ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයෙන් මහ බැංකු අධිපති ධූරයට නම් කැරුණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති හමු වී සුහද පිළිසඳරක නිරත විය.
1950 අප්‍රේල 03 වැනි දින උපත ලැබූ කුමාරස්වාමි මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් හා බ්‍රිතාන්‍ය හැරෝ විද්‍යාලයේන් මූලික අධ්‍යාපනය ලැබූවෙකි.
කීර්තිමත් තානාපතිවරයකු වූ රාජු කුමාරස්වාමි මහතාගේ පුත්‍රයකු වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මානව හිමිකම් ක්‍රියාධාරිනියක වන රාධිකා කුමාරස්වාමිගේ සහෝදරයෙක් ද වේ.
ඔහු සිය මූලික උපාධිය බ්‍රිතාන්‍ය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් අතර ආචාර්ය උපාධිය බ්‍රිතාන්‍ය සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇත
අන්තර්ජාතික ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය කුමාරස්වාමි මහතා1973 වසරේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව සමග සම්බන්ධ වී ඇති අතර ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාලේඛන සහ බැංකු අධීක්ෂණ කොට්ඨාශ නිලධාරියෙකු ලෙස 1989 වසර දක්වා සේවය කර ඇත.
1981 සිට 1989 කාලයේ මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශයට ද අනියුක්ත කොට තිබූ කුමාරස්වාමි මහතා 1990 සිට 2008දක්වා බි‍්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වශයෙන් ද මහලේකම් වරයාගේ කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර තිබේ. පසුව නැවතත් පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ සේවයට එක් වන ඒ මහතා සමාජ ප‍්‍රතියෝජන වැඩසටහන් අංශයේ අන්තර්වාර අධ්‍යක්ෂක වශයෙන් ද කටයතු කළේය.
කුමාරස්වාමි මහතාගේ බිරිය තාරාය. ඔවුනට පුත්තු දෙදෙනෙක් සිටිති.
දක්ෂ ක්‍රීඩකයෙකු වූ ඔහු 1974 දී ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ නායකත්වයද දරා ඇත.
කොළඹ රාජකීය විද්‍යාලයේ රගර් කණ්ඩායමේද නායකයා වූ ඔහු කේම්බ්‍රිජ් සරසවියේ ක්‍රිකට් කණ්ඩායමේද සාමාජිකයෙකි.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටෙත් ජාතියේත් ගෞරවය රැකගෙන රාජකාරි කරන්න. අයුතු ප්‍රතිලාභ වලට යටවෙන්න එපා. විනිවිදබාවය ක්‍රියාවෙන් ඔප්පුකරන්න. මම ඔබතුමාට සුබ පතමි. (නි)
ඔබතුමා විශ්‍රාමික වයසට පැමිණි විද්වතෙක්. විදේශගතවෙලා ලේ දහදිය හෙළා කීයක්හරි හොයාගෙන ස්ථිර තැන්පත් ගිණුමක් ඇරලා බැංකු පොළියකින් පිනක් දහමක් කරගෙන යාන්තමට කාලා ඇඳලා ජීවතේ ගෙව්ව අපිට පහුගිය ආණ්ඩුවත් මහබැංකු ලොක්කත් අපිට ලැබුණ පොළිය 50 % කින්ම කපලා අපිව කබළෙන් ළිපට දැම්ම. අද හෙට අලුතින් අච්චුගහන සල්ලි කොලවල ඔබතුමාගෙයි ජනාධිපතිතුමාගෙයි අත්සන් සඳහන්වෙලා ඒවා ඉතිහාසගත වේවි. ඒවා පෙරකළ පින්. ඒවාට අපි සුභ පතනවා. උද්දමනය අහස උසට ගිය මේ සුන්දර යුගයේ අපේ පොළිය ටිකක්වත් වැඩිකරලා අපේ අවසාන කාලයේදී වැට් බද්දටත් දායකවෙලා අපි බොන බෙහෙත් ටිකවත් ගන්න පොඩි උදව්වක්වත් කළොත් ඔබ දෙපළටම පින්! (නි)
