අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දී සුළු වේලාවකින් ගාල්ල නගරයේ සිට වක්වැල්ල දෙසට යන මාර්ගයේ වසා තිබූ මං තීරුව විවෘත කැරිණි. පැවති රජයේ දේශපාලන බලපෑම් හේතුවෙන් මේ මාර්ගයේ වක්වැල්ල දෙසට ධාවනය වන මං තීරුව වසරකට වැඩි කාලයක් වසා දමා තිබිණි. එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත්වූ වහාම වක්වැල්ල මාර්ගයේ වසා ඇති මං තීරුව විවෘත කරණ බව වජිර අබේවර්ධන මහතා ගාල්ලේ ව්‍යාපාරිකයන්ට පොරොන්දු වී තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර තිබුන ක්‍රමය මගීන්ට පහසුවක් (ම)
ලොකු උදව්වක්! (ම)
බොහෝ වෙලාවට 'වන්වේ' කරන්නේ වාහන තදබදය නැතී කරනවට වඩා පොලිසියේ වැඩ අඩු කරගන්නද කියලා හිතෙනවා, සමහර පාරවල් දැක්කහම. කොහොම වුණත් වටෙන් යනකොට වැයවෙන්නේ ඉන්ධන වලට රටේ සල්ලි (නි)
ගාල්ලේ මේකද මුලින්ම කරන්න ඕනෑ කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. (නි)
දින 100 දී කරන්න බැරි වුණේ මොකද ? (ම)
දළදා මාළිඟාව අසළ පාර අරින්නේ ඇයි? (නි)
කරුණාකර කඩවත පාරත් අරින්න , වාහන තදබදය එක ගොඩක් අඩුවේවි .(ම)
හොඳයි වැඩේ. මිනිසුන්ට දැන් හරි පහසුයි (නි)
මෙන්න වෙනස! (නි)
මේ වැඩේ කටිටියකට හොඳ වෙන්නත් පුලුවන්. කටිටියකට නරක් වෙන්නත් පුලුවන්.අැයි වැහුවේ? මෙ වැඩේ බාරදෙන්න ඕනෑ පොලිසියට. ස්වාධීනව නිරික්ෂණය කර හරි දේ කළයුතුයි. (නි)
හොඳයි (නි)
මම දන්න විදිහටනම් මේ පාර වහල තිබුනෙ වාහන තදබදය අඩුකරන්න. (ම)
හොඳ වැඩක් (නි)
අනේ මන්දා! සමහරු කැමතියි. සමහරු අකමැතියි.ඉතින් කොහොමද කරන්නේ. (නි)
කරුණාකර ඉහළ ඩික්සන් පාරෙත් ගෙවල් හිමියන්ට වාහනයක් නවත්වන්න දෙන්න. (නි)
නියමයි, මේ සම්බන්ධයෙන් බොහොමත්ම ස්තුතියි (ම)
අන්න කරනවානම් වැඩ .. මනුෂ නානායක්කාරට නේද ඔය වැඩේ පිටිපස්සේ ඉන්නේ .. ගාල්ලේ දී කෙනෙක් කියනවා ඇහුනා (ම)
තිබුන විදිය හොඳයි හොඳ දේවල් වෙනස් කරන්න යන්න එපා (ම)
පාර විවෘත කළ එක නම් ලොකු දෙයක් (නි)
නුවර මාළිගාව ඉස්සරහ පාරත් ඇරියොත් නරකද. (නි)
දැන් නැවතත් පරණ තදබදයම ඇතිවේවි. යහපාලනය ව්‍යාපාරිකයන්ට ඕනෑ දේ නොව ජනතාව ගැනද සිතිය යුතුයි. ව්‍යාපාරිකයන්ට උන පොරොන්දු ගැන විතරක් සලකන්න එපා. අපි මේ පාරේ උදේ හවස යන අය දැන් තද බදය වැඩියි. කලින් තිබුන විදිහ හොඳයි. (නදී)
නියමයි (නි)
