නියමිත කාලයට පෙර රජය පෙරළා දැමීමට කිසිවකුටත් නොහැකි යැයිද කුමන්ත්‍රණකරුවනට නොරැවටෙන්නැයිද රනිල් වික්‍රමසිංහ අගමැති මුස්ලිම් කොංග්‍රසයේ 19 වැනි ජාතික සමුළුවේදී පැවසීය.
‘රජයේ සංවර්ධන වැඩ නතර කිරීමට විපක්ෂයට නොහැකියි. නැගෙනහිර සංවර්ධනයට සිංගප්පූරුව හා ඉන්දියාව අත දෙනවා. හම්බන්තොට සංවර්ධනයට චීනය අත දෙනවා. ගිය රජය ජනාධිපති මන්දිර හැදීමට ගත් ණය ගෙවීමත් නව රජයට පැවරිලා. මෙම මන්දිර හෝටල් ව්‍යාපාරිකයන්ට දීමට උත්සාහ කළත් කවුරුවත් ඒවා ගන්න කැමති නෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ නොහැකියාව අනුන් පිට පටවන්න එපා (නි)
කරන්න බැරිනම් ගත්තේ මොකටද? මට නම් පෙනෙන්න මේ අවුරුදු දෙකටම මොකුත්ම කරලා නැහැ. දැන් කලින් ආණ්ඩුවට බනිනවා. (නි)
ඇයි පසුගිය ආණ්ඩුවේ අයට බැණ බැණ දඟලන්නේ? කරන්න පුළුවන් අයට කරන්න දීලා යන්න (නි)
අන්තිමේදී අපි දෙගොල්ලන්ගේම පව් ගෙවනවා... (නි)
එහෙම තැටිය ගහ ගහා ඉන්නකෝ. කරන සංවර්ධනයකුත් නැහැ. ගිය රජයේ ඒවාවත් නඩත්තු කරන්න බැහැ (නි)
කුරුණෑගල ගල් පර්වත පුපුරනවා කතා කරදී ප්‍රවේසමින් කතා කරන්න (ම)
මගෙන් අහගන්න එපා. මිනිස්සුයි පව් ගෙවන්නේ. බොරු කියලා බලයට ඇවිල්ලා. කෝ අර වොක්ස්වැගන් කොම්පැනිය. (නි)
පසුගිය රජයේ මන්ත්‍රීලටයි මේ රජයේ මන්ත්‍රීලටයි වාහන පර්මිට් දෙන්න ගිය නිසා ජනතාවට පව් ගෙවන්න සිද්ධවෙලා.මේ පර්මිට් කෙරුවාව නවත්වන්න ඔබතුමාට ශක්තිය ලැබේවා!!! (නි)
ඉතිරි අවුරුදු තුනහමාරත් පසුගිය රජයට බැන බැන ඉන්න. ඔබලාගේ නොහැකියාව තමයි ඔය පෙන්වන්නේ. (නි)
ඔය මොනවා කිවුවත් අන්තිමේදී පවු ගෙවන්නේ මහජනතාව (නි)
මේ ගොල්ලෝ ඇමරිකාවෙයි ඉන්දියාවෙයි ලණුව කෑවද කොහෙද. උන් කියන්න ඇති අපි කියන විදියට වැඩ කරලා මහින්දගේ ආණ්ඩුව පෙරලපල්ලා අපි උඹලට උදව් කරන්නම් කියලා.එ්ක නිසා කාලාන්තරයක් තිස්සේ මහින්ද හොරා හොරා කියලා ජනතාවට ඒත්තු ගන්නලා අපේ සමහරු ඒ ලණුව කෑවා වැඩි සැප ගන්න කියලා මහින්දගේ ආණ්ඩුව පෙරලලා දැම්මා.දැන් මේ ගොල්ලන්ගේ පැත්තවත් බලන්නේ නැද්ද කොහෙද. දැන් ඉතින් කියන්න තියෙන්නේ කුම්බලා මාළු කෑවනම් විදවපන් කියලා තමයි (බ)
ගරු අග්‍රාමාත්‍යතුමනි, රටේ මේ වගේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තිබෙන වෙලාවක මන්ත්‍රීවරුන් ඉතා මිල අධික වාහන පර්මිට් ලබාගැනීම සාධාරණද? මේ ගැන සාකච්ඡාවක් පවත්වන්න. ජනතාවට ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබාදෙන්න. (නි)
