (නි)
දැන් ඉස්සර වගේ වගකීමක් නැති වැඩ වලට මේ රජයෙන් උදවු දෙන්නේ නැහැ. (නි)
වෙනසක් බලාපොරොත්තු වුණ අපට දකින්න තිබෙන්නේ මොනවාද? (නි)
බේබිලා කරපු සේවය හොදටම ඇති. මිනිස්සුන්ට හොදට මතකයි ඒවා. (නදී)
අපිට ඕනෑ මහින්ද මහතාවමයි (නි)
සා/පෙල වත් සමත් නැති අය ජනාධිපති උපදේශකවරු කරලා. සභාපතිවරු කරලා. හර බැර දන්නේ නැති ජොතිෂකාරයෝ රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂක මන්ඩලවලට දාලා මාසෙට ලක්ස ගනන් පඩි ගෙවලා, දේශපාලනේ අගක් මුලක් දන්නෙ නැති නලු නිලියො පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුවෙන් යවලා. එක එක කිරුලවල් වලට ප්‍රකෝටි ගනන් වියදම් කරවලා කරපු හරියම ඇති ඔබලාගේ පාල නේ තේරුම් ගන්න. (නදී)
නාමල් පුතේ ඉදිරියට යන්න. ඔබට තෙරුවන් සරණයි (නදී)
රණසිංහගේ ඔයාට තාම ඇස් ඇරිලා නෑ වගේ. (නදී)
හරේන්ද්‍ර, එක එක මහත්වරු නෙමෙයි රටට ඕනෑ. ප්‍රතිපත්තිමය දේශපාලනය ඉගෙනගන්න. පුද්ගලයා නොව කරන කියන දේ බලායි ඡන්දය දෙන්නේ. මහින්ද මහත්තයා යුද්ධය දිනුවා. ඒකට කළගුණ සළකන්න දෙවැනි වතාවටත් ජනාධිපති කළා. නමුත් රටට හොඳක් වුණාද? නැහැ. (නි)
මෙයාලා හොඳ හොඳ සෙල්ලම් දැම්මා තාත්තා ඉන්නකොට. ගම්වල මිනිස්සු මොනවද දන්නේ. ඔය බේගල් අතෑරලා දැන් මිනිස්සු රවට්ටන්න බැහැ. ඔයාලට ආයේ බලයට එන්න බැහැ (නදී)
අපේ මහින්ද ජනපතිතුමා නැවත එනවා. ජනතාවට දැන් තේරිලා තියෙන්නේ (නි)
මහින්ද නිසා දැන් පාරේ බැහැල යන්න පුළුවන්. එ්කවත් මතක නැති අය කියන කතා අපි ගණන් ගන්නේ නැහැ (නදී)
ඕනෑවට වඩා අනුකම්පාව ගන්න ගියොත් වෙන්නේ ලැබෙන්න තියන ඡන්ද ටිකත් වෙන අතකට යන එකයි. (නි)
අපි දැක්කා ඉඹුල්ගොඩ භාවනා මධ්‍යස්ථානය. කොහොමද කට්ටියගේ වැඩ? (නි)
රණසිංහ ඔයා හරි මාත් අනුමත කරනවා (නදී)
අමිල, 2005 මතකද, මංගල, ශ්‍රීපති, ජෙයරාජ්, ජවිපේ හා හෙළ උරුමය උදව් නොකරන්න මහින්ද තාමත් ගෙදර. අපි දැක්කා මහින්ද ඒ අයට හා සරත් පොන්සේකාට කළගුණ සලකපු හැටි. මේ පළදුන්නේ දිට්ටිදම්ම වේදනීය කර්ම. මේ පව් ගෙවන්න තව ගොඩාක් කල් යනවා. එතකන් නිහඩව ඉන්න. මේක බුදුන් වැඩිය රටක්. (නදී)
රට හදන්න යන්න කලින් වගකිවයුතු දේශපාලකයෙක් විදියට හැසිරෙන්න. ඔබ ඉහල යායුත්තේ බිම් මට්ටමේ සිට දේශපාලනය ගැන අවබෝධයෙන් විනා පියාගෙන් ඉනිමගක් ඉල්ලාගෙන නෙවෙයි. ඉස්සෙල්ලා පක්ෂයේ ජේෂ්ඨයන්ට ගරු කරන්නවත් ඉගෙන ගත්තොත් හොඳයි. (නදී)
මෙයා නිසා තමයි අර රත්තරන් මනුස්සයත් අපිට නැතිවුනේ. (නදී)