මහා බැංකු අධිපති විගණනයට බඳුන් කරන්න බැරිබවක් අසා තිබෙනවා. එසේ නම් නීතිය වෙනස් කළයුතුයි. ජනපතිතුමා ගැන විශ්වාස කරමි. (නි)
පෙනුමනම් විල්සන් ගුණරත්න වගේ (බ)
මාගේ කාලයේ නොවේ වුනත් ,මා ගිය පාසලින්ම අධ්‍යාපනය පටන් ගත් ( රාජකීය විද්යාලය ) මෙතුමාට මාගේ උණුසුම් සුබ පැතුම් , රටට සේවයක් ලැබෙනවා කියා සිකුරුය (බ)
කිසිම චෝදනාවකට ලක් නොවූ මෙතුමා අවංක නිලධාරියෙක් රාජ්‍ය සම්පත් අවභාවිත නොකරන ලද මෙතුමා සොයමින් රැස් කළේ විශ්ව දැනුම පමණි ඉන් රටට සේවයක් කිරීමට අවස්ථාව උදා වී ඇත (බ)
ශ්‍රීමාලි පළපුරුද්ද ඉතා වැදගත් වයස නොවේ මොහු ඉතා උගත් අවංක පුද්ගලයෙක් දේශපාලනය කරපු අයෙක් නොවේ (බ)
ඔබතුමාට අපගේ උණුසුම් සුබ පැතුම්.(හේ)
කලින් හිටපු කෙනාටත් ඔය වගේ අදහස් පළවුනේ බලමු (බ)
අපි දන්නා හැටියට රටේ සුදුසු මිනිස්සු නැත්නම් තම රැකියා පිට රටට දෙන්නේ. මෙච්චර සුදුසු අය ලංකාවේ ඉද්දි ඇයි අර්ජුන් මහේන්ද්‍රන් ට මේ රැකියව දුන්නේ? (බ)
ජනාධිපතිගේ තීරණයට ජයශ්‍රී (බ)
කොටි ඩයස්පෝරාවට ඕන විදියට තමයි අපි ඔක්කොම නැටවෙන්නේ (බ)
ආදී රාජකීයයෙකු වන ඔබට සුබ පැතුම්! (නි)
හොරකම් කළ ඉතිහාසයක්, හොර ව්‍යාපාර වලට සම්බන්ධවෙලා නැත්නම් රටේ වාසනාව. රෑ වැටුන වළේ දවල් වැටෙන්න ඕනෑ නැහැනේ. (නි)
යහපාලනය තහවුරු වූ බව දැකීම සතුටට කරුණක්. ඒ කිව්වේ අර යෝජනා වී තිබුන නම් වලින් කෙනෙකුත් නොවී අහවලා සම්ප්‍රාප්ත වනතුරු බලා සිටීමකුත් නැතුව සුදුස්සාට නිසි තැන හිමිකරදීම නිසයි. (නි)
කොයි තරම් හොඳ බෙර කාරයෝ ගෙනාවත් නැටුම නටන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න පරම්පරාගත පරණ නැට්ටුවොමනේ? (බ)
සතුටුයි මෙවැනි තීරණයක් ගැනීම පිළිබඳව. (නි)
මොකුත් පළකරන්නත් බැහැ ජාතිවාදය ඉස්මතුවෙන නිසා. ජාතියේ කොඳු නාරටිය ටිකෙන් ටික කැඩෙමින් පැවතීම ගැන නම් කියන්න බොහෝ දේවල් තිබුනත් නොකියාම සිටිමි (නි)
ඔබට සාර්ථක අනාගතයකට ආසිරි! (නි)
ඔහු හොඳ සුදුස්සකු යැයි සිතේ. (නි)
තේරීම එතුමාගේ, තීරණය මෙතුමාගේ වගෙයි. කවුරු වුණත් කමක් නැහැ රටට යහපතක් වෙනවා නම්. (නි)
ඔහු සුදුස්සෙක් බව පේනවා. (නි)
කලින් එක්කෙනා නුසුදුසු වුණේ ඇයි කියලා ඔයගමන්ම කිව්වා නම් හරි. ඔහු ගැන තිබුණ චෝදනා තහවුරු වුණාද? මුදල් වංචාවක් වෙලා නම් ඒවා අයකරන්නේ කොහොමද? බදු ගෙවන ජනතාව වන අපට මේවා ගැන දැනගන්න අයිතියක් තියෙනවා. (නි)
ඔබතුමාට අපි මුලු සිතින්ම සුබ පතමු! (නි)
ශ්රී ලංකාවේ පවතින නීතිය අනුව රජයේ සේවකයන් අවුරුදු 60 න් පසු විශ්‍රාම යායුතුයි. මෙම පත්කිරීම ගැන මට වටහාගැනීමට බැහැ (නි)
බුද්ධිමතෙක් බව මුහුණෙන්ම පේනවා. (නි)
අපේ අහිංසක බලාපොරොත්තු නැතිකරන්න එපා (නි)
මට මතකයි කලින් හිටිය මහා බැංකු අධිපති වර්ණසේන රාසපුත්‍රම් , අපිට නං ජාතිබේදයක් තිබ්බේ නෑ. මේ පාරත් ප්‍රශ්නයක් නෑ , නමුත් තත්වය වෙනස්. (බ)
අපි හිතුවා යහපාලනයෙන්වත් දේශපාලන පත්වීම් නතර කරයි කියලා (නි)
අපි බලමුකෝ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද කියලා (නි)