ඒගොල්ලන්ගෙයි මේගොල්ලන්ගෙයි දෙගොල්ලන්ගෙම පවු ගෙවන්නේ ඉන්දියාවයි චිනෙයිද? (නි)
අපේ සිංහ කොල්ලොත් ඉන්දියාවට වෙලා පව් ගෙවනවා. කියන්න බලන්න ඔබතුමාලා රට බාරගත් දවසේ ඉඳලා අද වෙනකම් තරඟාවලියකදී අවසන් පුර්ව වටයක් ආපු දවසක්. ඔය කොල්ලොම නේද පහුගිය කාලේ අපිව ජයග්‍රහණය කරා රැගෙන ගියේ. (නි)
මේකට කියන්නේ පව් කියලා තමයි. පාපකාරයන්ගේ පවත් ගෙවන්න වෙන්නේ අපිට. එ්කයි අපිට දුක. (නි)
කාගේ කාගේත් පව් ගෙවන්න වෙන්නේ විශේෂයෙන් සිංහලයාට. විශේෂයෙන් සහජීවනය ගැන කතාකරන වර්තමාන රජයේ පව් ගෙවන්න වෙන්නෙත් සිංහලයාට. (නි)
දේශපාලඥයෝ නිසා අපි පව් ගෙවනවා. (නි)
රටේ හතර දික්බාගයේ හැදුවයි කියන ඔය කියන ජනාධිපති මන්දිර ටික පෙන්නුවා නම් ඉවරයිනේ. (නි)
ඒ කතාව සහතික ඇත්ත. මහජන මුදලින් පිස්සු නටලා එක පුද්ගලයෙක්, එක පවුලක් වෙනුවෙන් හදපු ජනාධිපති මන්දිර, භාවනා මධ්‍යස්ථාන, ශාරීරික සුවතා මධ්‍යස්ථාන......... මේවා ජාතික අපරාධ. දැන්වත් දැඩි දඬුවම් දෙන්න. (නි)
මේ රටට විනාශයක් කරන අයට නම් හොඳක් වෙන්න එපා (නි)
ගිය රජය වැරදි කලානම් ඒ වැරදි නිවැරදි කර ගන්න අවුරුද්දක් හොදටම ප්‍රමාණවත්. (ම)
කොහොමත් යු එන් පී කියන්නේ අදක්ෂයෝ රජ කරන තැනක්. (නි)
මෙයා කවදද වැඩ කළේ? මතකද 2002 සිට 2004? එක රැකියාවක් දුන්නද? මිනිස්සු මෙයාලගේ බොරුවලට රැවටුනා. අපි නම් දැනගෙන හිටියා මේ අයට වැඩකරන්න බැරි බව. (නි)
සල්ලි අතේ තියෙන අයගෙන් එපැයි අහන්න ගන්නවද කියලා. අද ව්‍යාපාරිකයන්ටත් සල්ලි නැහැ. හැබැයි, වැඩි දුර යන්නේ නැතුව වටේ ඉන්න අයගෙන් අහලා බැලුවා නම් ගන්න කැමති අය ඇති එක පයින්ම. (නි)
ජනතාව පහුගිය 68 අවුරුද්දේ පාලනවල පව් ගෙවනවා (බ)
සෙබස්තියන්, ඊළඟ පාරත් ඔහොම තමයි.හැමදාම අපි කළෙත් ඕක තමයි. ඡන්දෙට ගිහින් කතිරේ ගහල උඩ පනිනවා. ඊට පස්සේ ටික දවසකින් අඩනවා. රට ගැන හිතන එකෙක් වත් දැන් දේශපාලනයේ නැහැ. ඔක්කොම එන්නේ පරම්පරාව හදාගන්න.තිත්ත වුනත් ඇත්ත එ්කයි.(බ)
ඇයි ගිය ආණ්ඩුවට වඩා මේ පාර දීමනා වැඩි කෙරුවේ මේ පාර බ්‍රේස්ලට් එපා මහජනතාවගේ බඩ තද කරගන්නට හොඳ පටියක් දෙන්න (බ)
මගේ පරණ මෝටර් සයිකලේ හදන්න ගියාම බාස් උන්නැහේ කියන්නෙත් ඔය කතාවමයි....කව්ද මහත්තයෝ මේක කලින් පාර හැදුවේ.... (බ)