අපි මහින්දට ආදරෙයි. හැබැයි නාමල්ට දේශපාලනය ගැන තව ගොඩක් ඉගෙනගන්න තිබෙනවා. කවුරු කවුරුත් මහින්ද මහතා පැරදුන එකට වගකියන්න ඕනෑ. (නි)
අවසානයේ දේශයක් දිනු නායකයෙක් පරාජය වුණා (නි)
ඔයාල නීතිය කැඩුවා. ලංකාවේ අධිකරණය වෙනස් කළා. මේක බෞද්ධ රටක් මේවට පිටින් යන අයට වරදිනවා. (නදී)
මේ මොන යහ පාලනයක්ද. කලින්නේ තිබුනේ දේශප්‍රේමී ආණ්ඩුව. ලෝකේ කොයි රටේද ඒවගේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබ්බේ. කුඩු සැකකාරයෝ බේරගන්න පරීක්ෂණ නවත්තන්න ලජ්ජා බය නැතිව නිර්භීතව, ක්ෂණිකව, ක්‍රියාත්මක වෙන හැටි ලෝකයටම ආදර්ශවත් ලෙස ක්‍රියාවෙන්ම පෙන්නන කොට. (නදී)
අතපත්තු, මම ඔබගේ අදහසට ගරු කරනවා. යුද්ධය අවසන් කළාට පසුව බඩු මිල අඩුනොකළාට පුන්නක්කු මිල පමණක් ඉහළ යන්නේ නැතුව පාලනය කළ නිසා "මොළ සේදූ" අයට එතරම් දැනුනේ නැහැ. (නි)
ඡන්ද දිනන්න එක එක කාන්ලා නලුවො ගෙනාවාම හරියි කියලා හිතන ඔයාලට රට දුන්නොත් මොකින් මොකක් වෙයිද දන්නේ නැහැ. හරිම භයානකයි. අනික හිටපු විධායක ජනපති පුතා වුනු ඔබට මොන අනුකම්පාද රටෙන්? (නදී)
අන්තර්ජාලයේ ගොඩක් දේ තිබෙනවා. තව මොන කතාද? (නි)
රණසිංහ මහත්තයෝ නිදහස් දවසේ ජනාදිපතිතුමා කල කතාවෙදි මහින්ද මහත්තයා අමතක කලේ නෑ. ඒත් මහින්ද මහත්තයා සරත් ෆොන්සේකා මහත්තයා ඉතිහාසයෙනුත් මකලා දාන්න හැදුවා. වෙනසක් නෑ කියන්නේ කොහොමද? (නදී)
අද තාක්ෂණය දියුණුයි. හොර මැරකම් වහන්න බැහැ. ඒ නිසා කවුරුන් හෝ වැරදි කර ඇත්නම් පහු වෙලා හරි එලියට එනවා . ඕක තමයි ලෝක සත්‍යයය. අවුරුදු 10 ක් ජනපතිකම් කරලත් ඇයි මේ බලයට ඔචච්රම කෑදර? (නදී)
තව තව සෙල්ලම් තව ඉදිරියට හෙළිවේවි (නි)
අනෙක් අයට කළ දේවල් තමා මහත්තයෝ ඔයාලට පටිසන් දෙන්නේ (නි)
මිනිස්සු එයාලට දෙපාරක් දුන්නා. එයාල පොඩි මිනිස්සුන්ට මොනාද කලේ. (නදී)
මෙච්චර සහන දීලත් මිනිස්සු කියනවා දෙගොල්ලම එකයි කියලා. අනේ මන්දා මිනිස්සු දුන්න දේ ගැන සතුටු වෙන්නේ නෑ. (නදී)
කොටි බය නැතිවුණාට සුදුවෑන් බය ඇතිවෙලයි තිබුණේ.දැන් තමයි ඇත්තටම නිදහස තියෙන්නෙ (නි)
බලයේ ඉන්නකොට කොහොමද කතා කළේ ? නැවත මහජනයා ලඟට යන්න හිතුවද ? (නදී)
මෙයා තාමත් මිනිස්සුන්ට කතා කරන්නේ ඕයි, තමුසේ කියලාද දන්නේ නෑ. (නදී)
බලය තියන කොට මහජනයා ඉස්සරහ කතා කලේ කොහොමද දැන් කොහොමද කතාව (නදී)
ඉන්දියාවේ නළුවෝ ගෙනල්ලා දේශපාලන වේදිකාවට නැංවූවා. මේ රටේ තරුණ පරම්පරාව ගැන මේ අය හිතාගෙන ඉන්න හැටි තමයි ඒ. (නි)