දැන් නැවතත් පරණ තදබදයම ඇතිවේවි. යහපාලනය ව්‍යාපාරිකයන්ට ඕනෑ දේ නොව ජනතාව ගැනද සිතිය යුතුයි. (නි)
කලින් වහලා තිබුනේ මොකක්හරි හේතුවක් ඇතුව වෙන්න ඇති. (නි)
හොඳයි වැඩේ. මිනිසුන්ට දැන් හරි පහසුයි (නි)
කවුරු කළත් හොඳ දේ අගය කරන්න ඕනෑ (නි)
ඉතාම හොඳ දෙයක්.ගාල්ලේ වෙසෙන අයෙකු ලෙස මමද මෙය අගය කරමි (නි)
යහපාලනය යනු ජනතාවට යහපතක් කිරීමයි. නමුත් ඔවුන් කළදේම මොවුන්ද කරයි නම් එය අවාසනාවකි. පදිකයෙක් හා රියදුරෙක් ලෙස මේ වෙනස ගැන අප්‍රසාදය පළකරමි. (නි)
මේ පාර ඇරියේ කාටද?පාරක් අයිති කාටද?එදා මාර්ගයක් ඇරඹුනේ මගියාගෙන්.එය අඩි පාරක්. එම අඩි පාර ක්‍රමක් ක්‍රමයෙන් දියුණුවී අද ඇති මහා මාර්ග බවට පත්වුණි. අත් කරත්තෙන්.ගොන් කරත්තෙන් පටන්ගෙන අද තිබෙන වේගයෙන් ගමන් කරන මෝටර් රථය දක්වා පැමිණීමේදී මාර්ගය තැනු මගියාට වුනේ අසාධාරණයකි. එය වටහා ගත් මිනිසා මෝටර් රථ සදහා වෙනම මාර්ග ඉදිකළ අතර එය මගියාට තහනම් විය.එහි අරුත වුයේ අනෙකුත් සියලුම මාර්ග අයිතිය මගියා සතුවීමය.එසේනම් මාර්ගයක අධික තදබදයක් ඇත්නම් එය මගියාට අවහිරයක්නම් ඒ සදහා නිසි පියවරක් ගත යුතුය, එහිදී වෙළෙන්දා හෝ ඉන්දන ගැන සිතීම මගියා නොසලකා හැරීමකි.බල ලෝබී දේසපාලුවන් තමන්ට මූල්‍ය ආදාර දුන් වෙළෙන්දාට හා තමන්ගේ පන්තියේ එකා ගේ මනදොල පිනවීම මිස මෙහිදී අහිංසක මගියා ගැන තුට්ටුවකට මායිම් කර නැත. (බ)
පාර 'වන් වේ' කරලා තිබුනේ වාහන තදබදය අඩු කරන්නනේ (නි)
'වන් වේ' කළේ තදබදය අඩුකරලා වාහන ධාවනය විධිමත් කරන්න. එහෙනම් කොළඹ කොච්චර පාරවල් වල මෙහෙම කරලා තිබෙනවද? ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර වගේ ඒවා වැහුවා කියලා ඒ ව්‍යාපාර වැහුනද? (නි)
එහෙම කරලා තිබුනෙ පහසුවට. කලින් තිබුන විදිය හොඳයි.... (නි)
මේක මහා මෝඩ වැඩක් දැන් අපහු වාහන තද බදය ඇතිවේවි (ම)
බොහොම හොඳ තීරණයක් (නි)
මේවට තීරණ ගන්න නගර නිර්මාණ ශිල්පීන් හා පසුගිය මාර්ග දත්ත අධ්‍යයනය කළයුතුයි. ආණ්ඩු මාරුවුණාට මේ වගේ දේවල් මාරුකරන්න බැහැ (නි)
මේක හොඳ තීරණයක්.මේ පාර වහලා තිබුන එකෙන් වුනේ තදබදය වැඩි වුණ එක විතරයි. අනික මේ පාර වහන්න හේතු වුණේ කාගේ බලපෑමක්ද කියල ගාල්ලේ මිනිස්සු හොඳට දන්නවා. (ම)
ජනවාරි 9 සිට එජාප රජයක් ,,,,,,,,,,,,,,,,,,, (ම)
දලදා මන්දිරය පාරත් විවෘත කළ යුතුයි (නදී)