එහෙම බැලුවොත් ගිය ආණ්ඩුව අසූ ගණන් වල ඉදන් තිබ්බ ආණ්ඩු වල පව් ගෙව්වා. බැරිකම වහගන්න ඕව කියලා වැඩක් නෑ.. බලය දුන්නේ වැඩ කරන්න.. වැඩකාරයෝ අනුන්ගේ වැරදි කියව කියව ඉන්නේ නැ..(බ)
මහින්ද හැම මන්දිරයක්ම හදලා තියෙන්නේ රාහු කාලේ. එයාගේ නරක වෙලාවේ කළ දේවල් (නි)
ඔබතුම කියවා බලන්න ගිය ඉරිදා පත්තරේ තිබුන කෝකිලායි ප්‍රදේශයේ ජීවත් වෙන සිංහලයන් ගැන තියෙන ලිපිය...කවුද පවු ගෙවන්නේ කියලා තේරෙයි..(බ)
ඔබතුමා ඡන්දය ගන්න ඉස්සෙල්ලා කතා කරපු එ්වයි, දැන් පාර්ලිමේන්තුවේ ඇතුලේ කරන රඟපෑමත් එළියේ කරන රඟපෑමත් දැක්කම අනේ අපේ සිංහලයන් කොහෙද ඉන්නේ කියල හිතෙනවා. (බ)
අගමැතිතුමනි, මේ කියන්නේ බොහොම කරුණාවෙන්. ඔය සිව්පදේ අහලම දැන් අපිට අජීර්ණය වෙලා. මීටවඩා වෙනස්දෙයක් ගැන අපි කතාකරමුද? මොකද ජනතාව දන්නවා ගිය රජයේ පව් දැන් අවුරුද්දක් තිස්සේ හෝදනවා මිසක් මිනිසුන්ට දැනෙන දෙයක් නොකළ වග. දැන්වත් දුප්පත් මිනිස්සු ගැන හිතන්නකෝ. (නි)
මහින්දත් 1948 ඉඳලම එකතුවුණු පවු ගෙවලා කුණු හෝදලා රට පිරිසිදු කළා. ගුණමකුකමට ටික දෙනෙකුට 2005 ට කලින් රට තිබුණු හැටි මතක නැහැ (නි)
මහින්දව එලවල අදට දවස් 438ක් වෙනවා. කලින් කිව මහින්දගේ දවසක වියදම ලක්ෂ දෙසිය ගානක් කියල. දැන් ඒ ඉතුරු වුන සල්ලි කෝ? ඇමතිවරු හොර කාපුවනම් ඉතුරු නැතුව ඇති. මොකද ඒ සේරම හොරු ටික දැන් මේ කට්ටිය එක්කනේ. තවත් කයිය ගහන්නේ නැතුව වැඩක් කරන්න කරුණාකරලා. (බ)
අලුතෙන් වැඩට එන, වැඩ බැරි මේසන් බාස්ලා කියන්නෙත් ඔය කතාවමයි. කලින් බාස්ගේ වැරදි විතරයි. මම නම් ඕවා කියාගෙන එනකොටම ඒ බාස්ව අයින් කරනවා. අපි අත්දැකීමෙන් දන්නවා වැඩ බැරි මිනිහාගේ හේතු කියවිල්ල ගැන. (නි)
මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් නිකුත්කිරීමෙන් රජයට එකතුවෙන්නේ විශාල බරක් (නි)
හැම ආණ්ඩුවකම පව් අපි ගෙවනවා (ම)
හැම දෙනෙක්ම කියන්නේ කලින් තිබුණු ආණ්ඩුවේ පව් ගෙවනවා කියලා. නමුත් අහිංසක ජනතාවට වෙලා තියෙන්නේ දිගටම සැම රජයක්ම කරපු පව් වලට කරගහන්නයි. ඔබතුමාත් මේ අගමැති වුණේ දෙවෙනි වතාවට. දැනටමත් පාලන කාලයෙන් හතරෙන් එකකට කිට්ටු කාලයක් අවසන්වෙලා. මේපාරවත් ඒ සියලු පවු සෝදාහරින ක්‍රමයක් සොයා නොගත්තොත් අායෙත් කවදාවත් ජනතාවට ඔලුව උස්සන්න නම් වෙන්නේ නැහැ. (නි)
මෙම මන්දිර කතාවත් අර නවීකරණය කරපු ගුවන්යානය වගේද දන්නෙ නැහැ (නි)