අපි කන පාන් කෑල්ලෙන්,පරිප්පු ටිකෙන්,කිරිපිටි ටිකෙන්,වාහන බලපත්‍ර අලුත් කිරීමෙන් වැඩිකළ බදු මුදල් වලින් "පිස්සු නැටූ" යුගය ගැන පරීක්ෂණ කරලා නීතියක් තිබෙන රටක් කියලා ඔප්පුකර පෙන්වන්න. (නි)
මහින්ද මහත්තයා යුද්දෙ ඉවර කළේ නැත්නම් ඉතින් කාගෙත් නැටුන් ඉවරයි. චන්ද්‍රිකා හදන්නෙ ඉලග ජනපති ලෙස විමුක්තිව ගේන්න. නාමල් ඉදිරියට එන එක බාදාවක්. ඉතිරි ටික කාටත් වැටහෙනවනේ (නදී)
රටේ වාසනාවට,රට ගැන දෙවියෝ බුදුන්ගේ ආශිර්වාදය ලැබිලා රට නිදහස් කරගන්න ලැබුනා.තව අවුරුදු 6 කට දුන්නා නම් අපේ රටත් ඉතියෝපියාවක්, සෝමාලියාවක්,බංගලිදේශයක්,උගන්ඩාවක්, කෙන්යාවක් කරලා තමයි පස්ස බලන්නේ. (නි)
රටේ හතර දිග්භාගයේ "ජනාධිපති මන්දිරම" කීයක් තිබෙනවද?ඒ මන්දිර නඩත්තුව සඳහා කොපමණ මුදලක් මහජන මුදල් කාබාසිනියා කරනවාද කියලා පරීක්ෂණ කරන්න.ජෙනරල් ෆොන්සේකාට සියලු පරීක්ෂණ කිරීමට බාරදෙන්න. (නි)
නිල් බලකාය කරපු හදිය මදිද ? (නදී)
ඔබලා කරපු සේවය අපිට කියන්න එපා මල්ලී (නදී)
බුදු අම්මෝ පෙරේත කම (නදී
ඔයාලා නීතිය කැඩුවා. ලංකාවේ අධිකරණය වෙනස් කළා. මේක බෞද්ධ රටක්. මේවාට පිටින් යන අයට වරදිනවා. මොනවා කරන්නද? පහුගිය කාලයේ නුඹලා වැපිරූ දේවල් වල අස්වැන්න තමයි ඔය. (නි)
නාමල් පුතේ ගෙදර යන්න ගිහින් නිදිය ගන්න (නදී)
නාමල් පුතා කල, කල, දේ පල, පල දේ තමයි ලෝක දර්මය (නදී)
පුතේ, තරහාවෙන්න එපා. දේශපාලනයෙන් ඉවත්වෙන්න (නි)
ඔයාල මේ පාරත් ආව නම් කී දෙනෙක්ට ජිවිත අහිමි වේවිද කියන්න බැහැ (නදී)
ඒ තමයි ලෝක ස්වභාවය මහත්තයෝ (නි)
යුද්ධය අවසන්කළාට තුති! ඒත් ඊටපස්සේ කළ කිසිදෙයක් ගැන සාධාරනීකරණය කිරීමට උත්සාහ ගත්තාට වැඩක් නැත. (නි)
මට නම් පවු කියලා හිතෙනවා (නි)
මහත්තයෝ, ඔබ සහ පවුල මාධ්‍ය ඉදිරියේ සහ ජනතාව ඉදිරියේ කවර රංගනයක යෙදුනත්, කුමන කතා කිවුවත්, ඔබලාගේ හෘද සාක්ෂිය ඉදිරියේ, පරම සත්‍යය ඉදිරියේ, ඔබ හැමදෙනා නිරුත්තර බව මා මෙන්ම ඔබත් දන්නවා. (නි)
දැන් ඔයාට තේරෙනවද අපි ඔයා ගැන හිතපු විදිහ? (නදී)
ජෙනරල් ෆොන්සේකාට කළ දේවල් තමා ඔය පටිසන් දෙන්නේ (නි)
ලොවක් දිනූ මහින්ද, රට හැදුවේ මහින්ද, සිංහලයා බේරාගත් මහින්ද, අපිට ඕනෑ මහින්ද.... (නි)
දැන්ද අසරණ මිනිස්සු මතක් උනේ අද ඔය විදියට ඉන්නේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නිසා. (නදී)
නාමල් මහත්තයෝ මෙතක් කල් කරපු දේවල් හොඳටම ඇති. ඔය රගර් පාරක් ගහගෙන කාල්ටන් එකට වෙලා ඉන්න. (නදී)
අපිට නම් ඕනෑ හොඳ ජනාධිපති කෙනෙක් (නි)
හොඳ වෙලාවට පැරදුනේ. (නදී)
ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට.(නදී)
ලංකාවේ ඉන්න මිනිස්සු හරි ආත්මාර්ථකාමීයි. (නි)
කොළඹින් පිටතටත් පිටතින් කොළඹටත් නිතරම ඉගිල්ලුනු හෙලිකොප්ටර් හඬ දැන් නැවතිලා. ඔයාලගේ සේවය නතරවෙලා හින්දා. සිවු දෙසින් තවත් එන අයට දැන් පිදුරු පාර්සලෙකුයි පුන්නක්කු බෝතලෙකුයි ද දෙන්නේ? (නදී)
මේ වගේ පුවත් පසු ගිය රජයේ ප්‍රචාරය කිරීමටත් බයෙන් හිටියේ. දැන් පුවත් පත් නිදහස තිබෙන නිසා මේ වගේ පුවත් අපට දැනගන්න පුළුවන්. ලංකාදීප ඇසෙන පුවතට ස්තුතිය. (නදී)
හිටපු ජනපතිට පක්ෂව අදහස් දමන අයගේ අදහස් හරි බොළඳයි. තර්කයක් නැහැ. නිකන් ඔහේ කියවනවා (නි)
ඉස්සර වෙලා වැඩිහිටියන්ට කතා කරන්න ඉගෙන ගන්න (නදී)
කාංචන පෙරේරාගේ කතාව නම් සහතික ඇත්ත. (නි)
නාමල් බබා, ඔයගොල්ලෝ විතරද සැප විදින්නේ? (නදී)
මම නම් කියන්නේ ඔබ කරුණාකර මේ දේශපාලනයෙන් සමුගන්න (නි)
රජකම් කෙරුවත් කළකම් පලදේ (නදී)
දැන් ඉතින් ඔය දේවල් කිව්වට මිනිස්සු ගණන් ගන්නේ නෑ.(හේ)
කට්ටිය මහින්ද මහත්තයාගේ හෙවනැල්ලටත් බයයි.එකයි ඔය කෑගහන්නේ.රටේ මිනිස්සුන් එතුමාට තියන ආදරය එතුමා එලියට බැස්සම පේනවා. මිනිස්සු මැරිලා එපදිල නැහැ.කියවන අයගේ තරම මිනිස්සු නොදන්නවයි.(හේ)
නාමල්, මම ඔබට ආදරෙයි. ඔබ මගේ පුතෙක් වගේ. ඔබේ වැඩ දෙස මමත් බලාසිටියා. ඔබගේ පියාණන්ගේ පරාජයට සුමනදාස වගේම ඔබගේ ඇතැම් ක්‍රියාවන්ද හේතුවුණ බව මට හිතෙනවා. ඔබගේ ශ්‍රේෂ්ඨ පියාණන් නැවත රජයක් පිහිටුවන එක වැඩි දෙනෙකුගේ අපේක්ෂාවයි. ඔබගේ වැරදි අඩුපාඩු හදාගෙන ඒ බව මහජනයා ඉදිරියේ සනාථ කළයුතුයි. ඔබේ තරුණකමට මතුවන සිතුවිලි සහ මහජනතාවගේ සිතුවිලි වෙනස් බව අවබෝධ කරගත යුතුයි. විවේචනයට උපේක්ෂාවෙන් සවන් දෙන්න. වැරදි නිවැරදි කරගන්න. (නි)
මොනවා කරන්නද බේබි,පහුගිය කාලයේ ඔය බේබිලා වපුරපු දේවල්වල අස්වැන්න තමයි ඔය.(හේ)
මෙයාලා මෙච්චර රඟන්නේ යහපාලනය නිසා තමයි.(හේ)
පරස්ථාවක් ගැන හිතුවොත් නරකද? (හේ)
එත් මේ රටේ බුද්ධිමත් ජනතාවට සැබෑ වෙනස දැනිල ඉවරයි.(හේ)
රට නිදහස් කර ගත්තු "ජාතික වීරයා වන"ජෙනේරල් ෆොන්සේකා ඡන්දය පැරදිලා දින දෙකක් යන්නත් කලින් තිරිසනෙක් කුදලාගෙන අරන් යනවා වගේ අරන් ගිහින්, තමන්ට හිතැති විනිශ්ය මණ්ඩලයක් ඉදිරියේ ඉරිදා,පෝය දවස් වල පවා නඩු අහල හිරේ දැම්මා. රටම විනාස කරපු දුෂිශිතයන්ට, හමුදා කුමන්ත්‍රනයකින් නැවත බලය අල්ලන්න හදපු අයට විරුද්දව එහෙම නොකරපු වරදට මේ රජයටත් ජනතාවගෙන් සමාව ගන්න සිද්ද වෙන දවසක් එනවා අනිවාර්යයි. (නදී)