ඉතින් ඒ ගොල්ලන්ටම කරන්න දීලා හිටියා නම් ඉවරයිනේ (නි)
ඉතින් ඇයි ඔබතුමාලා ඉල්ලලා අරගත්තේ? (නි)
මහ බැංකුවේ මහ මංකොල්ලයත් මන්ත්‍රී වාහන පර්මිට් රේගුවේ පැජරෝ බඩු මංකොල්ලයත් මහින්දගේ අවතාරයේ වැඩක්ද (බ)
පව් නොගෙවා ඉවත් වෙන්න (ම)
මහත්තයෝ, තාම පව් ගෙවන්න වුණේ නැහැ හරියට (නි)
රට ආපස්සට යන්න නොදී වැඩ බැරිකම සඟවන්න එපා අනුන්ට දොස් නගනවා (ම)
දන්නේ නැති නිසා අහන්නේ. ඔය කියන සංවර්ධනය කොහෙද ඇත්තටම තියෙන්නේ? (නි)
දැන් අවුරුද්දකුත් පහුවෙලා. තාම ඔය බයිලා එක කිය කියා ඉන්න. ඊළඟ මහමැතිවරණයේදී අපි බලාගන්නම් (නි)
මොකද ඉතින් දැන දැන ළිඳට පැන්නේ මිනිසුන්ට බොරු කියලා. (නි)
අපි ඉතින් මෙයාලගේ පව් ගෙවනවා (නි)
අගමැතිතුමනි, වංචාව සහ දුෂණය සම්බන්ධව ඔබේ දෑත් පිරිසිදුයි කියලා අපි දන්නවා. හැබැයි, අනුන්ගේ පවු ගැන කියා කියා බකන් නිලන් ඉන්න නෙමෙයි ප්‍රගතිශීලී ජනතාව ඔබට බලේ දුන්නේ. ඇති අනුන්ගේ අඩුපාඩු කිව්වා. දැනටමත් ප්‍රමාද වැඩීයි. වැඩ කරන්න. රට ගොඩනගන්න ඔබට පුළුවන් කියලා ක්‍රියාවෙන් ඔප්පු කරන්න. එය ඔබට පුළුවන්. අපට විශ්වාසයි. ජය ශ්‍රී. (බ)
ලෝකේ මොන රටෙත් හැමදාමත් අලුත් රජයන් පත්වුණාම කලින් රජයන් වල කළ දේ වල ප්‍රතිපල ලැබෙනවා. ඕක නොදැන ඉන්න බබෙක්ද? එහෙම එපානම් හැමදාම විපක්ෂයේ ඉන්න තිබුනනේ. නිකන් බොරු බයිලා එපා. එහෙමනම් 2001-04 කොටින්ට සියලු පහසුකම් දීල ඔවුන්ට බලවත් වෙන්න සියලු පහසුකම් ලබාදීමේ ආදීනව විඳින්න වුනේ එයින් පසුව ආ රජයට නෙවෙයිද? වැඩ බැරි අයට හැමදාම මොනවා හරි ඇදයක්. (බ)
ඉතින් අනුන්ගේ පව් බලෙන් කරටගත්තේ මොකටද? (නි)
කරන්න බැරි නම්, බැහැයි කියන එක වෙනම කතාවක්. ඔය නාහෙන් අඬන එක නම් මට පෙන්නන්න බැහැ. ඇත්තම කියනවා නම් මීට කලින් හිටි නායකයෝ නම් අනුන්ට දොස්කියමින් අවලාද නැඟුවේ නැහැ, තමන්ට පුළුවන් ටික කළා මිසක්. එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්මයත් අනිත් නායකයෝ යුද්දේ තමන්ට ඉතුරු කරලා ගියා කියලා හඬමින් හිටියා නම් ජනතාවට ඉතුරු වෙන්නේ කිඹුල් කඳුළු විතරයි. (නි)
ඔයාලා විපක්ෂයේ ඉන්නකොට හරියට වැඩ කළේ නැහැ. බකන්නිලාගෙන ඉඳලා දැන් ඒවායේ පව් ගෙවනවා කිවුවොත් හරි නේද? (නි)
ඔබතුමාලට ඡන්දෙ දෙන අය ගැන මට ඇත්තේ අනුකම්පාවක් මිස තරහවක් නොවේ (නි)
මහජනතාව වන අප ගෙවන පවු හොඳටම ඇති (නි)