බලයට පත් වූ හංස කණ්ඩායම දිගට හරහට නොයෙකුත් දේවල් සෙව්වා. සොයා ගත්තාය කිවා. මාධ්‍යත් ඒවා ගැන පෙරහැරක් පෙන්නුවා. නමුත් ඒ සොයා ගත්තු දේවල් පස්සේ නිතයානුකුලයි කිව්වේත් හංස ගෘප් එකමයි. එයින් පෙනෙන්නේ මහින්ද මහත්තයා වරදක් නොකල බවයි. ඔබ සැමට ජය නියතයි. (නදී)
ලම්බෝගිනි ,ෆෙරෙර්රි,පොර්චේ කාර් 7-8 ක් ගුවනින් ගෙනත් දුන්නු රාජ්‍ය නායකයෙක් ලෝකයේ කොහෙද ඉන්නේ?කටුනායකින් කාර් ටික ගොඩ බානකොට ගත්තු සහ නැවත ඡන්දයට කලින් පරදින බව දැනගෙන පිටරටකට කාර් ටික පටවන ෆොටෝ මගේ ලග තියෙනවා. (නදී)
රන්දික, නිල් බලකායේ ටි ෂර්ට්ස් ඇඳගෙන හිටියට මේගොල්ලෝ නෙවෙයි අර නරක වැඩ කලේ. (නදී)
අපි කිසිවක් දන්නේ නැති "ගොඩේ බයියෝ'' කියල වෙන්න ඇති හිතන් ඉන්නේ? (නදී)
දැන්ද මිනිසුන් ගැන අනුකම්පාව හිතුනේ. කරපු වැඩ අපේ රටේ මහජනතාව දන්නවා (නදී)
නාමල්, මාස කීපයකට ඉස්සෙල්ල දනව්කන්දට ආවෙ ඇයි? මිනිස්සු කියන කතා ඇත්තද?(නදී)
අමිල, ඉන්නේ මේ රටේද? මහින්ද මහත්තයා යුද්දේ ඉවර කෙරුවේ තනියමද? නිකං ගුණ මකු නරුමයෙක් වගේ ෆොන්සේකා මහත්තයාවයි හමුදාවයි අමතක කරන්න එපා. ජවිපෙයි හෙළ උරුමයයි බල නොකර හිටියා නම් මහින්ද මහත්තයා කවම දාවත් යුද්ධ කරන්නේ නැහැ. උන්නැහේ අන්තිම මොහොත වෙන තුරුත් බලය රැක ගත්තේ කොටි මන්තරේ ජප කරලා (නදී)
දූෂණ චෝදනා එකක්වත් තාම ඔප්පු කරගන්න බැරිවුනා. සහෝදර සමාගම කියල කිව්වා. අළුත් ජනපති ආපු ගමන් මල්ලි ටෙලිකොම් සභාපති කලා. අනිත් මල්ලි තාම නීතිවිරෝධීව වැලි ගොඩ දානවා. ලොකුවට චෝදනා නගපු පෝට් සිටි එකත් දැන් හොදයිලු. තමන්ගෙ සාක්කුවටත් කොමිස් එනවා නම් ඕවා අනුමත වෙයි. අරලිය මැදුර සුඛෝපභෝගී කලේ මුලින්ම ප්‍රේමදාස ජනාධිපති. කාලයත් එක්ක ඒව නවීකරණය වෙන්න ඕන තමයි. මහින්දගේ පැමිණීම සිංහල බහුතරයගෙ පැතුමයි. (නදී)
නුඹලා මොන ජනරැලි පැවැත්තුවත් වැඩක් නැහැ. ජනතාවගේ බදු මුදලින් රජ සැප විදපු නුඹලා කන බත් පතෙනුත් බදු ගැහුවා. ඒ නිසා රටේ මිනිස්සු දැන් කැමති නැහැ (නදී)
මිනිස්සු තේරුම් ගන්න කොට වේලාව ගිහින්.(හේ)
දැන් වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි.(හේ)
මිනිස්සුන්ට තේරෙන්න ටිකක් කල් යයි.(හේ)
කොල්ලන්ගේ කෙල්ලන්ගේ කන් වලට පෑන් තියල ගහපු, ගුද මාර්ගයට කටු කම්බි බස්සපු. තරුණ ජිවිත ටයර් වලින් පුච්චපු මුළු ලංකාව පුරාම භීෂණය පතුරපු. ජනාධිපති කෙනෙකුගේ පුතෙක් දේශපාලනය කරනවා නම් මිනිස්සු ඡන්දෙත් දෙනවා නම් ඇයි මේ අයට බැරි. නාමල් කියන්නේ රට බේරගත්ත ජනාධිපති කෙනෙකුගේ පුතෙක්. (නදී)
අනේ බේබි, ඔයාල ඇත්තටම රටට ජනතාවට ආදරේද? ඔයාලගේ කෙලි එකින් එක දැන් හෙළි වෙනවා. මේ රටේ මොලය තියෙන මිනිස්සු ඔයගොල්ලන්ට ආයේ ඡන්දෙ දෙන්නේ නැහැ. පිට රට වල ඉඩම් අරන් මාලිගා හැදුවා නේද? (නදී)
නාලනී, ඔබගේ අදහස අහද්දිත් මගේ අැගේ මයිල් කෙලින් වෙනවා බියටම. (නදී)
පසුගිය කාලයේදී අප බලා සිටියේ ඔබේ පිළිවෙල ගැනයි. සමහරුන්ට බලය ඇලජික් වෙද්දී ඔබට බලය අසීමිතව ලැබිලත් මදි උනා. එ්ක නිසා ඔබේ ශ්‍රේෂ්ඨ පියාණන්ට ගරු දේශපාලනයක් කරන්නට ඉඩ සලසලා ඔබ දේශපාලනයෙන් ඉවත් වෙන්න. නැතහොත් පියා ළඟටම වෙලා ඔබ අතින් සිදුවෙන්නෙත් මර්වින් සිල්වා කල දේමයි. (නදී)
මම අමිලගේ කතාවට එකග වෙනවා.(හේ)
මමත් ශ්‍රී ලංකා කාරයෙක්, මහින්ද මහත්තය රටට හොඳ වැඩ ටිකක් කලා. නමුත් වැඩි හරියක් කලේ මෝඩ වැඩ. ජ්‍යෙෂ්ඨ පුද්ගලයන්ට කිසිම ගරු කිරීමක් නොකළ පියාගේ බලය මත උඩඟු වී, අනාගත සිහින මැවු නාමල් මල්ලිත් මේවට වග කියන්න ඕනා. තමන්ගේ වැරදි හදා ගත්තොත් අවුරුදු 20 කින් වත් ආයේ ඇමති කෙනෙක් වත් වෙන්ඩ පුළුවන් වෙයි. (නදී)
අපි දන්නවා කරපු හරි සේවය කරලා වැඩි වෙලා තමයි ගෙදර ගියේ ..(හේ)
රට බේරා ගත්තේ ජීවිත පරිත්‍යාගයෙන් සරත් ෆොන්සේකා සහ පිරිසයි. (නදී)
නාලනී, මහින්ද නෙමෙයි රට බේරාගත්තේ සරත් ෆොන්සේකා. මහින්ද යාපනයට වත් ගියේ නෑ යුද්දේ කාලේ. කරුණු දැනගෙන කතා කරන්න. (නදී)
දේශපලනයේ එන පොඩි දරුවත් පටන් ගන්නේ කොමිස් ලක්ෂ 66500කින්.ඒක මුළු ලංකාවම දන්නා රහසක්.(හේ)
මෙයාට ඕන වුනේ පක්ෂයේ ජේෂ්ඨයන් ටිකත් පැත්තකට තල්ලු කරලා ඊළඟට රටේ ලොක්කා වෙන්න. (නදී)
ගිය රජයෙන් ලැබුණු ලොකුම දේ අබය දානය. කන්න ටිකක් දුන්න ගමන් මැරිලා ඉපදුනා වගේ සමහරුන්ගේ කතාව. (නදී)
ආණ්ඩුව හැදුවේ කොහොමද කියල ප්‍රතිපලේ බැලුවම පේනවා. සහන දීල දගලන්නේ කාට බයේද කියල ජනතාව දන්නවා. (නදී)
තාත්තටයි, බාප්පලයටයි පුතාටයි කොටිය පෙන්නලා ජාතිවාදය වපුරලා නැවත වරක් මිනිස්සුන්ව ගොනාට අන්ද්දවන්න බෑ. ඕනෑම කෙනෙකුට රටේ වෙනස දැනිල තියන්නේ (නදී)
මටත් ලැම්බෝගිනි එකක් බදු නැතුව ගන්න පුළුවන් උනා නම් ෆුල් සපෝර්ට් එක දෙනවා. (නදී)
නාමල් කියන්නේ මොනවද මම එකෙන්ම ඔයාලා එක්ක (නදී)
මන්දිරේ ඉන්නකොට හම්බවෙන්න බෑ. දැන් කාල්ටන් නිවසේදී හම්බවෙන්න පුළුවන්. ලියපු කිසි ලිපියකට පිළිතුරු නොදුන් අය දැන් හම්බවෙලා ලබු කන්නද? (නදී)
අනේ දැන්වත් කට වහගෙන ඉන්නකෝ. මේගොල්ලන්ට වැඩ කරන අය කුඹුරට දාල වැඩගන්න. (නදී)
මේවා අහන මෝඩයෝ ඉන්නවා ඇති රටේ. ජනතාවට කිසිම සහනයක් දුන්නද යුද්දේ දිනුවා කියලා. අඩුම ගානේ තෙල් මිලවත් අඩු කරන්න බැලුවද. හැමතැනම දුෂණ තිබුනේ. සල්මන් ඛාන් නෙවෙයි ජනතාවට ඕනේ කලේ. උසස්පෙළ සමත් අයට බාහිර උපාධියක් කරන්නවත් දුන්නද ? එ්කටත් ලක්ෂ එකහමාරකට වඩා යනවා. රාජ්‍ය මාධ්‍ය කියල හදාගෙන විරුද්ධ අදහස් වලට ඉඩක්ම දුන්නේ නැහැ. ජාත්‍යන්තර සම්බන්ධතා බිද වැටිලා ස්වාසිලන්ඩ් වගේ දුප්පත් රටවල් සහ ආසියානු රටවල් 2ක 3ක් පමණයි හිටියේ. කට්ටඩියෝ ලංකරගෙන උන්න මිසක් ජනතාව ගැන හිතුවා නම් ඔහොම වන්නේ නැහැ (නදී)
තාමත් ලංකාවේ මෝඩ මිනිස්සු ඉන්නවා කියල හිතල වෙන්න ඇති මෙ කතා කියන්නේ. (නදී)
ගහපු කොමිස් ගැන කිය කියා ඉන්නේ නැතුව ඔප්පු කරලා පෙන්නන්නේ නැත්තේ ඇයි කියනවද කව්රු හරි (නදී)
කොන්ඩේ කපල මිනිහෙක් වගේ එන්න එපැයි. නිකක් වැඩක් නැති කොල්ලෙක් වගේනේ දැන් පෙනුම. (නදී)
මොනවා කරන්නද බේබි, පහුගිය කාළයේ ඔය බේබිලා වපුරපු දේවල්වල අස්වැන්න තමයි ඔය. (නදී)
බේබි මහත්තරු වින්ද සැප හොඳටම ඇති. (නදී)
ඔබට සුබ අනාගතයක් ! (නදී)
වැඩිමහලු පරිනත දේශපාලකයෙක් කරුණාවට පුතා යයි ආමන්ත්‍රණය කලාම "මට තාත්තල දෙන්නෙක් නැහැ" කියල කියන්න තරම් උද්දච්ච බේබිල ශ්‍රී ලංකා දේශපාලනයේ ඉන්නවා. ඒ ගැන කනගාටුයි. (නදී)
ඔයාලා කතා කරනකොට ටිකක් පරිස්සමෙන් කතා කරන්න. මහින්ද අායෙත් දිනනවා. වැඩිය උඩ පනින්න එපා (නදී)
මහින්ද මහත්තයා යුද්දේ ඉවර කෙරුවේ තනියම (නදී)
නලිනි ඔයා තාම අගහරු ලෝකෙද? කවුද ඔයාට ප්‍රවෘත්ති දෙන්නේ දෙන්නේ? (නදී)
අනේ දැන්වත් කට වහගෙන ඉන්නකෝ (නදී)
කොහොමද මගේ අනාවැකිය. විමුක්ති ඉදිරියට ගන්න චන්ද්‍රිකා ගහපු ගැටේ. ලබන මාසේ විමුක්ති එලියට එනවා. නාමල්ට ගරහන අය එ්කට මොකෝ කියන්නේ. අනේ විමුක්ති බේබි හොදයි කියාවි. (නදී)
ලක්ෂ 57ක් ගත්තේ කොහොමද කියල 5 පන්තියේ ළමයිනුත් දන්නවා. සමෘද්ධි , කුපනිස වගේ රජයේ නිලදාරීන් යොදවලා ලංගම බස් වලින් සෙනග ගෙනල්ලා, අදාල විධායකයේ බලය පෙන්නලා කොටින්ම රාජ්‍ය බලය මුළුමනින්ම යෙදෙව්වා. දැන් කියනවා බලය තියෙන්නේ අපිට කියලා. 17 සංශෝදනය ක්‍රියාත්මක කලා නම් මහින්දට 57න් බාගයක්වත් හම්බෙන් නෑ. ජනාදිපති වෙලා ඉදල දැන් අගමැතිකමට කුරුමානම් අල්ලන්නේ කපුටා කේජු කෑල්ලට වහ වැටිලා වගේ. (නදී)
බලයට තියෙන කෑදරකම (නදී)
පසුගිය වසර 10 තිස්සේ රජයේ සේවයේ අපිට ඔයාල නිසා වුන හිරිහැර, උසස්වීම් නැවත්වීම්, වැටුප් වර්ධක නැවත්වීම්, නිසි තැන නොලැබීම? මේ සියල්ල ලියු ලිපි එකකටවත් කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නැහැ. මර්ධනයම විතරයි අපිට තිබුනේ. අපේ ජීවිතය එක්ක ඔයාල සෙල්ලම් කලේ. නීතිය හදාරන්නත් අවුරුදු 30 ක වයස් සීමාව දැම්මේ ඔයාලා. (නදී)
අනේ අපොයි (නදී)
දැන් තාත්තයි පුතයි ගොඩයන්න හදන්නේ. ආයේ නම් බාප්පලා ගන්න එකක් නැහැ (නදී)
කරපු සේවය හොඳටම ඇති. (නදී)
සිදුවූ සියල්ල දෙස ජනතාව බලාසිටියේ කරගැනීමට දෙයක් නොතිබූ හෙයිනි. දැනගෙන ගියොත් කතරගම ...නොදැන ගියොත් වෙන ආනිසංසය තමයි පෙන්නා දී තිබෙන්නේ. තරුණයෙක් වශයෙන් දේශපාලනයට පිවිස ජනතාවට සේවයක් කිරීම උදාර දෙයක්. ඔබගෙන් සේවයක් ලබාගන්න කියා ජනතාවට ආරාධනා කළාට විතරක් වැඩක් වෙන්නේ නැහැ. පළමුව මොහොතක් සන්සුන්ව වාඩිවෙලා මෙනෙහිකර බලන්න මොනවද බලය තියාගෙන කළේ කියලා.එතකොට තේරුම්යයි ඒකතමයි මේ තරම් හිරිහැර වෙන්නේ කියලා. (නි)
කොහොමහරි අන්තිමේදී අර රත්තරන් මනුස්සයා අපිට නැතිවුණා (නි)
ඉස්සර කොහොමද කියපු කතා? ජනතාව ඔබලාට වැඩිය උගතුන් සහ උසස් කියා හිතලා ක්‍රියාකළා නම්, ඡන්ද ටික නැතිකර නොගෙන ඉන්න තිබුනා. (නි)
මිනිසුන්ට වැඩක් කරලා දීලා, තමනුත් ටිකක් දේශපාලනය ගැන ගැඹුරින් ඉගෙනගෙන ආවොත් හොඳ නැද්ද? ඔයාලට කරදර කරනවට මේ රටේ මිනිස්සු පළිද? (නි)
"පසුගිය කාලේ මේ රටේ නීතියක් ක්‍රියාත්මක වුණේ නැති හින්දා මේ සියල්ලම යට ගියා. බලෙන් අත්පත් කර ගත් අක්කර 1000 ක් බෞද්ධ විහාරස්‌ථාන සතු ඉඩම්වල මේ වනවිට නිවාඩු නිකේතන විසි දෙකක් ඉදිකරලා තිබෙනවා". (නදී)
අමිල, ඔයා හරි. සිංහලයට හරි ඉක්මණට මුල අමතක වෙනවා (නි)
පව් අනේ! දැන්වත් නාමල් මහත්තයට ටිකක් විවේක ගන්න දෙන්නකෝ. එයා කොච්චර වැඩ ගොඩක් කළාද පහුගිය අවුරුදු කිහිපය තුළ? දැන් එයාට මහන්සි ඇතිනේ. (නි)
මේවා ලිව්වට පමණක් මදි, පිය පුතු දෙපොළට මෙටික කියවන්න හැකිවේ නම් තමා හොඳ (නදී)
කව්රු මොනවා කිව්වත් ලබන පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් එනවා එනවාමයි (නදී)
ඇයි තවත් අඩන්නේ. 57 තවත් පහලට යනවා. (නදී)
ඇයි මෙතරම් බලයට කෑදර ? ඒ කලේ අපි දැක්කා අර දෙමටගොඩ පැත්තේ වයසක මනුස්සයන්ට උද්දච්ච විදිහට කතා කළ හැටි. මම නම් ඔය නිල් බළකා කරපු දේවල් හොඳට දන්නවා (නදී)